Ravi Karunanayake Reveals Ethanol Import Figures

එතනෝල් ජාවාරමට සම්බන්ධ රටම දන්න නම් දෙකක් හෙළිකරයි!
ikmangossiplanka
මුදල් විසර්ජන පනතේ 08 වන වගන්තිය යටතේ ඉදිරිපත් කෙරුණු නියමයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. මෙම විවාදයට එක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එතනෝල් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ අනාවරණ කළා. හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ සහෝදරයෙකු ද ඒ අතර වන බවයි එහිදී කියැවුණේ. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා පැවසුවේ
" අද මාධ්‍ය තුළින් එතනෝල් කන්ටේනර් පිළිබඳ ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නෙ නැහැ. අසන්නට ලැබෙනවා නම් ඒ වගේ කිහිප ඉන්නවා. අද මා නම් කරන්නම් ඒ කවුද කියලා. දේශපාලකයින්ගෙ නම් පාවිච්චි කරලා ඒ අයගෙ පිටිපස්සෙ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් හොයලා බලලා තියෙනවා මේ ගැන. මිස්ටර් ජයලත් පීරිස්, මිස්ටර් ශෂිදරන්. ශෂිදරන් කියන්නේ මේ රටේ ක්‍රිකට් ගහපු එක්කෙනෙක්ගෙ මල්ලි කෙනෙක්. මේ නම් දෙක දැන ගත්ත කමන් දන්නවා කවුද කියලා. ගිය අන්තර් ආණ්ඩුව කාලෙත් නොයෙක් සුන්දර කතා කියලා අපි පස්සෙත් ආවා. " යනුවෙනි.

No comments:

Post a Comment

Popular Posts