පුංචි සේයා අවසන් හෝරා කිහිපය ගෙදර අයත් එක්ක ගතකරපු හැටි
කොටදෙනියාව සේයා දැරිය ඝාතනය ගැන මෙතෙක් හෙලි නොවූ රහස්
හවස අවසන් කරමින් හිරු බැස යන්නට සූදානම් වුණේය. පුංචි සේයා තාත්තා ළගට ගොස් කැරකුණාය. ‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ’පුරුදු ලෙස දුරකතන ක‍්‍රීඩාවක යෙදෙන්නට සේයා පියාට ඇවිටිලි කළාය. ‘තාත්තිට පරක්කු වෙනවානෙ පුතේ.... හයර් එකට යන්න.’ ඒ වන විටත් ඇගලූම් කම්හලේ ප‍්‍රවාහන මුරය බලා පිටත් වන්නට සූදානමින් උපුල් කීවේය. සේයා ආච්චි
සෙව්වාය. සන්ධ්‍යාවේ දිය නා සුදු ඇඳුමින් සැරසී සිටි ආච්චි සේයා දුටුවාය.
‘ආච්චි ඇයි ඔහොම ඇන්දේ.?’
මිනුවන්ගොඩ මළ ගෙදරක එදින යායුතු නිසා සේයාට රහසින් ඒ ගමන යන්නට සීයාත් ආච්චිත් දෙදෙනාම කතාවුණේ ඇය දැනගත්තා නම් ඇයවද කැටුව යන්නට සිදුවන නිසාය.
‘ඇග හෝදලා අඳින්න එකක් නැති හින්දා මේක ඇන්දා පුතේ.’
ඒ නිසා ආච්චි සේයාට බොරුවක් කියා ඇයට නොදැනෙන්නට මග හැර ගියාය. සේයා අයියා හා නංගී සමග කාමරයට වී සෙල්ලම් කළාය. විනාඩියෙන් විනාඩිය රැුය උදා වුණේය. රාත‍්‍රී 7.15ට පමණ සේයාගේ ආච්චි සහ සීයා ඇයට හොරෙන්ම මිනුවන්ගොඩ මළ ගෙදර පිටත් වූහ. ඒ වන විට නිවසේ සිටි සේයාගේ පියාද උපුල් 7.30ට පමණ නිවසින් පිටව ගියේ සේවා මුරය අවසන් වූ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප‍්‍රවාහනය සඳහාය. එවර නිවසේ ඉතිරි වූයේ සේයාගේ අම්මා සහ අයියාත් නංගීත් පමණි.
සේයා සදෙව්මි බක්මීදෙණිය පස් හැවිරිදි දැරියකි. කොටදෙනියාව බඩල්ගම අකරංගහ ප‍්‍රදේශයේ ජීවත් වූ සමන්තිගේත් උපුල් නිශාන්තගේත් දෙවැනි දියණිය වූ සේයාට සත් හැවිරිදි අයියා කෙනෙක් හා දෙහැවිරිදි නංගියෙක් ද සිටියේය.
සේයාගේ මව සමන්ති ප‍්‍රදේශයේම පේෂකර්ම පාසල් ගුරුවරියකි. පියා උපුල් පෞද්ගලික ඉංග‍්‍රීසි ආයතනයක ගුරුවරයකු වන අතර ඔහු ඊට පෙර මීගමුව ප‍්‍රදේශයේ රජයේ ජාතික පාසලක ඉංග‍්‍රීසි ගුරුවරයකු ලෙසත් ඒ
ප‍්‍රදේශයේම පෞද්ගලික ඉංග‍්‍රීසි පන්ති ගුරුවරයකු ලෙසත් ජනප‍්‍රියව සිටි අයෙකි. ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධව ඇසුණ නඩුවක අදාළ දැරියගේ ප‍්‍රකාශයක් මත එම සිද්ධියට ඈෙක්‍ෂන උපුල්ට ද නඩුව නිසා 2014 දෙසැම්බර් මාසයේදී ගුරු තනතුර අහිමි වී ඇත.
ඒ සමගම පෞද්ගලික පන්ති කිරීමේ අවස්ථාවත් නැතිවන ඔහු මාස කීපයක් පෑස්සුම් ශිල්පී රැුකියාවක් කළේය. ඒ කාලයේ බිරිඳගේ පෙර රැුකියාවෙන් ලද අර්ථසාධක මුදලට ඉතුරු කළ මුදල් දමා වෑන් රියක් මිලදී ගත් උපුල් ඇඟලුම් කම්හල් දෙකක රාත‍්‍රි සේවයේ යෙදෙන ළමුන් ප‍්‍රවාහනය කිරීමට එක්වී ඇත. ඒ අතරතුරේ ඔහුට නිට්ටඹුව ප‍්‍රදේශයේ පෞද්ගලික ඉංග‍්‍රීසි ආයතනයක ගුරු තනතුරක් ද ලැබි තිබුණි. මේ සියල්ල සිදුව ඇත්තේ ගෙවුණ මාස කීපය අතරතුරය.
