Kahatagasdigiliya School Girls Hand Cut Story

කහටගස්දිගිලියේ සිසුවියන් 11ක් ලේ හලා ප්‍රේමය පෙන්වලා
Lanka Mini Gossip
කහටගස්‌දිගිලිය රත්මල්ගහවැව ප්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස්‌ දෙදෙනකු පෙරේදා (15) පාසල් වේලාවේදී හැට්‌ට කටුවකින් සිය වම් අත් ලේ ගලන තුරු සූරාගෙන තුවාල සිදු කර ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ බුද්ධි අංශයේ නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක්‌ මෙලෙස එකම ආකාරයට අත් සූරාගෙන ඇති අතර, ඒ අනුව ඊට බලපෑ කාරණය හෙළි කර ගැනීමට
එම නිලධාරීන් පරීක්‍ෂණයක්‌ සිදු කරනු ලැබුවා. අනාවරණය වී ඇති තොරතුරු අනුව මැදවච්චිය නගරයේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වන ප්‍රේම සම්බන්ධතාවක්‌ පරාජිත වූ එම විදුහලේ ඉගෙනුම ලබන සිසුවියක්‌ මුලින් මෙම ක්‍රියාවට මුල්වි ඇති බව ප්‍රකාශ වනවා. ඇය සිය වම් අතෙහි ප්‍රේම පුරාණය සිහිවීමට හැට්‌ට කටුවකින් සූරා ප්‍රේමයේ මතක සටහනක්‌ තබාගෙන ඇති බවත්, ඒ අනුව අනෙකුත් සිසුවියන්ද එම ශිෂ්‍යයාව අනුකරණය කරමින් සිය වම් අත් ලේ ගලනතුරු හැට්‌ට කටුවකින් සූරාගෙන ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

No comments:

Post a Comment

Popular Posts