Population of Females turn into Males during Puberty

ගැහැණු ළමුන්ට පුරුෂ ලිංග වැඩෙන නගරයක්
ikmangossiplanka
ජොනී දිවි ගෙවන්නේ ඩොමිනිකන් ජනරජයේ කුඩා නගරයක. ‘ගුවේවඩොසිස්’ නමින් හැඳින්වෙන පිරිසට අයත් ජොනී වැනි තවත් අය මේ කුඩා නගරයේ සිටිනවා. ‘ගුවේවඩොසිස්’ යන නාමයට ඉතා කිට්ටුවෙන් යන සිංහල පරිවර්තනය ‘දොළොස් වියේදී පුරුෂ ලිංගය’ ලෙස දැක්විය හැකියි. ජොනී ජීවත් වුනේ ගැහැණු ළමයෙක් ලෙසින්. ජොනී වැඩිවියට පත් වීමෙන් අනතුරුවයි ඔහුගේ පුරුෂ ලිංගය වැඩෙන්නට පටන් ගත්තේ. ගැහැණු ළමුන් පිරිමි ළමුන් බවට පත් වන මේ නගරය ගැන සැල වූ වහාම මුලින්ම එහි ළඟා වූ ඇමරිකානු වෛද්‍යවරිය ජුලියාන් මැගින්ලි. ඒ හැත්තෑව දශකයේදී. මේ අබිරහස ගැන
පර්යේෂණ කළ ඇය එහි විද්‍යාත්මක හේතුව හෙළිදරව් කළා. ජාන සංයුතියේ ඇති විකෘති භාවයක් නිසා මේ පිරිමි ළමුන්ගේ ලිංගේන්ද්‍රිය පසුව වැඩෙන බව ඇය සොයා ගත්තා. හැත්තෑව දශකයේ සිදු වූ මේ හෙළිදරව්ව ඔස්සේ ගිය තවත් පර්යේෂකයෙකු ඒ සඳහා ඖෂධයක් නිපදවීමට සමත් වුනා. ඉහත කී ජාන විකෘතිය සහිතව ලොව පුරා උපදින දරුවන්ට ඒ ඖෂධය අද පිළිසරණක් වී තිබෙනවා.

No comments:

Post a Comment

Popular Posts