උපුල් සහ සමන්ති දෙදෙනාම රැුකියාවට යන නිසා දරු තිදෙනා රැුඳුනේ සීයා සහ ආච්චි සෙවණේය. සේයාගේ සීයා සහ ආච්චි උපුල්ගේ මව්පියන්ය.
සේයාගේ සීයා ද පනස් නව හැවිරිදි වියේ පසුවුවත් ඔහු ද පෞද්ගලික ආයතනයක ආරක්ෂකයකු ලෙස රැුකියාවක් කළේය. ඒ නිසා දරුවන් වැඩිපුරම හැදුනේ ආච්චි සමගය. සේයාගේ අයියා උදයේ බසයෙන් පාසල් ගොස් සවස බසයෙන් ගෙදර ආවේය. බඩල්ගම සත්මග පෙරපාසලට උදයට ගෙදර කවුරුන් හෝ සමග යන සේයා පෙර පාසල නිමාවූ පසු කැඳවා එන්නට ත‍්‍රීවීලරයකට බාර දී තිබුණි.
ගෙදර එන සේයාගේ මුල්ම රාජකාරිය වන්නේ ඇඳුම් ද නොලිහා පෙර පාසලේ පැවරුණ වැඩ කිරීමයි. අනතුරුව ඇඟ සෝදා කෑම කා අයියා හා නංගී සමග සෙල්ලමට වැටෙයි. මෑත කාලයේ නිවස පිටුපස අසල්වැසි ගෙදරක වූ ඔංචිල්ලාවක් පදින්නට යන්නටත් සේයා හුරු වූවාය. එහි සිටි තරුණයාට සේයා කතා කළේ මාමේ කියාය.
සේයා එහි යනවාට ඔහු අකැමැති නොවූවත් ඒ නිවසේ අනෙක් අය මේ දරුවන් එහි යනවාට අකැමැත්තක් පෙන්වූ බව කියැවේ. ඒ නිසා සේයාලාට නිවසේම ඔංචිල්ලාවක් ද බැඳ දී තිබුණි. ඔවුන්ගේ සෙල්ලම් ලෝකය සුන්දරය. විටෙක රණ්ඩුවී ගහගෙන වැඩිපුර ආච්චිට නඩු කියන්නේ සේයාය. ඒ මොහොතකට පමණි. ඉන් පසු සියල්ල අමතකවී යළිත් ඔවුන් යාළුවෝය.
පසුගිය 11 වැනිදා රැුබෝවුණු සන්ධ්‍යාවේදීද අයියා හා නංගී සමග සේයා එසේ සෙල්ලම් කළාය.
‘ආච්චි නෑනේ. සීයා එක්ක කොහේද ගිහින්.’
ඒ අතරේ ආච්චි නිවසේ නැති අඩුව දැනී සේයා අයියා සමග කීවාය. තවත් මොහොතකින් ඔවුන් රූපවාහිනිය
ළඟවූ පුටුවලට ගියහ. ඒ වන විට කෑම ද කා සිටි දරුවෝ සමන්ති සමග රූපවාහිනිය නැරඹූ අතර බාලම දියණිය සමන්තිගේ ඇකයට වූවාය. සේයා සිටියේ සැටියේය.
‘මගේ උපන් දිනේට ඔයා මොනවද අම්මි මට දෙන්නේ.’
සැටියේ වැතිරී සේයා මවගෙන් ඇසුවේ සැප්තැම්බර් 16 වැනිදාට යෙදෙන 5 වැනි උපන් දිනය මතක් කරමිනි.
‘මම කිව්වනෙ පුතේ. තාත්ති ඔයාට තෑග්ගක් බලලා තියෙන්නේ. ඒක ඔයාට ගෙනත් දෙනවා.’
සේයාගේ මුහුණ තෑගි ගැන මතක් කරද්දී අමුතු ලෙසින් එළිය වැටෙයි. ඈ තෑගිවලට ඉතා කැමැතිය. උපන් දිනේට තෑග්ගක් ඇය ඉල්ලන්නට ගන්නේ මාසයකටත් පෙර සිටය.
‘මොකක්ද අම්මි ඒ තෑග්ග.’
ඒ මොකක්දැයි නොකියා ඉන්නට ඒ වෙලාවේ සමන්තිට හිතුනේ නැත.
