Chathura Senaratne Ragama Incident

රාජිතගේ කොල්ලගේ තරම කියන රාගම ත්‍රීවීල් ගැටුම​
ikmangossiplanka
රාගම නගරය වූ කලී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයකි. හේතුව රාගම දුම්රියපළත්, රාගම රෝහලත් නිසා රාගම නිතරම ජනතාවගෙන් පිරී තිබීමය. රාගමට යන එන කාටත් ගමන් පහසුව පිණිස රාගම නගරයේ ත්‍රිරෝද රථ ගාල කිහිපයක්‌ද තිබේ. මේ ත්‍රීවීලර් රථ ගාලට ත්‍රීවීලරයක්‌ දමා ගැනීම ලෙහෙසි කාරණයක්‌ නොවන්නේ ඒ තරමටම ත්‍රිරෝද කුලී සේවාව රාගම නගරයේ තරුණ පිරිසගේ අතමිට සරු කරන තැනක්‌
වී තිබීම නිසාය. ත්‍රිරෝද රථයක්‌ ත්‍රීවීලර් පාක්‌ එකට දැමීමට නම් ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ හයිය අවශ්‍යය. කුලී රථ රස්‌සාව කරගෙන යද්දී එන විවිධ තර්ජන, ගර්ජන හා පොලිසියේ බලපෑම් වළක්‌වා ගන්නට නම් දේශපාලකයන්ගේ රැකවරණය අවැසිය. මේ නිසා මැතිවරණ කාලවලදී ත්‍රිරෝද රථ රියෑදුරන් දේශපාලන අපේක්‍ෂකයන්ගේ ඔඩොක්‌කුවට වැටී දිවා රෑ නොබලා, වෙහෙසෙන්නේ බලයට පත්වූ පසු දේශපාලන රැකවරණය ලබා ගැනීමටය.
පසුගිය මහ මැතිවරණයේදී මේ ත්‍රිරෝද රථ ගාලේ දෙපිරිසක්‌ අලුත් තරුණ දේශපාලනඥයන් දෙදෙනකුට දිවා රෑ නොබලා වෙහෙස වී උදව් පදව් කළේ එනිසාය. එක දේශපාලනඥයකු වන්නේ හිටපු ඇමැතිවරයකු වූ අභාවප්‍රාප්ත දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාගේ පුත් කවින්ද ජයවර්ධනය. ත්‍රීවීලර් රථ ගාලේ පිරිසක්‌ කවින්ද ජයවර්ධනට උදව් කළේ ඔහු නියත වශයෙන් දිනන බව කියමිනි.
තවත් පිරිසක්‌ දොස්‌තර රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ පුත් චතුර සේනාරත්නට උදව් කිරීමට ඉදිරිපත් වී තිබිණි.
දොස්‌තර ජයලත් ජයවර්ධනත්, දොස්‌තර රාජිත සේනාරත්නත් යනු දෙමස්‌සිනෝ බව මේ සියලු දෙනා දැන සිටියාද නැද්දැයි අපි නොදනිමු.
නමුත් කවින්දත්, චතුරත් ළඟම නෑයින් බව මේ අයගෙන් බහුතරය දැන සිටියහ. දේශපාලනයේ බෙදීම් හරි පුදුමය.
අලියා ලකුණින් දෙදෙනා මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියද ත්‍රීවීලර් රථ ගාලේ පිරිස දෙකට බෙදී දෙදෙනාට උදව් කළේ ඒ ඒ අයගේ දේශපාලන දැක්‌ම හා රුචිය අනුවය.
ත්‍රීවීලර් පාක්‌ එකේ දෙපිරිසටම සතුටු වන්නට හැකි වූයේ අගෝස්‌තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් දෙදෙනාම පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබූ නිසාය.
දේශපාලනය හිතට ගත් එකෙකු දෙන්නෙකු ත්‍රීවීලර් පාක්‌ එකේ බලයද සිය අණසකට ගන්නට පෙළඹුණේ "දේශපාලන උණ" නිසාය.
මේ දෙපිරිස අතර විවිධ අවස්‌ථාවල දේශපාලන තර්ක විතර්කද ඇති වූයේ මහ මැතිවරණය අවසන් වූවත් දේශපාලන උණ අඩු වී නොතිබූ නිසාය.
