Chat With Anoja Weerasinghe

''මට මගේ ලස්සන පේන්නෙ දැන්..''
ikmangossiplanka.com
ලෝකයේ හොඳම නිළිය ලෙස නවදිල්ලි සිනමා උළෙලේදී රජත මයුර සම්මානය දිනූ අනෝජා වීරසිංහ 1991 දී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ "මානසවිල" ඔපෙරාවට එක්‌ වන්නට කැමැත්ත පළ කළාය. ඒ ඇය ලැම්ඩා හි රංගනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබ පැමිණි අලුතය. ඉගෙන ගත් දේ පුහුණු වීමට ඔපෙරාවට එක්‌වීම හොඳ අවස්‌ථාවක්‌ බව කේමදාසයන්ගේ අදහස විය. "මම ඒ කාලේ හුඟක්‌ කාර්ය බහුලයි. චරිතයකට පණ දෙන්න, දිනපතා පුහුණුවීම්
කරන්න වෙලාවක්‌ තිබුණේ නෑ. තමන්ගේ නිර්මාණවලදී හිතට දැනෙන හඬ සහ ආංගික අභිනයන් ශිල්පීන්ගෙන් මතු කරවා ගන්නට කේමදාසයන් මහන්සි වෙනවා. ඉන් පස්‌සේ මාස්‌ටර් තමයි යෝගා ඉගෙන ගන්න අපිව වීඩා කේනමන් මහත්මිය ළඟට යෑව්වේ. යෝගා පුහුණුවෙන් ශරීරයට, හිතට සුවයක්‌ දැනුණා. ඒත් යෝගා ගැන අපිට වටිනාකමක්‌ දැනුණේ නෑ. එනිසා " මානසවිල" සමග යෝගා පුහුණුවත් නතර වුණා. අනෝජා වීරසිංහ එසේ ප්‍රකාශ කළාය.
ඒත් පසුකාලයේ මට මානසික සුවය ලබා ගන්න ඉවහල් වුණේ යෝගා. එදා යෝගා අතහැරියත් අද මම "යෝගා" වලට බැඳිලා. අද මම මගේ ජීවිතයේ ඇතුළාන්තයේ ලස්‌සන දකින්නේ යෝගා නිසා.
බොහෝ අය හිතනවා, ඔබ ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්නවා කියලා
ඔව්..... බොහෝ දෙනා බොහෝ දේ කියනවා. අනෝජාට ඔල්මාදේ... අනෝජාට කැන්සර් එකක්‌, අනෝජාට සසර කලකිරිලා. කොණ්‌ඩෙ කපාගෙන ජනප්‍රිය වෙන්න හදනවා. එහෙම තමයි කියන්නේ. ඒ කතාන්දර මගේ හිතට කිසිම දුකක්‌, තරහක්‌ ගෙන එන්නේ නෑ. යෝගා ආසන පුහුණුවීම් කරද්දී මට මගේ දිග කොණ්‌ඩය හරිම වධයක්‌ වුණා. වරෙක ඉහළට බඳිනවා. වරෙක බෙල්ලට බඳිනවා. පුදුම විදිහට දාඩිය දාලා කොණ්‌ඩය තෙත බරිත වෙනවා. සිවානන්ද ආශ්‍රමයේ හිස බූ ගෑ බටහිර රටවල කාන්තාවන් හුඟ දෙනෙක්‌ හිටියා. ඔවුන් තුළ මම දුටුවේ බොහෝ නිවුණු, සැනහුණු බවක්‌. මේ වෙද්දී මමත් මනුෂ්‍යයකු ලෙස දැඩි වෙනස්‌කම්වලට බඳුන්වෙලා හිටියේ.
