717 Killed in Crush During Hajj in Mecca

මක්කම තෙරපීමකින් 717 කට අධික පිරිසක් මරුට (වීඩියෝ)
ikmangossiplanka
මක්කම වන්දනාවේ ගිය පිරිස අතර වූ තෙරපීමකින් 717කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එහිදී  850කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.මක්කමට ආසන්න, මීනා නගරයේදී ජනතාව හදිසියේ කලබල වීම හේතුවෙන් මෙම තෙරපීම ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අද සිදු වූ තෙරපීමෙන් ශී‍්‍ර ලාංකිකයන් කිසිවෙකුට හෝ හානි සිදුව ඇතැයි මේ දක්වා
වාර්තා නොවූ බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඞ් හාෂිම් මහතා පවසනවා. තමන්ද මේ වනවිට මක්කම පුද බිමේ රැඳී සිටින බවයි ඔහු කියා සිටියේ. හජ් සැමරුම අතරවාරයේ සිදුවූ තෙරපීම්වලින් මීට පෙරද අවස්ථා කිහිපයකදි වන්දනාකරුවන් මියගොස් තිබෙනවා. 2006 වසරේදී වන්දනාකරුවන් 364 දෙනෙකුද, 1997 වසරේදී වන්දනාකරුවන් 343 දෙනෙකුද මියගිය බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. 1994 වසරේදී වන්දනාකරුවන් 270 දෙනෙකුද, 1990 දී වන්දනාකරුවන් 1426 දෙනෙකුද මියගොස් තිබෙනවා.


No comments:

Post a Comment

Popular Posts