‘ඔයා සයිස් ලොකු බෝනික්කෙක්.’
සමන්ති කීවේ දියණිය සතුටු වන තරම දැනගෙනයි. ඇය ඉන්පසු පෙර පාසලේ විස්තර ද සමන්ති සමග විටින් විට කියෙව්වාය. මොහොතකින් රූපවාහිනිය දෙස බලා සිටි කාවින්දි සමන්තිගේ ඇකයේම නින්දට වැටුණු අතර සැටියේ සිටි සේයාද නින්දට වැටී සිටියාය. සමන්ති මුලින්ම ඇකයේ සිටි බාල දියණිය රැගෙන ගොස් කාමරයේ ඇඳකින් තැබුවාය.
දරු තිදෙනා සමග සමන්ති සහ උපුල් ඒ කාමරයේ නිදා ගන්නේ යුගල ඇඳක් සහ තනි ඇඳක් එක් කරය. යුගල ඇඳේ බාල දියණිය , සමන්ති සහ පුතු නිදා ගන්නට හුරුවී සිටි අතර තනි ඇඳෙහි සේයා සහ පියා නිදා ගත් බව කියයි. මේ ඇඳන් දෙක සඳහා ඔවුන් වෙන් වෙන්ව මදුරු දැල් පාවිච්චි කළ අතර යුගල යහන බිත්තිය අයිනට වන්නටත් තනි ඇඳ ඊටම යා කරත් තිබුණි. ඔවුන් නිදා ගන්නා විට හිස රැඳෙන පැත්තේ ඇඳ වියල් ජනේලය තිබූ බිත්තියට හේත්තු කර තිබූ අතර පළු හතරකින් සමන්විත ඒ ජනේල පඩියේ උසත් ඇඳ වියලේ උසත් එක සමාන මට්ටමින් පැවතුණි. එහි එක් ජනේල පළුවක අනාරක්ෂිත බවක් තිබුණි. ඒ සේයා නිදන ඇඳෙහි හිස රැඳෙන පැත්තේ ජනේලය ග‍්‍රිල් රහිත වීමෙනි.
එහි සමන්ති සහ උපුල් දුටු එකම අනාරක්ෂිත බව වූයේ කාමරයට වී සෙල්ලම් කරන දරුවන් ඇඳට පැන ජනේලයෙන් පිටත පනින්නට හුරු වීමයි. ඔවුන් එම ජනේල පළුවේ ග‍්‍රිල් එක ගලවා දැමුවේ සේයා ඇතුළු දරු තිදෙනා දිනක් කාමරයට වී සෙල්ලම් කරද්දී දොරෙහි යතුරු වැටී දරුවන් කාමරය තුළ සිරවූ නිසා කාමරයට යෑමේ මගක් හැටියට බව කියයි. ඉන්පසු ග‍්‍රිල් එක ජනේලයට සවි කළද විටින් විට දරුවන් දොර වැසී කාමරයේ සිර වෙද්දී ඔවුන් ඒ කාමරයට ඇතුළු වී දොර ඇරගන්නට හුරු වූවා මිස නැතිවී තිබූ කාමරයේ යතුර සොයාගන්නට උනන්දු වූයේ නැත.
පසුගිය මාස එකහමාරක පමණ සිට එසේ ඉවත් කළ ග‍්‍රිල් එක යළි ජනේලයට සවි කර නොතිබූ අතර එය සවි කළ යුතු බවට සිතුවිල්ලක් කාගේවත් සිතට ආවේද නැත. ළමුන් ජනේලයෙන් බිමට පැන අනතුරක් කරගනීවි
කියා නිතර ඒ ජනේලය වසා තබන්නට ඔවුන් හුරුවී සිටියද අධික රස්නය පවතින දිනවල උපුල් ඒ ජනේලය විවෘත කර රැුයේ නිදාගන්නට හුරු වී සිටින බව ද කියයි. ඔවුන්ගේ කාමරයට ආසන්න කාමරයක උපුල්ගේ මවුපියන් නිදන කාමරය විය.
බාල දියණිය යුගල යහනෙහි තබා මදුරු දැල දමා ගිය සමන්ති සේයා ද ඔසවා ගෙනවුත් ඊට යාවූ තනි ඇෙක්‍ෂන් තබා මදුරු දැල දමා කාමරයෙන් පිටව ගියාය. එවිට ජනේල වසා තිබූ බව ඇයට මතකය. තවත් මොහොතකින් පුතු ද පුටුවේ නිදා ගත් නිසා ඇය ඔහු ද ඔසවා ගොස් යුගල යහනෙහි තබා රූපවාහිනිය ළඟට ආ බව කියයි.
