Preschool Teacher Sealed Students Mouths with Plasters

දරුවන්ගේ කටට ප්ලාස්ටර් ගසන පෙරපාසල් පාලිකාව​
Lanka Mini Gossip
අද ලෝක ළමා දිනයයි. රටම ලෝක ළමා දිනය සමරද් දී පෙර පාසල් දැරියකගේ කටට ඇය ඉගෙනුම ලබන පාසලේ පාලිකාව 'ප්ලාස්ටරයක්' අලවා එවීමේ සිද්ධියක් උතුරු කොළඹ මෝදර පිහිටි එක්තරා පෙර පාසලකින් වාර්තා වනවා. දැරියගේ කටට ප්ලාස්ටර් ගසා ඇති අයුරු දැකීමෙන් කලබලයට පත් දැරියගේ මවුපියන් සැණින් දැරියගේ මුඛයේ අලවා තිබූ 'ප්ලාස්ටරය' ගලවා දමා ඇයගෙන් මේ ගැන ප්‍රශ්න කර තිනෙවා.  තරමක බියගුලු ස්වභාවයකින් පසු වූ දැරිය ඒ ගැන කිසිවක්
දෙමව්පියන්ට පවසා නැත. මෙයින් කෝපයට පත් මවුපියන් වහා දැරියත් කැටුව පාසලට ගොස් තිබෙනවා. පෙර පාසල් ගුරුතුමිය එහිදී දැරියගේ මවුපියනට කදිම පිළිතුරක් දී තිබෙනවා. එනම්, 'ඔයාලාගේ දුවට හරියට කේන්ති යනවා... එයා අනෙක් ළමයින්ව හපා කනවා.... ඒ නිසයි මම එහෙම දෙයක් කළේ...' යන්නයි. ඉන් අනතුරුව දෙපක්ෂය අතරේ ඇති වූ තද බහින් බස් වීමකින් පසු දැරිය එම පාසලෙන් අස් කරගත් මවුපියන් ඇයව වෙනත් පාසලකට ඇතුළු කිරීම සඳහා පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Popular Posts