මොනවද ඒ වෙනස්‌කම්
2000 ජනවාරියේ ජනාධිපතිවරණය ඉවර වෙද්දී දේශපාලන පළි ගැනීමකට මගේ මොණරාගල නිවස ඇතුළු සෑම දේපලක්‌ම ගිනිතබා විනාශ කළා. ඉතිරි වූ එකම දේ ගිනිබත් වූ බිත්තියේ එල්ලෙමින් තිබු බුදු
ikmangossiplanka
පියාණන්ගේ පින්තූරය විතරයි. ඒ පින්තූරය දෙස බලද්දී මගේ හිතට පුදුම සැනසීමක්‌ දැනුණා. උන්වහන්සේ දෙසූ අනිත්‍යය නේද මේ කියලා දැනුණා. හිතේ දුක තුනී වුණා. භෞතික වස්‌තූන් කෙරෙහි නිබූ ඇල්ම එදා සෑහෙන දුරට මගේ හිතෙන් ඇත් වුණා. ඉන් පසු සුනාමිය ආවා. 2004 දී පැල්පත්වලත්, මහා මන්දිරවලත් හිටපු අය යාචකයන් සේ පාසල් පන්සල්වල වැටිලා ඉඳිද්දී ආයෙත් හිතට තදින් දැනුණා. අනිත්‍ය භාවය. මිනිස්‌සු පණ පිටින් දැවෙන රටක ගැහැනියකගේ කොණ්‌ඩය කියන්නේ මොකද්ද කියලා මගේ හිත කියන්න පටන් ගත්තා. අතහැරීම පුරුදු වෙන්න හොඳම දේ තමයි කොණ්‌ඩය බූ ගා දැමීම. ඉන් මට ලොකු සැනසීමක්‌ දැනෙන්න පටන් ගත්තා.
සම්මානනීය නිළියක්‌ වන ඔබ රඟපෑම අතහැර අද යෝගාවලට සමීප වෙලා?
ඔව්.. කාලයක ඉඳලා මගේ දණහිස්‌ ආබාධයක්‌ තිබුණා. හිතවත් මාධ්‍යවේදීනී නිශානි දිසානායක මට කිව්වා යෝගා පුහුණුවන්න ඊට හොඳම තැන ඉන්දියාවේ නෙයියාර් ඩැම් හි සිවානන්ද යෝගා වේදාන්ත ධාන්වන්තර් ආශ්‍රමය කියලා. මම ගියා. ආශ්‍රමයේ සිටි දින දහය තුළ ශාරීරික හා මානසිකව මා පුදුමාකාර සුවයක්‌ වින්දා. ඒ විදිහට තමයි මම මුලින්ම යෝගාවලට යොමු වුණේ. ඉන් පසු මම දිගින් දිගට යෝගා පුහුණු වුණා. අන්තර් ජාතික සිවානන්ද ගුරු පුහුණු වැඩසටහනටත් සහභාගී වුණා. මම අපේ තවත් පස්‌ දෙනෙකු මේ පුහුණුවට කැඳවාගෙන ගියා. ඉන්පසු 2008 දී හිමාලයේ රිෂිකේෂ්වලටත් එහා තිබෙන නේපාල සිවානන්ද ආශ්‍රමයට ගියා.
සති තුනක්‌ එහි රැඳී ඉඳලා ද්විතියික ප්‍රාණයාම දැඩි හික්‌මීමකින් පුහුණු කළා. පාන්දර හතරට අවදි වෙලා නාලා පිරිසිදු වෙලා පාන්දර පහේ ඉඳලා ප්‍රාණයාම කරනවා. පාන්දර හතරට නැගිටලා සීතලේ ගැහි ගැහී නාගනිද්දී සංසාරේ කොතරම් දුකක්‌ද කියා හිතෙනවා. එදා බුදු පියාණන් වහන්සේ මේ ප්‍රදේශවල කොතරම් දුක්‌ විඳින්න ඇත්ද කියා හිතෙනවා. එවිට ක්‍ෂණයෙන් මගේ දුක පහව යනවා. ඉන් පසු 2009 දී මදුරෙයි සිවානන්ද ආශ්‍රමයේ මාසයක ද්විතියික ගුරු පුහුණුව ලැබුවා.
