Lindsay Lohan Cries in Court

ලින්ඩ්සේට නඩු පිට නඩු
ikmangossiplanka
සුපිරි නිළි ලින්ඩ්සේ ලෝහන් රියැදුරකුට ණය වෙලා. එඩිසන් රිකී නමැති රියැදුරාටයි ඇය ණයකාරියක වී ඇත්තේ. එඩිසන් පවසන්නේ ලින්ඩ්සේ ලෝහන් වෙනුවෙන් සැපයූ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් තමන්ට ඇගෙන් ඩොලර් 27,000 ක් ලැබිය යුතු බවයි. මේ මුදලට තමන් විසින් ඇය වෙනුවෙන් ගෙවා දමන ලද ඩොලර් 1439 ක හෝටල් ගාස්තුවක් ද ඇතුළත් වන බව ද ඔහු පවසනවා. එඩිසන්, ලින්ඩ්සේ ගේ රියැදුරා ලෙස 2012 වසරේ අගෝස්තු මාසයේ සිට ඔක්තෝබර් දක්වා සේවය කර තිබෙනවා. ඔහු ඉල්ලා සිටින්නේ එම කාලය තුළ ඇය
වෙනුවෙන් සේවය කිරීමට අදාළ ගාස්තුවයි. පසුගිය දා එඩිසන් මේ සියලුම මුදල් ලින්ඩ්සේ ගෙන් අය කර ගැනීමට උසාවියෙහි නඩුවක් ද පවරා තිබෙනවා. ලින්ඩ්සේට මීට පෙර ද නොයෙකුත් කරුණු උඩ නීතිමය ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවුණා. එයින් එක් අවස්ථාවකදී ද ඇයට චෝදනා එල්ල වුණේ නියමිත මුදල් ප්‍රමාණයක් නොගෙවා පැහැර හැරීමක් පිළිබඳවයි. තවත් අවස්ථාවකදී ඇයට චෝදනා එල්ල වුණේ ඇය පදවාගෙන ගිය වාහනයෙන් අනතුරක් සිදුකර පලා යාම පිළිබඳවයි.
ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

No comments:

Post a Comment

Popular Posts