මේ අතරතුර කාලයේ පළමු ප‍්‍රවාහන රාජකාරිය අවසන් කර නිවසට පැමිණ සිටි උපුල් 9.45ට පමණ රාත‍්‍රී දහයේ වැඩමුරය අවසන් වන අයවළුන් නිවෙස් කරා ගෙන යන්නට නිවසින් පිටව ගිය බවද කියවෙයි.
මිනුවන්ගොඩ මළ ගෙදර ගිය උපුල්ගේ මව්පියන් රාත‍්‍රී 10 පසු වී නිවසට එනවිටත් සමන්ති රූපවාහිනිය බලමින් සිටියාය. ඔවුන් පැමිණි පසු නිවසේ දොර ඇර ඇත්තේ ද සමන්ති විසිනි. නිවසට පැමිණි ඔවුන් කුස්සියට ගොස් කෑම ද කෑ බවත් ඉන් පසුව සේයාගේ සීයා නිදාගන්නට කාමරයට ගිය බවත්, ආච්චි සමන්ති සමග රූපවාහිනිය ළඟදී රූපවාහිනියේ ප‍්‍රවෘත්තිත් බැලූහ.
‘අපි නිදාගමු. උපුල් එනකොට ? වෙනවනේ.’
සමන්ති නැන්දම්මා හා කියා රූපවාහිනිය ළඟින් නැගිට්ටාය.
සාමාන්‍යයෙන් හැමදාමත් උපුල්ට ඇඟලුම් කම්හල් දෙකකින් ප‍්‍රවාහන රාජකාරි ලැබි තිබුණේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලත් ඇතැම් බ‍්‍රහස්පතින්දා දිනවලත් ය. ඒ නිසා ඔහු රාත‍්‍රී 11.00 වන විට නිවසට පැමිණෙයි. ඇතැම් අවස්ථාවක ආයතනවලට වුවමනාවක් ඇති වුවහොත් තවත් අමතර ගමන් වාරයක් ලැබෙන බවද ඔහු කියයි. එවිට එන්නේ තවත් ?වීය. ඔහු ගෙදරට එන විට දොර ඇරගන්නට අමතර යතුරක් භාවිතා නොකළත් ඔවුන් විසින් එක් තරා අනාරක්ෂිතවූ ක‍්‍රමයක් රාත‍්‍රියේ දොර ඇරගන්නට භාවිතා කර තිබුණි. ඒ නිවසේ පිවිසුම් දොර යතුරු නොදමා වසා තැබිමෙනි.
ආච්චි සීයා සිටි කාමරයට යද්දී සමන්ති කාමරයට ගොස් යුගල ඇෙක්‍ෂහි බාල දියණිය හා පුතු ළÛින් වැතිරුණ බව කියයි.
සිය රාජකාරිය රාජකාරි නිමවූ උපුල්ට තවත් අමතර ප‍්‍රවාහන රාජකාරියක් එදාද ඇඟලුම් කම්හලෙන් ලැබුණෙන් ගෙදර එන වෙලාව පමාවිය. රාත‍්‍රී 12.10ට පමණ උපුල් නිවසට පැමිණ ඇත. ඔහු යතුර නොදමා වසා තිබූ දොරද ඇරගෙන නිවසට ආවේය. උපුල් කාමරයට ගොස් විදුලි පහන දල්වද්දී ජනේලය ඇර දමා තිබෙනු දුටු බව කියයි. ඒත් ඒ වැස්සේ ජනේලය ඇරියේ ඇයිදැයි බිරිඳගෙන් අසන්නට හෝ එය වසන්නට ඔහුට සිතී නැත.
එමෙන්ම සේයා ද ඇඳේ සිට නැත. මදුරු දැලද ඇකිලී තිබුණි. සේයා රැුයට ඇඳේ නොසිටීම ඔවුනට සාමාන්‍ය දෙයකි.
ඒ ඔවුන් සමග නිදා ගන්නා සේයා රාත‍්‍රී කීයට හෝ ඇහැරුණු විට අැඳෙන් බැස සීයා සහ ආච්චි සිටින කාමරයට යන්නට හුරුවී සිටින නිසාය. උපුල්ගේ ඇඳෙහි වැලි ද තිබෙනු දුටුමුත් දරුවන් සෙල්ලම් කර වැලි රැඳෙන්නට ඇතැයි ඔහු සිතූ බව කියයි. උපුල් අතින් ඇඳෙහි වැලි පිස මදුරු දැල සැකසුවේය.
‘සේයා ඇඳේ ඉන්නවද?’
උපුල් පැමිණි බව දැක හෝ දැනී සමන්ති ඇසුවාය.