රංගන ක්‍ෂේත්‍රයේ සිටි කාලයේදී ඔබ මානසික පීඩාවන්ට ලක්‌ වූ නිසා මෙවැනි වෙනසකට යොමු වූවා කිව්වොත්...
ඔව්. මම වසර ගණනාවකට කලින් ඇති වූ බොහෝ කරදර දුක්‌ඛ දෝමනස්‌සයන් නිසා මානසික ලෙස පීඩා විඳි කෙනෙක්‌. මම දැඩි ලෙස මානසික විශාදයෙන් පෙලුනා. කිහිප වරක්‌ මම මගේ ජීවිතය නසා ගන්න උත්සාහ කළා. ඒ දවස්‌වල මම මොනතරම් අසනීප වුණාද හිසේ අමාරු, පපුවේ අමාරු, කොන්දේ අමාරු ආදරය, ගෞරවය, ආරක්‍ෂාව බාහිරින් සොයන්න යැම සියලුම ප්‍රශ්නවලට මුල බව මට තේරුම් යන්න පටන් ගත්තා.
සිවානන්ද යෝගා ක්‍රමය මේ සෑම කරුණක්‌ දෙසම හොඳින් බලන්නට ශාරීරිකව, මානසිකව සිරකරගෙන තිබූ
ikmangossiplanka.com
අසුබවාදී සියලු දේ ඉවත් කර ගන්න ඉවහල් වුණා. අපේ රටේ මිනිසුන්ගේ ශාරීරික, මානසික, ආධ්‍යාත්මික සෞඛ්‍යය යහපත් කරන්න, එතුළින් සාමාජයීය සෞඛ්‍යය යහපත් කරන්න මොනතරම් උදව් වෙන්න පුළුවන්ද කියා මට දැණුනා. සිද්ධාර්ථ තවුසා හින්දු භක්‌තිකයෙක්‌ නිසා යෝගා දර්ශනයේ සමහර තැන් බුදු දහමට සමීප බව දැනෙනවා. මා වඩ වඩාත් බුදු පියාණන් දේශනා කළ ධර්මයට සමීප වන බවත් මට දැනෙනවා. සිතට සහ කයට නොඇලිය යුතු බව තේරුම් ගියත් ඒ ඇලීම අතහැර ගන්න බැරි වීම නිසා සංසාර ගමන තව බොහෝ දුර බව හැඟê යනවා. සංසාර ගමන අප්‍රමාදව කෙටි කරන්න මම වීර්යය දරනවා.
ඔබ අපේ රටේ ජාත්‍යන්තර මට්‌ටමේ යෝගා වැඩමුළුවක්‌ සංවිධානය කරනවා
ඔව්. මේ යෝගා වැඩමුළුව 27 වැනිදා පෝය දවස උදේ 9 සිට 12.30 දක්‌වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මේ වැඩමුළුව පවත්වන්නේ නොමිලේ. ශිවානන්ද ආශ්‍රමයේ සහකාර අධ්‍යක්‍ෂතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි කරන්නේ. පුනරුත්ථාපනය සහ යෝගා භාවිතය පිළිබඳ හිටපු හමුදාපති දයා රත්නායක මහතා දේශනයක්‌ කරනවා. පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට අපි ඒ දවස්‌වල යෝගා පුහුණුවීම් කළා. කමල් ගුණරත්න, සුදන්ත රණසිංහ, මංජුල ගුණසිංහ කියන උසස්‌ හමුදා නිලධාරීන් අපිට එදා උදව් කළා. මානසික විශාදය, කෝපය පාලනය සහ මානසික ආතතිය, අතහැරීම ගැන විශේෂඥ වෛද්‍ය කපිල ප්‍රනාන්දු මහතාත්, පශ්චාත් ව්‍යසන ක්‍රමික අක්‍රමිකතාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මේ වැඩමුළුවේදී දේශන පවත්වනවා.
