Chat With Anoma Janadare

''මගේම සැමියා මගේ නිරුවත විකුණගෙන කෑවා'' - අනෝමා ජනාදරීගෙන් හෙළිදරව්වක්!
ikmangossiplanka.com
අනෝමා ජනාදරී, ශ්‍රී ලාංකේය සිනමාව සතුව ඇති අති දක්‍ෂ සම්මානනීය රංග වේදිනියන් අතළොස්‌ස අතර, ඉදිරියෙන්ම සිටින්නියක බවට කිසිදු විවාදයක්‌ නැත. එහෙත්... වර්තමානයේ ඇගේ රංග කලාව වඩාත් ප්‍රසාරණය වෙමින් පවතිනුයේ ලේඛන කලාව දෙසටය. "පුනුරුක්‌ති" හරහා සිය ජීවිත කතාව නොවලහා පවසමින් පාඨක සමාජය එමගින් තුෂ්ණිම්භූත කරන්නට එදා ඇය සමත් වූයේ සිය ආත්ම භාෂණයේ සියලු සීමා මායිම්ද බිඳ දමමින්ය. ඇගේ ආත්ම
භාෂණයේ තවත් පැතිකඩයන් කිහිපයක්‌ වෙත පාඨක සමාජය ගෙනගිය ඇය, 'පුනරෝපකථන' සහ 'පුනරාගමන' කෘති ද්විත්වය එළිදක්‌වමින් දැඩි ආන්දොaලනාත්මක චරිතයක්‌ විය. දැන් ඇය 'රඟපෑම' නමැති චරිතාපදාන සාහිත්‍යයට ඉඳුරාම පටහැනි ශාස්‌ත්‍රීය ප්‍රවාද ඇතුළත් ග්‍රන්ථයක්‌ අතැතිව නැවතත් පාඨක සමාජය අවදි කිරීමට සූදානමින් පසුවේ. හෙට 19 වැනිදා සෙනසුරාදා සවස 5.00 ට කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ, පොත් එළි දක්‌වන ශාලාවේදී එය සිදුකිරීමට සියලු කටයුතු සූදානම්ව පවතින මොහොතක 'රඟපෑම' කෘතිය නිමිත්ත කර ගනිමින් අප ඇය හා පැවැත් වූ කතා බහක තොරතුරු මතු ගෙනහැර දක්‌වමු.
ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමේ 'විශ්ව කීර්ති' සම්මානය මවුබිමට දිනා දීමට ඔබ සමත් වුණා. එතනින් මේ කතා බහට ප්‍රවේශයක්‌ ගතහොත්....
අභියෝගාත්මක චරිතාංග රංගන ශිල්පිනියක ලෙස එය මගේ කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ ලෙස හඳුන්වන්නට පුළුවන්. ජෝ අබේවික්‍රම, නීටා ප්‍රනාන්දු වැනි ප්‍රවීණ සහ විශිෂ්ට චරිතාංග ශිල්පීන් දිනා ගත් ජාත්‍යන්තර සම්මානය ම 2003 වසරේදී මටත් ලබා ගන්නට හැකියාව ලැබුණා.
කුමන අතකින් බැලුවත්, ඔබේ කුසලතාවන්ට කිසියම් හෝ අභියෝගයක්‌ කිරීමට තවකෙකු නොමැති බවක්‌ද ඔබ ඔය කියන්නේ?
නිසැකයෙන්ම එවැන්නෙක්‌ නැහැ. නිරුවත සමාජය දේශපාලනික අවියක්‌ ලෙස යොදා ගනිමින්, තිර නාටකයේ සඳහන් මුඛ්‍යාර්ථය අධ්‍යක්‍ෂවරයා බලා පොරොත්තුවන අන්දමට නිර්භීත ලෙසත්, ලඡ්ජා විරහිත
ikmangossiplanka.com
ලෙසත්, රඟ පෑ, රඟ පෑ හැකි එකම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය මම බව නොබියව කිව හැකිය. ඒ වගේම මා නිරූපිත චරිත හරහා පොදු කාන්තාව මුහුණ දෙන අනේක පීඩා අප්‍රමාණ සංස්‌කෘතික, ආර්ථික, සමාජයීය බාධා විද්‍යමාන කළ හැකි වූ බව පැවසිය යුත්තක්‌.