‘සේයා නෑ.’
උපුල් ඇයට ඇසෙන්නට කීවාට සමන්ති නින්දෙන් නැගිට ඔළුව හෝ උස්සා බැලූවේ නැත.
‘අම්මා ගාවට යන්න ඇති.’
සමන්ති ඔහුට ඇසෙන්නට කී අතර උපුල් ද හිස් ඇඳ දුටුමතින් සිතුවේ එය බව කියයි.
රැයට ඉඩදී සියල්ලෝම සුව නින්දට වැටී උන්හ. රැය ගෙවුණි. පසුදා සෙනසුරාදා නිසා සමන්ති පාන්දර හතරට නැගිට්ටේ නැත. ඒත් සේයාගේ සීයාට රාජකාරියට යන්නට ඇති නිසා පාන්දර 5.20ට පමණ ආච්චි සහ සීයා නැගිට ඇත. ආච්චි විසින් සාදා දුන් තේද බි ඔහු මුහුණ අතපය හෝදන්නට යන විට සමන්ති හා කුඩා දියණියත් අවදිවී සිටියහ. ඉන් මොහොතකට පසු උපුල් සහ පුතු ද අවදි වූහ. සේයා නැගිටින්නේ තවත් පමා වී නිසා ඇයව නැගිටුවන්නට කවුරුවත් උනන්දු වූයේ ද නැත. ඒ කාලය ද පසුවී සේයා නොදුටු නිසා සීයා ඇයව සෙව්වේය.
‘කෝ අනේ සේයා?’
ඔහු කාගෙන් හෝ උත්තරයක් බලාපොරොත්තුව ඇසුවේය.
‘සේයා නිදිනේ.’
කුස්සියේ සිටි ආච්චි හෝ සමන්ති කියනු ඇසුණි. ඔහු සමන්තිලාගේ කාමරයට ගොස් බැලූවේ ඔවුන්ගේ කාමරයේ සේයා නොසිටි බව දැන සිටි නිසාය.
‘ළමයා ඇඳේ නෑනේ.’
එහි ඈ නැති නිසා නැවතත් සීයා කීවේය.
‘ඇඳේ නිදි.’
එවර ඇසුණේ ආච්චිගේ හඬය. ඒ නිසා සීයා නැවත ඔවුන්ගේ කාමරයට ගොස් බැලූවේ පසුව හෝ ඇය පැමිණියා වන්නටැයි සිතමිනි. එහිද සේයා නැත. ඇය නැගිට සෙල්ලමට කොහි හෝ හැංගී ඇත්දැයි ඔහු ගෙතුළ බැලූවේය. ඒත් නැත.
‘ළමය ඇඳේ නෑනේ යකෝ. හොයපියව්’
ඔහු සිතෙහි ඇතිවූ ආවේගශීලී බවින් කෑ ගැසුවේය.
‘ඇයි ඔයාලා එක්ක නේද නිදියැව්වේ?’
එවර සමන්ති ආච්චිගෙන් ඇසුවේ කලබලවීය. මෙහොතකින් ගේ ඇතුළේද ගෙයින් පිටතද ඔවුහු සේයා සොයන්නට ගත්හ. සමන්ති ද බාල දියණිය වඩා ගෙන හඬමින් සේයා සෙව්වාය. ඔවුන්ගේ කලබලය අවටට ද ඇසී අසල්වැසියෝද මොහොතක් යන්නට මත්තෙන් එක්වූහ.
ඒ අතරේ සේයාගේ සීයා දයාරත්න කොටදෙනියාව පොලිසියට ගොස් සේයාගේ අතුරුදන් වීම ගැන පැමිණිලි කළේය. ඔවුන් ඒ සමග පැමිණ පරීක්ෂණ කටයුතු ඇරඹූ අතර නිවැසියන්ගෙන් ප‍්‍රශ්න කිරීම් අතරේ පිරිසක් අවට වටපිටාවේ සේයා සොයා මෙහෙයුම් කළහ.
සේයා නිදා සිටි ඇෙක්‍ෂහි ඈ රැුයේ ඇඳ සිටි රතු පැහැති කලිසම ගලවා දමා තිබූ අතර ජනේලයෙන් පිටත පා සලකුණක් ද පොළවේ ගලක් බුරුල් වී ගැලවී ඇති අයුරුත් පරීක්ෂණ කණ්ඩායම සොයා ගත්හ.
ඒ අතරේ පොලිස් නිල සුනඛයකු රැුගෙන විත් සේයා සොයන මෙහෙයුම පුළුල් කළ ද සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියට ගොස් නැවත පසුපසට පැමිණ ඇත.
