Pavithra Wanniarachchi Third Class Behavior

පවිත්‍රා නෝනට සමුළුවේදී මල පැනලා
ikmangossiplanka
පොළොන්නරුවෙ තිබුන බුලත් කොළේ කස්ටියගේ මහ සම්මේලනේ වේදිකාවේ මාර ගෝරියක් ගියා..මේක හුඟ දෙනෙක් දැක්කෙ නැති වුනාට වැඩේ නම් නැගලම ගියා. ගෝරියට සම්භන්ධ වුනේ පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමති නෝනා කෙනෙකුයි, ඇමති මහත්තයෙකුයි… දෙන්නගෙම ගම් පළාත සබරගමුව. මේ දෙන්නගෙ නෑදෑ සම්භන්ධෙකුත් තියෙනවා. ඒත් මනාප කේස් වලදි තනතුරු කේස් වලදි නෑදෑකම් කැලේ යනවනෙ. මේ එක්කෙනෙක් අනෙකට වඩා මනාප තුන්දාහක් අරගෙන ගරු වෙලාලු
හිටියෙ. මේ දෙන්නා මහ සමුළු වේදිකාවෙ බැණ ගත්තෙ ඇමතිකම් ගැන ඇතිවෙච්ච කතාවක් නිසාලු. මේ වලියෙ එක පාර්ශවකරුවකු වූ ඇමති මහත්තයා ටිකක් හෙමින් කතා කලත් නෝනා නම් පැන පැන ගෝරිය වවාගෙන ගියා. අන්තිමට වැඩේ කන්දොස්කිරියාවක් වේගෙන එනකොට හිටපු මහලේකම් යාපා උන්නැහේටත් කේන්ති ගියා. ගිහිල්ලා ඔය ආරවුල් මෙතන බෑ කියලා හිටපු ඇමති නෝනට සද්දෙන් කිව්වම සද්දෙ වහගෙන ගිහිල්ලා වාඩි වෙනවා පෙනුනාලු.

No comments:

Post a Comment

Popular Posts