Movie About A Former US President

හිටපු ජනපතිවරයෙකු ගැන චිත්‍රපටියක්!
ikmangossiplanka
ඇ‍මරිකාවේ 36 වැනි ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් ගේ චරිතය රැගත් චිත්‍රපටයක වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුණා. මෙහි ලින්ඩන් බී. ජොන්සන්ගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ නළු වුඩී හැරෙල්සන්. රොබ්රීනර් අධ්‍යක්ෂණය කරන මේ සිනමා නිර්මාණයේ තවත් කැපී පෙනෙන චරිතයක් වන්නේ ජැකී කෙනඩියි. මේ චරිතය නිරූපණය කිරීමට තෝරා ගෙන ඇත්තේ ජනප්‍රිය නිළි කිම් ඇලන්. කිම් ඇලන් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ
‘ආමිවයිව්ස්’ නම් වූ රූපවාහිනී මාලා නාට්‍යයේ රඟපෑමෙන්. චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 දායි. මේ චිත්‍රපටයේ රැල්ෆ් යාබරෝ නම් වූ ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් මන්ත්‍රීවරයා ලෙස රඟපාන්නේ බිල් පුල්මාන්. 1965 දී ඩලාස් නගරයේ පැවති මෝටර් රථ පෙරහැරේදී එවකට ඇ‍ෙමරිකානු ජනාධිපතිවරයාව සිටි ජෝන් එෆ්. කෙනඩි මහතාව ඝාතනය කිරීමේ සිද්ධියද මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. කෙනඩි ජනාධිපතිවරයා මිය ගිය පසු එම ධුරයට පත්වූයේ ලින්ඩන් බී. ජොන්සන්. ජනප්‍රිය නිළි කිම් ඇලන් නිරූපණය කරන්නේ ජෝන් එෆ්. කෙනඩිගේ බිරිඳ ජැකී කෙනඩි ගේ ජීවන චරිතයයි.

No comments:

Post a Comment

Popular Posts