Sunny Leone Launches Fitness DVD

සනී ලියෝන් ගේ අළුත් DVD තැටිය එළියට​
ikmangossiplanka
බොලිවුඩ් සිනමාවේ සරාගිතම නිළිය විදිහට රජ කරන සනි ලියොන් සම්බන්ධයෙන් කාලයෙන් කාලයට පුවත් මැවෙනවා. සනි ලියොන්ගේ නවතම DVD තැටියක් මේ වන විට එලි දක්වා තිබෙනවා. ඒ ව්‍යායාම් මාලාවක් එක්කර නිර්මාණය කරනු ලැබූ DVD තැටියක්. පසුගිය කාලයේ බොලිවුඩයේ නිළියන් ව්‍යායාම සම්බන්ධයෙන් වීඩියෝ පට නිර්මාණය කර තිබුණා. එහි මුල් අදියර වශයෙන් පූනම් පාණ්ඩේ පසුගිය කාලයේ යෝගා දිනය වෙනුවෙන් යෝගා
ව්‍යායාම් කිරීමේ වීඩියෝවක් Youtube ජාලය ඔස්සේ අන්තර්ජාලයට එක් කර තිබුණා. සනිලියොන් නිල වශයෙන් මෙම තැටිය එලි දක්වා ඇත්තේ මෙය සිදුවූයේ පසුගිය 13 වැනිදායි. මෙම  DVD තැටිය ඉන්දියාව තුළ ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් සනී කියා සිටියේ සිරුරට නැවුම් හැඩයක් ගැනීම සඳහා මෙය නරඹා ව්‍යායාම් සිදුකරන ලෙසයි.
මෙම DVD තැටිය හේතුවෙන් සහ කොන්ඩම් වෙළෙද දැන්වීමකට පෙනී සිටීමත් හේතුවෙන් සනී ලියෝන් ඉන්දියාව තුළ තහනම් කළයුතු බවට ප්‍රවීණ නිළි රාඛී ස්වාන්ට් පවසා තිග්බෙනවා. ඇය මේ බව පවසා ඇත්තේ තම Facebook ගිණුමමගින්.
ඊට හේතුව ලෙස රාඛී පෙන්වා දී ඇත්තේ සනී ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණයට තවත් පෙළඹවීමක් සිදුකරන බවයි. එමෙන්ම සනී  මුදලට ඕනෑම ආකාරයේ වෙළෙද දැන්වීමකට රඟපානු ඇති බවත් මෙම ව්‍යායාම් DVD පටයත් මුදලට පමණක් සීමාවූවක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ikmangossiplanka.com

ikmangossiplanka.com

ikmangossiplanka.com

ikmangossiplanka.com

ikmangossiplanka.com

ikmangossiplanka.com

ikmangossiplanka

ikmangossiplanka.com

No comments:

Post a Comment

Popular Posts