කණ්ඩායම් කීපයකින් පොලිස් පරීක්ෂණ සිදුවන අතරේ සේයාගේ ආච්චි දරුවා ගැන පේනයක් බලන්නට ගියාය.
‘විශාල පිට්ටනියක් ඇති. ඒ ළඟ බෝගසක් තියෙනවා. ඒ බෝගහ ළඟ ඇළක් ඇති. මේ දරුවා ඒ ඉවුරේ ඉන්නවා.’
සේයා සොයමින් සිටි පිරිසට පේනය ගැන කීමෙන් පසු ප‍්‍රදේශයේ සෑම ජලාශයක්ම වාගේ ඔවුහු පරීක්ෂා කළහ. රාත‍්‍රිය උදාවීමෙන් පසු මෙහෙයුම නැවතුණේ ගම්වාසීන් නිවෙස්වලට ගිය නිසා සහ අධික කළුවර නිසාය.
ඉරිදා වූ පසුදා උදෑසන නැවතත් ගම්වැසියන් සහ පොලීසිය සෝදිසි මෙහෙයුම් ඇරඹූ අතර සේයාගේ නිවසට මීටර් 300ක් දුරින් වූ අරවින්ද වත්ත ද ඔවුන්ගේ සෝදිසියට ලක් විය. වෙල් යාය අසල වූ පොල්වත්තක් වන එහි ඇළක් අසල වූ උණ පඳුරක් සමීපයෙන් පුංචි සේයාගේ සිරුර සොයා ගැනුණේ කාගෙත් හිත් කම්පාවට පත් කරමිනි.
අරවින්ද වත්තෙහි තිබි හමුවූ සේයාගේ මළ සිරුර ඒ වන විටත් නිරුවත් වී තිබුණේය. එපමණක් නොව ඇගේ ගෙලෙහි සුදු පැහැති රෙදි පටියක් ගැටගසා තිබුණු අතර එම රෙදි පටිය කුමක්ද යන්න අනාවරණය වූයේ පසුවය. ඒ සේයා අතුරුදන් වන අවස්ථාවේ ඇද සිටි සුදු පැහැති බැනියමයි එය අඹරා ඇගේ ගෙල සිරකර ඇති බව පොලිසිය තහවුරු කර ගත්තේය. එහෙත් මෙය එම රෙදි පටියෙන්ම සිදු කළ සිරකිරීමක්ද යන්න පොලිසියට සැක මතු වූ නිසා අවසානයේ මෙහි තීන්දුව පශ්චාත් මරණ පරීක්ෂණයට භාර දුන්නේය.
ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය සඳුදා 14 වැනිදා පැවැත්විය. එහිදී මෙම ඝාතනයට අදාළ බොහෝ තොරතුරු හෙළි විය. ඒ අනුව පුංචි සේයා බරපතළ ලෙස දූෂණය කොට ඉන්පසු ගෙල සිරකොට ඝාතනය කළ බවට හෙළි වී ඇත. එහිදී ඇයගේ ඝාතනය සිදු වී ඇත්තේ සේයා අතුරුදන් වූ 12 වැනිදා රාත‍්‍රියේ 10.00 න් පසුව බවටද මෙහිදී හෙළි විය. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව සේයා මියගොස් ඇත්තේ කෑමෙන් පැය 4-6ත් අතර වේලාවක බවට අනාවරණය වී ඇත. සේයා කෑම ගෙන ඇත්තේ සනධ්‍යාවේ 6ට 6.30ට පමණ බව නිවැසියන් පවසා ඇත.
එපමණක් නොව ඇගේ එක් අතක් පිටිපසට නවා ඇති බවත්, එහිදී එම අතට බරපතළ හානි සිදු වී ඇති බවත් පරීක්ෂණවලදී හෙළි විය. පරීක්ෂණ කටයුතු මේ අයුරින් සිදු වෙද්දී සේයාගේ ශරීරයේ බාහිරින් ද සාක්ෂියක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. එනම් ඇගේ ශරීරයේ තිබුණු කෙස් ගස් දෙකක් හමුවීමය. එම කෙස් ගස් දෙක ඉතා වටිනා සාක්ෂියක් වුණේ ඒ වන විටත් මේ ඝාතනය ගැන කිසිදු සාක්ෂියක් නොමැතිව සිටි නිසාය.
ඒ අනුව එම කෙස් ගස් දෙක ඞී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පොලිසිය තීරණය කළේ ඒ තුළින් අනිවාර්ය ලෙසම සාක්ෂියක් සොයාගත හැකි බව දන්නා නිසාය. ඒ අතරේ සේයාගේ ඝාතනය ගැන හොයන පරීක්ෂණ පුළුල් වුණේ ය.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් එකතු වූහ. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් කොළඹින් එකතු වූ අතර කොටදෙණියාව පොලිසිය, දිවුලපිටිය පොලිසිය සහ මීගමුව කොට්ඨාස අපරාධ ඒකකය යන කණ්ඩායම් හතර පරීක්ෂණ ආරම්භ කළේ ය.