මත්පැන් මත්ද්‍රව්‍ය, දිවි නසා ගැනීම්, ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය, ළමා හිංසනය අද රටේ ඉහළම තැනකට ඇවිත්. මේවායෙන් මිදෙන්න ජනතාවට උදව් නොකරන්නේ ඇයි කියා හිතෙනවා. මේ මානසික සෞඛ්‍යය කියන්නේ කුමන මොහොතක හෝ පුපුරා යා හැකි ගිනිකන්දකට.
මම මේ රටෙන් හුඟක්‌ දේ ලබා ගත්තා. මට වෙන කිසිම දෙයක්‌ ඕනෑ නෑ. මට යුතුකමක්‌ තියෙනවා. එය ඉටු කරන්න දේශපාලනයක්‌ ආ යුතු නෑ. මේ වැඩමුළුව එහි එක පියවරක්‌. මට හරිම දුකයි, කිසිම දේශපාලන පක්‍ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයකින් කියා සිටියේ නෑ මානසික සෞඛ්‍ය දියුණුව සඳහා පියවර ගන්නා බවට. මම ආරාධනා කරනවා විවෘතව ආගම් බේදයකින් තොරව 27 වැනිදා අපේ වැඩමුළුවට සහභාගී වී යෝගාවලින් ලබාගත හැකි මානසික සුවය විඳින්න එන්න කියලා.
කලක්‌ රූප සම්පත්තියෙන් අග තැන්පත්ව සිටි ඔබ එදා රඟපෑ චිත්‍රපට අද දකිද්දී දැනෙන්නේ දුකක්‌ද සතුටක්‌ද? අද සමහර අය මට පාරෙදී මුණ ගැහෙනවා. ටී. වී. එකේ ඔයාගෙ චිත්‍රපටයක්‌ ගියා ඒ කාලේ කොයිතරම් ලස්‌සනද කියලා කියනවා.
ikmangossiplanka.com
ඒත් ඒ කාලේ මම සම්බන්ධ වී හිටියෙ මගේ බාහිර දේට. මම මගේ ජීවිතයේ හැම දෙයක්‌ම දැක්‌කේ බාහිරින්. ආදරය, සුව සම්පත්, රන් ආභරණ හැම දෙයක්‌ම බාහිරින්, ඇතුළාන්තය වර්ධනය කළ යුතුයි කියා හිතුවේ නෑ. මාව රැකබලා ගන්න, මට ආදරය කරන්න. කවුරුන් හෝ සිටිය යුතුයි කියා එදා හිතුවා.
ඒත් ඒ සබඳතා එකක්‌වත් එදා සාර්ථක වුණේ නෑ. බාහිර කෙනෙක්‌ සමග මගේ සබඳතා සාර්ථක වෙන්නෙ කොහොමද මම මා සමග ඇති සබඳතාව සාර්ථක නොවී. මම මගේ ඇතුළාන්තයෙන් ශක්‌තිය සෙව්වේ නෑ. මම මට ආදරය නොකර අනෙක්‌ අයගේ ආදරය සෙව්වා. දැන් මට හිතෙනවා එදා මගේ ලස්‌සන තිබ්බෙ බාහිරින් විතරයි. මම දැන් තමයි මගේ ලස්‌සන දකින්නේ. ඉස්‌සර මා එක්‌ක යාළු වෙන්න හදපු හැම කෙනෙක්‌ම උත්සාහ කළේ බාහිරින් මගේ ශරීරය සමග සම්බන්ධ වෙන්න. මේක නිළියන්ට විශේෂයෙන්ම සිද්ධ වන දෙයක්‌.
බාහිරින් සම්බන්ධ වී සිටිනතාක්‌ මම විඳෙව්වා. බාහිරින් මම කොතරම් ලස්‌සන වුණත් එදා මම හිත ඇතුළෙන් දුක්‌ වින්දා. දිවි නසා ගන්න හැදුවේ ඒකයි. ඒත් ඒ දුක මිනිස්‌සු දැක්‌කෙ නෑ. එදා මගේ ජීවිතය අවුල්වෙලා තිබුණේ.
අජිත් අලහකෝන්

No comments:

Post a Comment

Popular Posts