Suspect Caught With Kidnapped Girl

වාහනේ ගිය දැරිය පොලිසියේදී තරුණියක් වෙලා
ikmangossiplanka.com
බාලවයස්කාර පාසල් සිසුවියක් මෝටර් රථයේ නංවාගෙන තලාව ප්‍රදේශයට රැගෙන යමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයා 15 හැවරිදි පාසල් සිසුවිය සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇය  පාසලට පැමිණෙමින් සිටියදී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් තලාව දෙසට රැගෙන ගොස් ඇතැයි සිසුවියගේ පියාගේ හිතවතෙකු පොලිසියට
දැනුම් දී තිබෙනවා. පාසල් සිසුවිය රැගෙන යාම පිළිබඳව පොලීසියට පැමිණිලි ලැබී ඇති බව දැනගත් තරුණයා පාසල් සිසුවිය ත්‍රී රෝද රථයකින් අනුරාධපුරයේ පිහිටි ඇයගේ නිවසට නැවත එවීමට කටයුතු කර පොලීසිය නොමග යැවීම සඳහා හිතවත් තරුණියක්  මෝටර් රථයේ නංවාගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණ ඇතැයි සඳහන් වනවා.
එහෙත් සිය දියණිය පාසල් ගොස් නොමැති බවට පියාද පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකථන ඇමතුම් ලබාදි පැමිණිලි කර තිබීම නිසා තරුණයාත් අන් අයෙකු ලෙස පෙනීසිටීමේ චෝදනා මත තරුණියත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බාලවයස්කාර දැරිය තරුණයා අතින් ලිංගික අපයෝජනයකට ලක්ව ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට රෝහල් ගත කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

Popular Posts