2011 දී ඔබේ ජීවිත කතාව එළි දක්‌වමින් ලේඛනයට අත්පොත් තැබූ ඔබේ පෑන වඩාත් තියුණු සේම මුවහත් වූ බවකුයි එදා අපි දුටුවේ....
ඒක ඇත්තක්‌. එය කිසිවකු බලාපොරොත්තු නොවූවක්‌. ඒ හරහාත් මා ආන්දොaලනාත්මක චරිතයක්‌ වුණා. මා හෙළි කළ තොරතුරු මා තබා සාමාන්‍ය පීඩිත පන්තියේ ගැහැනියක පවා එළිදරව් කිරීමට නොසිතන්නක්‌. නමුත් මා එය සිදු කළේ උපේක්‍ෂා සහගතව. මේ නිසාම ගතානුගතික පවුල් පෙළපත්වාසීන්ගේ අවමන් ගැරහුම්වලට පවා ලක්‌වුණා.
දැන් ඔබ නැවතත් 'රඟපෑම' රැගෙන පාඨකයා මුණ ගැසෙනවා. මේ කෘතියට මූලික වූ පෙළඹවීම කෙබඳුද..?
රඟපෑමට සම්බන්ධ නව නළු රසාස්‌වාදනය සහිත මේ පොත ලිවීමට මට බලපෑ පෙර නිමිති වූයේ මගේ කුසලතා පූර්ණ චරිතාංග නිළි ශ්‍රමය නින්දිත ලෙස සූරා කමින් බඩ වඩාගත්, සංකේතීය ප්‍රාග්ධනය තර කරගත්, එක්‌තරා අධ්‍යක්‍ෂවරයෙක්‌, නිෂ්පාදකවරයෙක්‌ සහ නිෂ්පාදන කළමනාකාරිනියක්‌. මේ අය කවුරුන්ද කියලා මේ රටේ සිනමා ප්‍රේක්‍ෂකයාත්, මගේ පොත් කියවූ පාඨක සමාජයත් හො¹කාරවම දන්නවා.
මා ඉහතින් සඳහන් කළ චරිත තවමත් ඉතාමත් නින්දිත ලෙස සිනමා මාධ්‍යයෙන් පිටස්‌තර සී.ඩී. සහ ඩී.වී.ඩී. මාධ්‍යයෙනුත් තවමත් ඒ චිත්‍රපටය විකුණනවා. මේ අය මගේ නිළි ශ්‍රමයට කළ නින්දිත සදාචාර විරෝධී ක්‍රියාව මම දකින්නේ 'රඟපෑම' නමැති ක්‍ෂේත්‍රයේ අසාමාන්‍ය කුසලතාවක්‌ හිමි මට පමණක්‌ නොව, අනාගතයේ එවන් කුසලතා පූර්ණ කවර ශිල්පිනියකගේ හෝ ශ්‍රමය අවතක්‌සේරු කරන, ආශාස්‌ත්‍රීය තිරශ්චින ක්‍රියාවක්‌ හැටියට. මා ඉහතින් සඳහන් කළ කිහිප දෙනාට අමතරව පෙළ ගැස්‌විය හැකි තවත් ඕනෑ තරම් ශ්‍රමය සූරා කන්නන් අප අතර එමට සිටිනවා.
නළු නිළි කුසලතා අගය නොකර ඔවුන්ගෙන් තුට්‌ටු දෙකට ශ්‍රමය සූරා කන, තමන්ගේම මව්වරුන්ගේ අනුබලයෙන් විවිධ ජාවාරම්වල නිරත වන ගැහැනු ළමයින් දැන ගත යුතුයි, රඟපෑම කියන්නේ බරපතළ සමාජ දේශපාලනික විෂය ක්‍ෂේත්‍රයක්‌ බව. ඒ වගේම එය ගරු කටයුත්තක්‌ බවත් සිහි තබා ගත යුතුයි.
