Three Customs Bigwigs Caught Seeking Bribe of Rs 125 million

කෝටි දොළහමාරේ අල්ලස ගනිද්දී මාට්ටු වුණු ''රේගු ලොක්කෝ''
Lanka Mini Gossip
පසුගියදා වැටලූ රේගුවේ දැවැන්ත අල්ලස් ගනුදෙනුව සම්බන්ධ තවත් තොරතුරු රැුසක් මේ වනවිට වාර්තා වනවා. ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වාහන අමතර කොටස් සපයන ව්‍යාපාරිකයකු වූ පැමිණිලිකරුගෙන් එම අල්ලස් සිද්ධියට අදාළ පැමිණිල්ල ලැබී තිබුණේ 1954 වූ අල්ලස් කොමිසමේ විශේෂ පැමිණිලි අංශයටය. ඒ මීට සති තුනකට පෙරය. ‘මගෙන් පගාව ඉල්ලල කෝල් එනවා ඉවරයක් නෑ..
මට එහෙම කරන්න ඕනකමක් නෑ ඒත් කරදරේ දිගටම තියනවා..’ විදේශ සමාගමක ප‍්‍රධානියාවූ මෙම ව්‍යාපාරිකයාගෙන් අල්ලස් මුදල් ඉල්ලා අදාළ රේගු නිලධාරීන්ගෙන් එල්ල වන කරදරය ඉවසාගත නොහැකි තරමට බරපතළ වූ නිසා ඔහු එය එසේ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නට තීරණය කළ බව එම ඇමතුමේදී පවසා තිබේ.
පැමිණිල්ල කළ මොහොතේ සිට අදාළ පුද්ගලයන් අල්ලස් දැලට කොටුකර ගන්නා තෙක් එම පැමිණිලිකරු කොමිසමේ නිලධාරීන් සමග එක්ව සියුම් නුවණින් මෙහෙයුමක් දියත් කර ඇත්තේ ඉන් පසුය.
රුපියල් මිලියන එක්දහස් පන්සියයක රේගු ගාස්තුවලින් කොටසක් අඩු කරලීම සඳහා අදාළ රේගු නිලධාරීන් රුපියල් මිලියන 140ක අල්ලසක් ඉල්ලා ඇත. ගනුදෙනුව සිදුකිරීමට මුලින්ම තීරණය වී තිබුණේ කොළඹ තරුපහේ හෝටලයකදීය.
රේගු නිලධාරීන් ගනුදෙනුව සිදුකිරීමට ඔවුන් ලබාදුන් දිනය වන විට මුදල් සොයා ගැනීම, ඒවා අංක සටහන් කර ගැනීම, අදාළ තාක්ෂණික ක‍්‍රම වැටලීමට සම්බන්ධ කැර ගැනීම ඇතුළු ගැටලූ රාශියක් ඉතාමත් රහසිගත ආකාරයෙන් සිදු කැර ගැනීමට වැටලීම් නිලධාරීන්ට සිදු වී ඇත. රේගු නිලධාරීන් අල්ලස් දැලෙන් බේරී ගනුදෙනුව සිදුකිරීම සඳහා අල්ලස් දෙන ව්‍යාපාරිකයා එහා මෙහා යවමින් උපක‍්‍රම රැුසක්ද ක‍්‍රියාත්මක කර තිබුණ බව වාර්තා වුණා.
මෙම ගනුදෙනුව සිදුකිරීමට අල්ලස් ඉල්ලූ පුද්ගලයන් එය සිදු කිරීමට යොදාගෙන තිබුණේ පසුගිය බදාදා දිනය. එහෙත් එය පෙරේදා (15* දිනට කල්ගොස් තිබිණි. වැටලීම සිදු කරන්නට හැකිවූ පංචිකාවත්ත ප‍්‍රදේශයේ ස්ථානය ඔවුන් නම් කර ඇත්තේද අන්තිම මොහොතේය.
මෙම අල්ලස් ගැනීමේ ක‍්‍රියාව ඔවුන් කාලයක් තිස්සේ කරගෙන ආ එකක් විය හැකි බවත් එයට සම්බන්ධ තවත් ඉහළ මට්ටමේ පිරිසක් සිටින බවත් අල්ලස් කොමිසම දැන් පවසනවා. ඔවුන් සොයා විමර්ශන සිදු කරන බවත් මේ වනවිට පවසා ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන් කරගෙන ඊයේ ඔවුන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙසේ අල්ලස් කොමිසම රජයේ භාණ්ඩාගාරයෙන් ඉල්ලාගත් රුපියල් මිලියන 140ක මුදල නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයේ තැන්පත් නොකෙරේ. මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කැර කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය මුදල්වලට අදාළ ලියවිල්ලක් මහේස්ත‍්‍රාත්වරයා වෙත ලබාදීමෙන් අනතුරුව එම මුදල් යළි භාණ්ඩාගාරයට ලබාදීමට කටයුතු යොදන බවද වාර්තා වුණා.

No comments:

Post a Comment

Popular Posts