Grease Yaka Escaped From Police

ගම්මු අල්ලලා දුන්න ග්‍රීස් යකා පොලිස් ඇසට වැලිගසා පැන ගිහින්
පාලින්දනුවර, බදුරලිය, ලත්පඳුර නිරුවතින් සැරිසරලා
ikmangossiplanka.com
පාලින්දනුවර බදුරලිය,ලත්පඳුර ඇතුළු තදාසන්න ප්‍රදේශවල කලක්‌ තිස්‌සේ නිරුවතින් ශරීරයේ ග්‍රීස්‌ තවරා ගෙන සැරිසැරූ පුද්ගලයකු පඤ්ඤාසේන ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා බදුරලිය පොලිසියට භාර දී තිබේ. වයස අවුරුදු 50 ක්‌ පමණ වන මෙම ද්‍රවිඩ ජාතිකයා ශරීරයේ ග්‍රීස්‌ තවරා ගෙන කිසිවකුට අල්ලා ගැනීමට නොහැකි ලෙස එම ප්‍රදේශයේ නිවාස කීපයකට ඇතුළු වී ඇති අතර එක්‌ නිවසක පාසල් දැරියක්‌ අපයෝජනය කිරීමට ද උත්සාහ කර ඇත. එහිදී දැරිය අවදි වී කලබල කිරීම නිසා නිවැසියන් අවදිව ගම්වැසියන් සමඟ එක්‌ව සැකකරු අල්ලා ගෙන තිබේ. ගම්වැසියන්ගේ පහර කෑමට ලක්‌ වූ සැකකරු තුවාල ලබා
බදුරලිය රෝහලට ඇතුළත් කළ ද එහිදී ඔහු පලාගොස්‌ ඇතැයි පැවසේ. මේ පිළිබදව නිවැසියකු පැවසුවේ එම පුද්ගලයා අල්ලා පොලිසියට භාරදුන් අවස්‌ථාවේ රෝහල්ගත කළ බවත් මොහු පලා යා හැකි බව තමන් පැවසූ විට පොලිසිය එහි වගකීම භාර ගන්නා බව අවධාරණය කළ ද පොලිස්‌ ඇසට වැලි ගසා ග්‍රීස්‌ යකා පැන යැම කනගාටුවට කරුණක්‌ බවයි.

No comments:

Post a Comment

Popular Posts