Girl Raped by Her Ex-Boyfriend

අමතක කළා කියලා පෙම්වතියව බලහත්කාරයෙන් දූෂණය කරලා
ikmangossiplanka.com
තමා අමතක කළ පෙම්වතිය බලහත්කාරයෙන් දුෂණය කළ සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව සාලියවැව පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ සාලියවැව පොලිස් වසමේ යාය 07 වීරපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන වයස අවුරුදු 16ක තරුණියකි. අතවරයට පත්ව ඇති තරුණිය සැකකරු සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන්ය. නමුත් තම පෙම්වතා අධික ලෙස මත්පැන් පානය කරන බව දැන ගෙන ඇති
තරුණිය ඔහුව අතහැර ඇති බවත්, ඉන් කෝපයට පත්ව ඇති සැකකරු දිනක් කිසිවෙකු නොමැති අවස්ථාවක තරුණියගේ නිවසට පැමිණ ඇයව ආසන්නයේ ඇති තහඩු මඩුවකට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂ්‍ය කර ඇති බවත් පොලීසිය කියයි.
පසුගිය ජුලි මාසය තුළ මෙම අතවරය සිදුවී ඇතත් තරුණිය මේ බව කිසිවෙකුට පවසා නැත. නමුත් තම සහෝදරියට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් තරුණියගේ සහෝදරයෙකු මුලින්ම දැනගෙන ඇති අතර ඉන් පසුව මෙම සිද්ධිය පොලීසියට දැනුම් දීමට තරුණිය ඇතුළු පවුලේ අය කටයුතු කර ඇත.
අතවරයට පත්ව ඇති තරුණිය මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.සැකකරු ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව පොලීසිය කියයි.සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

No comments:

Post a Comment

Popular Posts