Lanka Cricket Board Money Fraud

''ඒ බිල මගේ නෙවෙයි වජිරගෙයි..'' - ගයත්‍රි
Lanka Mini Gossip
ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් අංශයට තමා ව්‍යාජ බිලපතක් දුන් බවට පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අළෙවි හා සන්නිවේදන අංශ ප්‍රධානී වජිර දසනායක මහතාගේ ලේකම්වරිය වන ගයාත්‍රී විකුමසිංහ පැවසුවාය. ඇය මේ බව කියා සිටියේ “ ගයත්‍රීගේ පරීක්ෂණය යටගහන අතුරුකමිටු සාමාජිකයා ?” යන සිරස්තලයෙන් ශ්‍රී ලංකා මිරර් පල කරන ලද පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. ඇය වැඩිදුරටත් කියා සිටියේ තමා ශ්‍රී ලංකා ක්‍රිකට් අළෙවි හා සංනිවේදන අංශ ප්‍රධානී වජිර දසනායක මහතාගේ ලේකම්වරිය බවත්
තමාට අදාල බිල්පත ලබාදුන්නේ වජිර විසින් ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශයට ලබාදෙන ලෙස දන්වමින් බවයි. ඒ අනුව අදාල බිල්පත ගිණුම් අංශයට බාරදීම හැර තමා එහි මුදල් ලබා නොගත් බවත්, ඒ මුදල් වියදම්කර තිබුණේ වජිර බැවින් ඒවා ලැබිය යුතුව තිබුණේද ඔහුට බවයි. මේ කියන ආකාරයේ සොරකමක් සිදුව නොමැති බවද පවසන ගයාත්‍රී වජිරට රුපියල් 16,000ක් ලැබී නැතිබවත්, ඇයට ලැබී ඇත්තේ රුපියල් 6.000ක් බවත් කියා සිටී.

No comments:

Post a Comment

Popular Posts