පරීක්ෂණ සිදු කළ කණ්ඩායම් විසින් එදිනම පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදහ. ඔහු කසිප්පු ව්‍යාපාරිකයකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරනු ලැබිය. එහෙත් ඔහුගෙන් කිසිදු හෝඩුවාවක් නොලැබුණෙන් සැකකරු නිදහස් විය.
14 වැනිදා රාත‍්‍රියේ සේයාගේ මළ සිරුර නිවසට රැුගෙන ආවේය. ඊට පසුදිනම සිරුර භූමිදානය කරන්නට තීරණය කළේ සේයාගේ සිරුර දින ගණනක් තබා ගැනීමට නොහැකි තත්ත්වයක පැවති නිසාය. ඒ අනුව 15 වැනිදා උදා විය.
එදින සියලූ කණ්ඩායම් සේයාගේ අවසන් කටයුතු සිදු කළ භූමියේ රැුඳී සිටියේ ඒ වන විටත් පරීක්ෂණ සිදු කිරීමට තත්ත්වයක් එම ප‍්‍රදේශයේ නොතිබුණු නිසාය. නමුත් ඒ අතරේ බුද්ධි මෙහෙයුම් නිතර ක‍්‍රියාත්මක තත්ත්වයේ පැවතුණි. මේ අවස්ථාවේ සේයාගේ අවසන් මොහොතට සහභාගී වූ ගම්වැසියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන්නටද වූහ.
මේ සියල්ල අතරතුරේ පොලිසියට තොරතුරක් ලැබුණේය. එනම් මෙම අවමංගල්‍ය උත්සවයට ගමේ සමීප අයකු සහභාගි නොවී මගහැර සිටින බවය. එපමණක් නොව මේ පුද්ගලයාගේ හැසිරීමද සැක සහිත බව තොරතුර කීවේය. ඒ අනුව එම පුද්ගලයාද ඔහු සමග සිටි මිතුරන් දෙදෙනෙකුද සැකපිට පොලිස් අත්අඩංගුවට වූහ. ඉන් එක් අයකු වූයේ සේයාගේ අසල්වැසි නිවසේ සිටි ටයිල් බාස්ය. විවාහකයකු වූ ඔහු එක්දරු පියකු වන අතර සේයා සමග මිතුරු වී සිටි බවද කියැවේ. සැකපිට අත්අඩංගුවට පත් අනිත් පුද්ගලයා වූයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකි. තුන්වන සැකකරු රැුකියාවක් නොකරන ඔවුන්ගේ මිතුරෙකි.
ඔවුන් ගංජා භාවිතයට ඇබ්බැහි වූවන් බවත් ගංජා භාවිත කරන්නේ සේයාගේ මළ සිරුර හමු වූ වෙල්යායේදී බවත් පොලිසියට අනාවරණය විය. එමෙන්ම මේ තිදෙනාගෙන් එක් අයකු සේයාගේ නිවසටද ආගිය බවත් අනාවරණය වුණේ ය. මේ නිසා ඔවුන් පිළිබඳ තිබූ සැකය වැඩිවිය. ඒ සැකය නිසාම ඔවුන් පොලිස් භාරයේ තබාගෙන ප‍්‍රශ්න කරන්නට පොලිසිය තීරණය කළේ ය. එසේම ඉදිරියේ දී ඔවුන් අධිකරණයේ අවසරය මත ඞීඑන්ඒ පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත. කෙසේ වෙතත් දැනට සිදු කෙරෙන පරීක්ෂණවලට අනුව පැමිණි සැකකරු නියත වශයෙන්ම ජනේලයෙන් නිවසට ඇතුළු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. එසේ ඇතුළු වූ සැකකරු දරුවා රැුගෙන වෙනත් දොරකින් පිටත්ව යන්නටද ඇතැයිද සැක කරයි. එලෙස ඇතුළු වීමේදී සැකකරු ඇඳට තැබූ පය වැලි සහිතව තිබුණේද මේ නිසා බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අතරතුර එනම් 16 වැනිදා මෙම සියලූ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයා විසින් භාර කළේ ය. ඒ අනුව විශේෂ කණ්ඩායමක් එදිනම එම ප‍්‍රදේශයට පැමිණි අතර පැමිණි ඔවුන් ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කරන්නට විය. මෙම ප‍්‍රකාශ ලබා ගැනීමේදී සේයාගේ මවට තිබූ දුරකථනයත්, පසුගිය ඉරිදා නැති වී ඇති බවත් එම දුරකථනය කෙසේ නැති වුවද, කවුරුන් විසින් සොරාගත්තාද යන්න ඇයවත් දන්නේ නැති බව කියා ඇත. මේ පිළිබඳ දුරකථන විශ්‍ලේෂණ වාර්තා ලබාගත් අතර එහිදී පසුගිය ඉරිදා උදෑසනින් පසුව දුරකථනය ක‍්‍රියාත්මක වී නැති බවත් හෙළි වී තිබුණි. මේ පිළිබඳවද පොලිසිය පරීක්ෂණ සිදුකරමින් සිටියදී අතුරුදන් වූ දුරකථනය ඉන් දින දෙකකට පසුව ඔවුන්ගේම මිදුලේ තිබි නිවැසියන්ට හමු වූ බව කියයි.