මේ අතර පාර්ලිමේන්තුවට තේරී පත් වූ චතුර සේනාරත්න පිළිගැනීමට රාගම නගරයේ පුංචි උත්සවයක්‌ සූදානම් කිරීමට ත්‍රීවීලර් පාක්‌ එකේ චතුරට හිතවත් පිරිසක්‌ කටයුතු සූදානම් කර තිබිණි.
පසුගිය 13 වැනිදා පිරිස චතුරව පිළිගන්නට සැරසිලි කළේ අතේ මිටේ තිබූ මුදල්ද වැය කරමිනි.
නමුත් පසුදා බලන විට ඒ සැරසිලි කඩා විනාශ කර තිබිණි.
මේවා කැඩුවේ අහවල් වුන්. උන් ටික වැඩ කළේ දොස්‌තර කවින්ද ජයවර්ධනට. යක්‍ෂාරූඩ වූ ත්‍රීවීලර් හිමිකරුවකු විනාශ කර තිබූ සැරසිලි දෙස බලමින් කීවේ දත්මිටි කමිනි. "උන් ආයෙත් මේ දහදුරා වැඩේ කළොත්.... උන්ට ගහලා මරලා දානවා..." තරමක්‌ දාමරික වෙස්‌ගත් අයකු කීවේ පිහියක්‌ද අතට ගනිමිනි.
දෙපිරිසක ආරවුලකට තල්ලු වන්නට නිමිත්ත බවට පත්වූයේ සැරසිලි කඩා දැමීමකි.
සර්.. මන්ත්‍රීතුමාට කියන්න, අපි රාගම නගරයේ කරපු සැරසිලි, කාවින්ද මන්ත්‍රීවරයාගේ උන්ටික කඩලා කියලා... ත්‍රීවිලර් රථ ගාලේ එකෙකු චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂකයකුට දුරකථනයෙන් මේ බව දැනුම් දුන්නේය.
"අපි ආයෙ... සරසමු. ආයෙත් ඒවා කැඩුවොත් නම් පුතේ... මුන් මරාගෙන මැරෙනවා.."
පිරිස යළි රාගම නගරය සැරසුවේ චතුර සේනාරත්න නවක මන්ත්‍රීවරයා පිළිගැනීමේ උත්සවය සංවිධානය කරමිනි. 14 වැනිදා වනවිට ඒ සැරසිලි ද විනාශ කර තිබිණි.
ප්‍රශ්නය දුරදිග ගියේ ඒ අනුවය.
ත්‍රීවීලර් රථ ගාල යුද පිටියක සිරි ගන්නට වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. ත්‍රීවීලර් රථ ඇතුලේ සඟවා තිබූ මන්නා පිහිද, කොට කඩුද, මොට ආයුධ ද මේ අයගේ අතට පත්වී තිබිණි.
දෙපිරිස කපා කොටා ගනිමින් ගැටුමට මුල පිරීය. දෙනෝදාහක්‌ සෙනඟ ගැවසෙන රාගම යුද පිටියක්‌ බවට පත්වන්නට ගතවූයේ නිමේෂයකි.
රෝහල කරා යන එන රෝගීහුද, ඥතීහුද, දුම්රියෙන් බැස ගමරට බලා යමින් සිටි ජනයාද හිස්‌ ලූ ලූ අත දිවයමින් මේ යුද පිටියෙන් ඉවත්ව ගියේ නිකරුනේ මැරුම් කන්නට නොහැකි නිසාය.
අවසානයේ දී ගැටුමේ ප්‍රතිඵල වාර්තාව රාගම රෝහලේ වාට්‌ටුවල ලියෑවිණි.
ඒ අයගේ වාර්තාව ගත්තද රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට යන්නට සිදුවූයේ ඒ ගැටුමෙන් හිසට එල්ල වූ මාරක පහරකින් තුවාල ලැබූ අයකු ඊට ඇතුළත් කර තිබූ නිසාය.
තවත් දෙතුන් දෙනකු රාගම රෝහල් වාට්‌ටුවල නේවාසිකව තැබූයේ ද දරුණු කැපුම්, කෙටුම් හා මොට ආයුධ ප්‍රහාර වලට ලක්‌ව තිබූ නිසාය.
ත්‍රීවීලර් රථ ගාලේ දෙපිරිසම, තම දුක වෙන වෙනම නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී දෙපළක්‌ වන කවින්ද ජයවර්ධනටත්, චතුර සේනාරත්නටත් සැල කළේ දුරකථනයෙනි. සර්ව පිළිගන්න උත්සවය ලෑස්‌ති කර අයට කවින්දගේ සෙට්‌ එක ගැහුවා. තුන් දෙනෙක්‌ රෝහලේ, එක්‌ කෙනකුට අමාරුයි... ඒ පණිවුඩය කන වැකුණු සැණින් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට දැඩි තරහක්‌ ඇති විය.
