Katunayake Couple Story - Update

ෆේස්බුක් වීඩියෝව නිසා ගුටිකෑ පෙම්වතා සහ පෙම්වතියගේ නොකිය වුණු කතාව​
Lanka Mini Gissip
පසුගිය දිනවල මාධ්‍ය තුළ කාන්තා හිංසනයක් යයි දක්වමින් ප‍්‍රසිද්ධවූ තරුණියක හා තරුණයන් දෙදෙනෙකුගේ ආරවුල් වීඩියෝව පිළිබඳ කතාව නිමාවට පත්වූයේ එම තරුණිය කටුනායක පොලිසියට පැමිණ තමන්ට ඒ ගැන ප‍්‍රශ්නයක් නැති බවත් වීඩියෝව පිටකළ අය සොයාදෙන ලෙස කරන ලද ඉල්ලීමකින් පසුවය. අතර විවාහවන්නට අපේක්ෂාවෙන් සිටි බවද පැවසුණා. තරුණිය සිද්ධිය ප‍්‍රසිද්ධ කිරීම ගැන
මාධ්‍යයටද දොස් පැවරුවා. නමුත් මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස ෆේස් බුක් හා වෙබ් අඩවි වල කොමෙන්ටු පළ කළ වැඩිදෙනා කියා තිබුනේ මේ ආකාරයේ කෙනෙකු විවාහ කරගතහොත් ඇයට සිදුවිය හැකි අගතිය ගැනයි. එනමුත් විවාහක කාන්තාවක වන මෙම තරුණිය එම විවාහය අතහැර මෙම පෙම්වතා සමග එකම නිවසක පදිංචිව සිටින්නියකි.
ඇය පිළිබඳ වැඩි විස්තර පොලිසිය වෙත ප‍්‍රකාශ කර තිබුනේ පහත පරිදිය.
කටුනායක ඇ`ගලූම් කම්හලක සේවය කරන 23 හැවිරිදි තරුණියකවූ ඇය ගල්ගමුව පාළුකන්දව ග‍්‍රාමයේ පදිංචිකාරියකි. ඇයට වයස 16 දී 2008 වසරේදී ඇය සිය පළමු විවාහය සිදු කරගෙන ඇත. එම විවාහයේ පැනනැගි ගැටලූ හේතුවෙන් එය මගහැර දමා තිබෙන ඇය කටුනායක මාදුවපිටිය ප‍්‍රදේශයේ බෝඩිමක නතරවන්නට ඇවිත් තිබෙන්නේ 2014 වසරේදීය.
ඒ ඇ`ගලූම් කම්හලේ රැුකියාවක් ලැබුණ නිසාය.ඇය ඒ ආසන්න බෝඩිමක පදිංචි ඇගේ ඇ`ගලූම් කම්හලේම සේවකයෙකු
වන මෙකී පෙම්වතා සමග සම්බන්ධයක් අරඹා ඇත්තේ ඉන් පසුවය.
මේ වනවිට මෙම දෙදෙනා විවාහවී නැති නමුත් රද්දොළුගම ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එම නිවසේ එකට පදිංචිවීම අරඹා තිබේ. ඔවුන් අනාගතයේ නීතියෙන් විවාහවීමට අපේක්ෂා කරන බවද පොලිසියට පවසා ඇත.
2014 වසරේ නොවැම්බර් 15 දිනයේ එම පෙම්වතාගේ උපන්දිනය යෙදී තිබී ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකු සමග මාදුව ගෙ`ග් චාරිකාවක් ගොස් ඇත. එම ග`ග ආසන්න ඉඩමක මත්පැන් සාදයක් පැවැත්වූ අවස්ථාවේ අදාළ වීඩියෝව පටිගත කර ඇත්තේ ඔවුන් සමග සිටි මිතුරෙකි.
තමා පෙම්වතාට අරක්කු බොන්න එපා කියා බැණ වැදුණ බවත් එම අවස්ථාවේ ඔහු තමාට පහරදුන් බවත් ඇය පොලිසියට පවසා තිබුණි. කෙසේ වෙතත් සුළු ආරවුලක්වූ එය එතැනින් නිමාවූ බවත් එය දෙදෙනාටම මතක නැති බවත් ඇය කියා සිටී. මෑත කාලයක එම සිද්ධියේ වීඩියෝව දුරකථන අලූත්වැඩියා ස්ථානයකදී කිසියම් අයෙකු සොරකම් කර අන්තර්ජාලයට දමා ඇති බව ඇය සහ පෙම්වතා පොලිසියේදී කියා තිබුණි.
සිද්ධිය ප‍්‍රසිද්ධවීම නිසා තරුණයා සේවය කළ ඇ`ගලූම් කම්හලේ පිරිසක් ඔහුට පහරදී ඇසක්ද ඉදිමී තිබුණ අතර තමන්ගෙ පුද්ගලික වීඩියෝව සමාජගතවීමේ බලපෑමෙන් මිදීමට ඔවුන් පොලිසියට යාමට තීරණය කර ඇත්තේ ඉන් පසුවයි.
නමුත් ඔහු පොලිසියට පහරදීමේ සිද්ධිය පැමිණිලි කර තිබුනේ නැත.

No comments:

Post a Comment

Popular Posts