Rajapaksa Property Could Confiscated

රාජපක් ෂලාගේ දේපළ රාජසන්තකයි!
ikmangossiplanka
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID), බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළු ආයතන විසින් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ට අයත් එම ව්‍යාපාර හා දේපළ රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙයි. රාජපක්ෂ පවුලේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා
මුදල් යෙදවූයේ කෙසේද යන්න පිළිබඳව විශේෂ විමර්ශන සිදු කෙරී ඇති අතර එහි දී රාජ්‍ය සම්පත් භාවිත කිරීම, රජයේ මුදල් අයථා අන්දමින් යෙදවීම, නීති විරෝධී ආකාරයෙන් කටයුතු කර තිබීම හා කළු සල්ලි සුදු කිරීම යනාදී බරපතළ වංචා දූෂණ සාක්ෂි සහිතවම ඔප්පු කරගෙන ඇත. රාජපක්ෂ පවුලට අයත් සී.එස්.එන්. (Calton Sports Network) රූපවාහිනී ආයතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට අවසන් කෙරී ඇති බව ද දැනගන්නට ඇත.
සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 230ක මුදලක් යෙදවීම සම්බන්ධයෙන් විමර්ශන රැසක් සිදු කර ඇති අතර එකී විමර්ශනවලට අනුව අදාළ මුදල් යෙදවීම සිදු කර ඇත්තේ ද දූෂිත අන්දමිනි.
සී.එස්.එන්. නාලිකාවේ හිමිකාරීත්වය රාජපක්ෂ පවුලට අයත් නොමැති බව හුවා දැක්වීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබුණත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත්තේ සී.එස්.එන්. නාලිකාව මහින්ද රාජපක්ෂ පවුලේ ව්‍යාපාරික ස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවය.
අයථා අන්දමින් උපයා ගත් මුදල් ඊට යොදවා ඇති බවත් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් සිංගප්පූරු සමාගමක් හරහා සිදු කෙරී ඇති බවත් මූලික විමර්ශනවල දී හෙළි වී ඇත. අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් සී.එස්.එන්. නාලිකාව රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙන අතර සී.එස්.එන්. නාලිකාව සම්බන්ධව සවිස්තර වාර්තාවක් 2015 සැප්තැම්බර් 27 සත්හඬ ඉරිදා පුවත්පතේ පළ වේ.
-දයා නෙත්තසිංහ-

No comments:

Post a Comment

Popular Posts