Susil Premajayantha to Presidential Commission of Inquiry

මහින්දගේ කිවිසුමේ සොටු සුසිල්ගේ ඇඟේ
Lanka Mini Gossip
ඉකුත් ජනාධිපතිවරණයේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ රාජ්‍ය මාධ්‍ය ආයතනයක දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 115ක මුදලක් නොගෙවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඊයේ (30) කැඳවා තිබිණ. පසුගියදා මෙකී චෝදනාව
ගැන එම කොමිසමේ නිලධාරීන් මහින්ද රාජපක්ෂගේ මිරිහානේ නිවසට ගොස් ප්‍රකාශයක් ගත් අවස්ථාවේදී ඔහු පවසා තිබුණේ ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක දැන්වීම් සම්බන්ධ කටයුතු පක්ෂයක් ලෙස කළ බැවින් ඒ ගැන පක්ෂ ලේකම්වරයාගෙන් අසන ලෙසයි. ඒ වන විට සන්ධානයේ මහලේකම්වරයා ලෙස සිටියේ සුසිල් ප්‍රේමජයන්ත මහතාය. මෙකී ගනුදෙනුව ගැන අදාළ මාධ්‍ය ආයතනයේ හිටපු සභාපතිවරයාගෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන්ද ප්‍රශ්න කර තිබූ බව වාර්තා විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ මෙම පාවාදීම පිළිබඳව සුසිල් ප්‍රේමඡන්ත දැඩි කෝපයෙන් පසුවන බවට වාර්තාවේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ මෙම පාවාදීම පිළිබඳව සුසිල් ප්‍රේමඡයන්ත දැඩි කෝපයෙන් පසුවන බවට වාර්තාවේ. පැවති මහමැතිවරණයේදී පැරදුණු මහින්ද යළි අගමැති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් සිදුකරන ලද්දේද සුසිල් ප්‍රේමඡයන්ත විසිනි.

No comments:

Post a Comment

Popular Posts