ඔහු තවත් විසි දෙනෙකු සමග වහාම රාගම පොලිසියට ආවේ මේ පිළිබඳ පොලිsසියට වහා පැමිණිලි කර අදාළ පහරදුන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පරිසරයද සකසමිනි.
මෙම ගැටුමට සම්බන්ධ හය දෙනකු පොලිසිය ඒ වනවිට අත්අඩංගුවට ගෙන තිබිණි.
පස්‌ දෙනකුම කවින්ද ජයවර්ධනට පාර්ලිමේන්තුවට යන්නට වෙහෙස වූ අය බව කියෑවිණි. අත්අඩංගුවට ගැනුණු අනෙක්‌ පුද්ගලයා පහරකෑමට ලක්‌වූ චතුර සේනාරත්නට පාර්ලිමේන්තුවට යැමට උදව් කළ ආධාරකරුවකු බවද කියෑවිණි.
චතුර රාගම පොලිසියට ආවේ මධ්‍යම රාත්‍රියේ පමණය. ඒ වන විට රාත්‍රි සේවයේ නිරත පොලිස්‌ නිලධාරීන් දෙස බැලූ චතුර විමසා ඇත්තේ... පහරදුන් බව කියන සැකකරුවන් පස්‌දෙනා බංකුවේ වාඩිකර, පහරකෑමට ලක්‌වූ පාර්ශ්වයේ අයකු කූඩුවේ දමා ඇත්තේ මන්දැයි විමසමිනි.
පොලිසිය තරුණ මන්ත්‍රීවරයාගේ හැසිරීම දෙස බලා සිටියහ. එය පොලිස්‌ රාජකාරීයට බාධා වන බව ඔවුන් සිතුවෝය.
"නෑ සර්... දෙපාර්ශ්වයේම අය කූඩුවට දැම්මොත් ආයෙ ගහගනියි කියලයි මේ අය එළියේ තිබ්බේ. රාත්‍රි රාජකාරි භාරව සිටි පොලිස්‌ නිලධාරියා කියා සිටියේය.
මේ සිද්ධිය සැලවී කවින්ද ජයවර්ධන ද අලුයම 1.00 ට මේ පිරිස මුණගැසී ප්‍රශ්නය විමසා සිටියේය. ගැටුම් ඇතිකර නොගන්නා ලෙස මෙය සාමකාමීව විස¹ ගැනීමට චතුරත් කවින්දත් උත්සාහ කළෝය.
කවින්ද හා චතුර එක කුස උපන් සොයුරන් නොවුණත් ඒ දෙදෙනා ළඟම ඥතීන්ය. ඒ බව දත් හෝ නොදත් රාගම ත්‍රීවිලර් රථ ගාලේ අඥනයන් කිහිප දෙනකු මේ ගැටුම ඇති කරගත්තේ ඇත්තටම දේශපාලන හෝ සැරසිලි මුල්කරගෙන දැයි අපි නොදනිමු.
මන්ත්‍රී කවින්ද ජයවර්ධන නම් පවසන්නේ මෙය දේශපාලන ගැටුමක්‌ නොවන බවකි. ආණ්‌ඩු බලය මාරු වූ පසු අලුතින් ත්‍රිරෝද රථයක්‌ පාක්‌ එකට දැමීමේ ප්‍රශ්නයක්‌ මේ පිටුපස ඇති බවකි. ඒකට චතුරගේ හා කවින්දගේ නම් ගාවාගෙන ඇතැයි කවින්ද මන්ත්‍රීගේ මතයය.
දැන් මේ ගැටුම නිසා තවත් ප්‍රශ්නයක්‌ මතු වී ඇත.
ගැටුමට සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස, පොලිසියේ සිටියදී ඒ අයට තර්ජන කර පොලිස්‌ රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධව පොලිසිය චතුර සේනාරත්නට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනුකර ඇත. ලබන 20 වැනිදා මීගමුව අධිකරණයේදී ඒ පිළිබඳ විභාගය පැවැත්වීමට නියමිතය.
ශිරාන් රණසිංහ, හේමන්ත රන්දුණු

No comments:

Post a Comment

Popular Posts