ඔබ කිහිප දෙනෙකුටම බරපතල චෝදනා එල්ල කළ බවකැයි මට හැඟෙන්නේ...
ඔව්· චෝදනාවේ බරපතළ ස්‌වරූපය ඇති වන්නේ ඔවුන් මේ රටේ කොච්චර ලොකු නම් ඇති පුද්ගලයෝද කියන එක උඩ නොවෙයි. මගේ චෝදනාවේ බරපතළ ස්‌වරූපය ඇතිවන්නේ ඔවුන් මගේ වෘත්තියට කර ඇති අසාධාරණය, අත්තනෝමතික තාවය මටත්, වෘත්තියටත් නිගරුවක්‌ වීම නිසායි.
හඳගම හා මා අතර ඇතිවුණු බැඳීම දෙදෙනාගේ වෘත්තීන් ගොඩනඟනා අරමුණින්ම ඇති වූවක්‌. ඊට සමාජ
ikmangossiplank.com
දේශපාලන දෘෂ්ටියක්‌ ද අයත්. තනි තටුවෙන් චිත්‍රපටය රූපගත කර ගෙදර එන අවසන් දිනයේදී සිදුවූ සිඳුනොවිය යුතු සිදුවීමකින් අප අතර තිබූ අෙන්‍යාන්‍ය අවබෝධය බිඳ වැටුණා. සියල්ල සාහසික ලෙස සිදුවීමට පටන් ගන්නේ එතැන් සිට.
ඔබට ඔය සිදුවුණැයි කියන අසාධාරණය හැමදාමත් කියනවා. ඉතිං, ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයකට යා හැකිව තිබෙනවා නේද?
ඔව්. ගැටලුවක්‌ නැහැ. ඒත්... මේ නිර්මාණවලට අප එළැඹ තිබෙන්නේ කිසිදු ගිවිසුමකින් තොරව. මේ සිද්ධියේ නිෂ්පාදකයා මගේ විශ්වවිද්‍යාල සගයෙක්‌. නිෂ්පාදන කළමනාකාරිනිය අපේ කලා නිර්මාණය ඔසවා තබන්නට පැමිණි කාන්තාව. නිර්මාණකරුවා මගේ සැමියා. ඉතිං... කවුද සිතන්නේ ඔවුන් මාව සූරාගෙන විකුණාගෙන කනවා කියලා. මම කියන්නේ මේ මුග්ධයන්ට කලාවේ නාමයෙන් හෘදය සාක්‍ෂියක්‌, සදාචාරයක්‌ තිබිය යුතුය කියලයි. මම මගේ නිරුවත මේ චිත්‍රපටයට දුන්නා. ඒකෙන් තවමත් හම්බ කරගෙන කන එක සාධාරණද?
"රඟපෑම" පොතෙන් කරන්නේ කිසියම් පිරිසකට ප්‍රහාර එල්ල කිරීමද?
නැහැ. මේ පොතේ අන්තර්ගතය ප්‍රධාන වශයෙන් නළු කලාවට පිවිසෙන්නන් හා එය ඉගෙන නොගෙන හැසිරෙන තරුණ නළු නිළියන්ටයි. නමුත් කිව යුතුයි, මෙය නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමා අධ්‍යක්‍ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට ඉතාමත් වැදගත් කෘතියක්‌ බව.
ඔබ මීට ප්‍රථම සාකච්ඡාවකදී මා සමඟ පැවසුවා ක්‍ෂේත්‍රයේ අධ්‍යක්‍ෂවරු නළු නිළියන්ව මෙහෙයවන්නට තරම් දැනුවත්ව නැහැ කියලා. තවමත් තත්ත්වය එලෙසමයි කියාද ඔබ සිතන්නේ...?