දුරකථනය හමු වන විට එය කොටස් 2 කට වෙන් වී තිබූ අතර දුරකථන සිමිපතද එහි තිබි සොයා ගැනීමට හැකි වූ බව කියයි. කෙසේ වෙතත් මෙම දුරකථනය කිසිවකු හෝ සොරා ගත්තාද, එසේ සොරාගත් පුද්ගලයා පොලිසියට බියෙන් නැවතත් නිවසේ මිදුලට වීසි කළාද යන්න සැක සහිත බව පොලිසිය පවසයි.
ප‍්‍රදේශවාසීන්ගෙන් ප‍්‍රකාශ ලබාගන්නා අතර තුර සිද්ධිය සිදු වූ දින රාත‍්‍රියේ සේයාගේ නිවසට දුරින් බල්ලන් බිරූ හඬක්ද ඇහුණු බව සඳහන් කරයි. එක් බල්ලකු පන්න පන්නා බිරූ බවද ප‍්‍රදේශවාසීහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත. එහෙත් මෙලෙස බල්ලන් බිරුවත් සේයාගේ නිවසේ සිටි බල්ලා නොබිරුවේ ඇයිදැයි යන්නද පරීක්ෂණ සිදු කරන කණ්ඩායම්වල අවධානයට ලක්ව ඇත. එනම් නිවසේ බල්ලා නොබිරුවේ පැමිණි පුද්ගලයා හඳුනාගත් නිසාද? යන්න පොලිසියට සැකයක් මතුව ඇත.
තවමත් සේයාගේ ඝාතකයා අත්අඩංගුවට ගන්නට පොලිස් කණ්ඩායම්වලට පැහැදිලි සාක්ෂියක් ලැබි නැත. ඒ නිසා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් යටතේ මේ මොහොත වන විටත් දිගින් දිගටම සේයාගේ ඝාතකයා හොයා පරීක්ෂණ සිදු වෙයි.
දින අටකට දහයකට මත්තෙන් ගේ පුරා දඟ කරමින් දුව පැන්න පුංචි සේයා සේයාවක්වත් නොතබා යන්නට ගියේ නිකම්ම නොවේ. දරුවන් ගැන මව්පියන්ට සැබෑම පාඩමක් ද කියා දෙමිනි. දරුවන් උපද්දවා හැදෙන්න අරිනවාට වඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන බැලිය යුතු බව ඇය කාටත් කියා දුන්නාය. ගෙතුළ වුවත් දරුවන් ඉන්නේ කොහිදැයි සොයා බැලූවානම් අනාරක්ෂිත ජනේලයත්, ආරක්ෂාවක් නැති අන්දමින් වසන්නට පුරුදු වී සිටි දොර ගැනත් සේයාගේ නිවැසියන් සැලකිලිමත් වූවා නම් අදත් සේයාට ජීවතුන් අතර සිටින්නට ඉඩ තිබුණි.
මල් පරවෙන බව ඇත්තය. ඒත් ඒ පිපී සුවඳ දී කලටය. පුංචි සේයාට පිපෙන්නට ඉඩ ලැබුණේ නැත. ඒ සුවඳ මල් මොට්ටුවට පිපෙන්නට ඉඩ නොදී තලා, පොඩිකර දමා නටුවෙන් සිඳ දැමූ සාහසික පාපතරයා ඉක්මනින් නීතියේ රැහැනට හසු කරගන්නා තුරු හදවත් ඇත්තෝ මෙන්ම නීතියේ දෙවඟන ද මග බලා සිටිනු ඇත.

බියංකා නානායක්කාර - ගයාන් ගාල්ලගේ
ikmangossiplanka | lankacnews | dailynews
No comments:
Post a Comment