Police Mistakes During Seya's Murder Trial

සේයා ඝාතන පරීක්‍ෂනයේදී පොලිසියට වැරදුන තැන​
Lanka Mini Gossip
පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය ඝාතනයේ වගකීම භාරගන්නා බවට 36 හැවිරිදි සමන් ජයලත් නැමති සැකකරු පාපොච්ඡාරණයක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳුදා අධිකරණයට දැනුම් දුන්නේය. ඔහු, ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් 'කොණ්ඩයා' නම් සැකකරුවා ගේ සහෝදරයායි. දුනේෂ් ප්‍රියශාන්ත එම ඝාතනය
පිළිගෙන පාපොච්චාරණය කළ බවයි මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිසිය කියා සිටියේ. එම වරදම තවත් පුද්ගලයකු එනම් ප්‍රධාන සැකකරුවාගේම සොහොයුරා සිදුකළ බවට පොලිසිය කරන ප්‍රකාශයත් සමග සේයා ඝාතන පරීක්ෂණ සිදුවී ඇති ආකාරය පිළිබඳව ගැටළු රැසක් පැන නගී.
පාපොච්ඡාරණ දෙකක්
සේයා දැරිය ඝාතනය කිරීමේ සිදුවීම් පෙළ ගැසෙන්නේ මේ ආකාරයට.

1. සැප්තැම්බර් 11 වන දින සේයා සදෙව්මි අතුරුදන්වීම

2. සැප්තැම්බර් 13 වන දින දැරියගේ මළ සිරුර හමුවීම

3. සැප්තැම්බර් 18 වන දින 17 හැවිරිදි පාසල් සිසුවකු සහ එක්දරු පියකු සැකපිට අත්අඩංගුවට ගැනීම

4. සැප්තැම්බර් 23 වන දින ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පැවසූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' අත්අඩංගුවට ගැනීම.

5. සැප්තැම්බර් 24 වන දින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය නම් කිරීම සහ ඝාතනය සිදුකළ ආකාරය ඔහු පාපොච්ඡාරණය කළ බවට මාධ්‍ය වාර්තා පළවීම


6. ඔක්තෝබර් 01 වන දින DNA වාර්තා නොගැලපීම නිසා 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා නිදහස් කිරීම

7. ඔක්තෝබර් 03 වන දින සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට පොලිසිය පැවසූ දුනේෂ් ප්‍රියශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම

8. ඔක්තෝබර් 05 වන දින ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්තගේ සහෝදරයා වන සමන් ජයලත් ඝාතනයේ වගකීම භාරගත් බව පොලිසිය පැවසීම 'ඇයි අපරාධ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ඒ තොරතුරු මාධ්‍යට දෙන්නේ?'

පොලිස් පරීක්ෂණයේ සිදුවීම් පෙළගැස්ම සලකා බලන විට ගැටළු රැසක් මතුවන බවයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

"දැන් පොලිසියම කියනවා, සැකකරුවන් දෙදෙනෙක් පාපොච්ඡාරණය කළා කියලා. මේ වගේ වුනාම වෙන්නේ නඩුවක් ඔප්පු කරගන්න බැරි වෙන එක. DNA වගේ වෙනත් සාක්ෂි හොයාගත්තේ නැත්නම් අපරාධ විමර්ශකයෝ විශාල ප්‍රශ්නයකට පත්වෙනවා."

මාධ්‍ය වෙත නිකුත්කිරීම පොලිසිය ඉදිරියේ සිදුකරන පාපොච්ඡාරණයක් නීතියේ ඉදිරියේ කිසිදු වලංගුභාවයක් නොමැති බව පෙන්වා දුන් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ, එවැනි පාපොච්ඡාරණ මාධ්‍යවලට නිකුත්කිරීම ගැටලුවක් බවත් පැවසීය.

"පරීක්ෂණ සිදුවිය යුත්තේ ඉතාමත් රහසිගතවයි. නඩුවක් විභාග වන විට ඒකට ප්‍රසිද්ධිය ලබාදීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් විමර්ශන අවස්ථාවේ මේවා හෙලිකිරීම විමර්ශනයට විශාල බාධාවක්. ඇයි අපරාධ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ඒ තොරතුරු මාධ්‍යට දෙන්නේ?"

ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශකයන්ට නව තාක්ෂණික දැනුම ලබා නොදීම හේතුවෙන් තවමත් ශ්‍රී ලංකාවේ අනුගමණය කෙරෙන්නේ සැකකරුවන්ට වද හිංසා පමුණුවා සාක්ෂි ලබාගැනීමේ ක්‍රියාපිලිවෙතක් බව නීතිවේදී කුමාරගේ වැඩිදුරටත් පැවසීය.

"තාම කරන්නේ පැරණි ක්‍රමයට. නවීන තාක්ෂණයත් එක්ක විද්‍යාත්මක ක්‍රම අනිකුත් රටවල අපරාධ පරීක්ෂණ සඳහා යොදාගන්නේ."

මේ පිළිබඳව විමසූ අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශයට කියා සිටියේ සැකකාර සමන් ජයලත් ගේ ඉල්ලීම පරිදි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

සැකකරු අඟහරුවාදා DNA පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් තවමත් මූලික පරීක්ෂණ පැවැත්වෙන බැවින් කිසිදු සැකකරුවකු 'අපරාධකරුවකු ලෙස නම් කිරීමට' හැකියාවක් නැති බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

No comments:

Post a Comment

Popular Posts