එකහෙළාම මම කියනවා තවමත් තත්ත්වය එයම බව. ඒකට හොඳම සාක්‍ෂිය ඔවුන්ගේ නිර්මාණ. ඒ නිර්මාණවල චරිත බවට පත්වෙන්නේ නළු නිළියන්ගේ පෞද්ගලික හැසිරීම් පමණයි. චරිතයට උචිත ඇඳුම් අන්දලා චරිතයේ දෙබස්‌ කියවලා, කැමරා අධ්‍යක්‍ෂවරයාගේ පරිකල්පනීය දෘෂ්ටිය හා ආලෝකය, අඳුර අතර අවකාශයේ රූපගත කිරීමෙන් තමයි මේ කට්‌ටිය අධ්‍යක්‍ෂවරු හැටියට කිරුළු පළඳින්නේ.
බැරි වෙලාවත් නළුවා හෝ නිළිය සම්මානයක්‌ ලබා ගත්තොත් මේ අය කියන්නේ ඒ අගය ලැබුණේ අධ්‍යක්‍ෂණය නිසා කියලයි. විශේෂයෙන්ම කිව යුතුයි, මේ අතින් අපේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය අන්තිමයි. සිනමා
ikmangossiplanka.com
ක්‍ෂේත්‍රයට එනකොට පිටපතක්‌ ගැට ගහගන්න පුළුවන් අතළොස්‌සක්‌ සිටියත්, තමුන් ලියපු කතා කෙටුම්පතේ ඇති චරිතයේ සමාජ අභින නළු නිළියන් ලවා සිනමාරූපීව රූපගත කර ගන්නට දන්නේ නැහැ.
ඔය හැම ප්‍රශ්නයකටම පිළිතුරු ඔබේ 'රඟපෑම' කෘතියේ අන්තර්ගතව තිබෙනවාද?
මම කලාවට ඇවිත් දැන් දශක තුනකට වැඩියි. දේශපාලනික දෘෂ්ටියක සිට කටයුතු කිරීම නිසා රඟපෑ නිර්මාණ අතළොස්‌සයි. ඒත්... කළ කැප කිරීම් ජීවිතයේ පතුලෙන් හා ස්‌ත්‍රීත්වයෙන්මයි. එක්‌ව කටයුතු කළ උදවියත්, දෘෂ්ටිවාදය අත හරින්නේ ධනවාදය රසවත් නිසා හෝ දෘෂ්ටිවාදය හිස දැරීම අපහසු නිසා වෙන්න ඇති. උගත් දේ බෙදාහදා ගන්නටත්, මේ ශාස්‌ත්‍රයේ හණමිටි අදහස්‌ විවේචනය කරන්නත් මට හිතුණා. සාක්‍ෂරතාවය නම් අපේ ක්‍ෂේත්‍රයේ එවුන්ගේ අන්තිමයි. මම නිළි රැජනක්‌ කියලා කියන්නේ නැහැ. ඒත්... පැහැදිලිවම මට කියන්න පුළුවන්, මම පීඩිත පන්තියේ ගැහැනිය නියෝජනය කරන රංගන ශිල්පිනියක්‌ කියලා.
'රඟපෑම' එළි දැක්‌වීමේ උත්සවය ගැන කතා කළොත්.....
හෙට 19 වැනිදා, කොළඹ බී.එම්.අයි.සී.එච්. හිදී තමයි පොත එළි දැක්‌වන්නේ. බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය විමලරතන හිමි පාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන්ගේ ප්‍රධාන දේශනයෙන් පොත එළි දක්‌වනවා. "සිනමාවේ උන්ගේ අරගලය හා මගේ අරගලය" නමින් මම මෙතනදී කතාවක්‌ පැවැත්වීමටත් සූදානමින් පසුවෙනවා. හැමෝටම ආරාධනා කරනවා. 'රඟපෑම' කෘතිය තවත් ආන්දොaලනයකට ආරම්භයක්‌ විය හැකියි.
සුජීව තත්සර

No comments:

Post a Comment

Popular Posts