Daughter Left Her Father To Death

ජාතක කළ වරදට දිතණියක් දුන් දඬුවම (වීඩියෝ)
Lanka Mini Gossip
වැඩිහිටි දිනය සැමරුවේ ඉකුත් 01 වැනි දා ය. ඒ සමගම ඉකුත් ඉරිදා එනම් පෝය දිනයේ තම දියණිය විසින් සිය මහළු පියා මාලබේ බස් නැවතුම් පොළේ දමා යන්නේ කවර හේතුවක් නිසාවෙන් ද යන්න නොදනී. ඔහුගේ දෙපා වාරු නොමැතිවන තරම් වෙහෙසවන්නට ඇත්තේ සිය දරුවන් පෝෂණය කර උස්මහත් කිරීමට විය හැකි ය. ඇතැම්විට එකල මේ පියා කුසට අහරක් නොගෙන දිවා රෑ වෙහෙසී කුලී වැඩක් කරන්නට ඇති. කෙසේ හෝ
මහන්සිවන්නට ඇත්තේ කිසිවිටෙකත් ඔහුගේ බඩ වඩා ගන්නට නම් නොවේ. දෙමව්පියන් දරුවන් උස් මහත් කර අධ්‍යාපනය ලබා දී ඉහළට යැවීමට අරගල කළ ද ඔවුන් දරුවන්ගෙන් සැළකුම් හෝ අන් කිසිවක් අපේක්ෂා නොකරයි. එහෙත් හිතක් පපුවක් ඇති දරුවෙකුට තම පියා මෙලෙස සිව්පා සතෙකු මෙන් දමා යා හැකි ද? එය කළ හැකි වුවත් නොවුණත් ඒ අසරණ පියා පාරට ඇද දමා ඔහුගේ දරුවන් සුඛෝපභෝගී මන්දිරවල සැප විඳිනවා විය හැකි ය. තරුණ කාන්තාවක විසින් ඔහු ව එම ස්ථානයට ගෙන දමා ගිය බව ඇසින් දුටුවෙකු විසින් සඳහන් කරයි. අවසානයේ එම අසරණ පියාට පිහිට වූයේ පොලීසියයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Popular Posts