Piyumi & Shashi Speaks About Fight

එක මිනිහෙක්ට ගහ මරා ගන්නා නිරූපිකාවෝ
ikmangossiplanka
පසුගියදා නුගේගොඩ ගුවන් පාලම යටදී ටෙලි නිළියන් තිදෙනෙකු ඇඳුම් ඉරාගෙන ගුටි කෙළියක නිරතවීමේ සිද්ධියක් ගැන මාධ්‍ය වාර්තා පළවූ බව ඔබට මතක ඇති. ශෂී,හංසමාලි හා ආක්ෂා යන නිළියන්ගේ පුද්ගලික ප‍්‍රශ්නයක් මත පැනනැගුනේ යයි කියන මේ සිද්ධිය නිසා කොහුවල හා මිරිහානේ පොලිසි මගින් පරීක්ෂණ පැවැත්වූ අතර මේ වනවිට එය අධිකරණයටද රැුගෙන ගොස් තිබෙනවා. මෙම ආරවුලට ආක්ෂා සුදාරි එක්වුවත් ඇය එතැනදී හංසමාලීගේ යහළුවා ලෙස පැත්තකට වී සිද්ධිය බලා සිට අතර හංසමාලි හා ශෂී ගහගෙන
ඇත. ඇඳුම් ඉරී ඇත්තේ ශෂීගේය. මෙම ආරංචිය පැතිරයාම ගැන ලජ්ජාවට පත්වනවා වෙනුවට එම ගුටි කෙලියට දායකවූ හංසමාලි හා ශෂී පසුගිය ඉරිදා පුවත්පත්වලට ප‍්‍රකාශද ලබාදෙමින් එය තුළින් ප‍්‍රකට වීමට උත්සාහ දරන ආකාරයක්ද දැන් පෙනෙන්ට තිබෙනවා. මේ සම්බන්ධව ඇඳුම් ඉරුන නිරූපිකාව ශෂී හේවගේ මව්බිම පුවත්පතට මෙසේ පවසා තිබුණා.
මම ගැහුවෙ නැහැ. මට ගැහුවා... මම යන පාර හරස් කරලා පියුමි මටයි ගැහුවේ. පියුමි ආවේ ආක්ෂාගේ වාහනේ. ආක්ෂා තමයි නුගේගොඩ ගුවන් පාලම යටදී මම ගිය ත‍්‍රීවීලර් එක හරස් කරලා එයාලගේ වාහනේ නතර කළේ. පියුමි මාත් එක්ක තරහින් ඉන්නේ.හේතුව වැරැුදි වැටහීමක්.ඒක එයාගෙ පෙම්වතා සම්බන්ධ ප‍්‍රශ්නයක්.
මං එයාගෙ සැමිය එක්ක හිටිය කියල මාව ගෙදරින් එළෙව්වා කියලත් බොරු කතාවක් ගොතලා. එහෙම වුනේ නෑ.. මං පියුමිගෙ ගෙදර නවාතැන් අරගෙන හිටියා මාසයක්. ඒ කාලෙ එයාගේ සැමියාට නම්  ඕනෙ වුණා මා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න. ඒත් මගෙන් පුංචි අනුබලයක්වත් ලැබුණෙ නැහැ. අපි යාළුවො තමා.මම වැල්ලවත්තේ මගේ නවාතැන හොයාගන්නකල් හිටියේ ඒ යාළුකමට.
පියුමිත් සැමිය මං පස්සෙ එන බව දැනගෙන හිටියේ. යාළුවාට හංගන්න දෙයක් නෑනේ. එයාගේ සැමියා වුණත් ඒ දේවල් ප‍්‍රසිද්ධියේ කියපු අවස්ථා තිබුණා. ප‍්‍රශ්නෙ ඇති වුණේ මගේ ගෙදර පියුමි එයාගෙ පෙම්වතා එක්ක යන්න එන්න පටන් ගත්තාට පස්සේ. මම ඒ වැඬේට කැමති වුණේ නෑ...
එයා ආවට ප‍්‍රශ්නයක් නෑ. ඒත් පෙම්වතා එක්ක එනවට කැමති වුණේ නෑ. ඒක කියපු දවසේ ඉඳන් තමයි ඇය මා එක්ක තරහා වුණේ. නුගේගොඩදි මට ගැහුවා විතරක් නෙමෙයි. මරණ තර්ජන පවා කරලා තියෙනවා. ඇසිඞ් ගහනවා කිව්වා. ෆීල්ඞ් එකේ වැඩ කරන්න දෙන්නෙ නෑ කිව්වා. එහෙම කරන්න හේතුව ඇයගේ වැරැුදි වැටහීම. එයාගෙ පෙම්වතා නීතිමය ප‍්‍රශ්නයකට මැදි වුණා. මට ඒ ගැන හෙළි කරන්න බෑ.
මොකද ඒක රහස් පොලිසියත් සම්බන්ධ නීතිමය ප‍්‍රශ්නයක් නිසා. ඇය හිතුවා ඇගේ පෙම්වතාට එහෙම වුණේ මගේ ඔත්තුවක් නිසා කියලා... ඒක සම්පූර්ණයෙන්ම වැරැුදි වැටහීමක්. මම විවාහකයි. මගේ සැමියා විදෙස්ගතව ඉන්නේ. ඔහු ස්වීඩන් ජාතිකයෙක්. මේ ප‍්‍රශ්නත් එයාට ආරංචි වුණා. එයා මාව එහෙට ගන්න වැඩකටයුතු කරනවා. තව මාස කීපයකින් මම යනවා.
සිද්ධියට සම්බන්ධ පියුමි හංසමාලි රූපවාහිනී නිවේදිකාව මේ ගැන කියා ඇත්තේ මෙසේය.
‘මම නෙවෙයි ඉස්සෙල්ලම ගැහුවේ. එයයි මට ගැහුවේ. මං කාගෙන්වත් ගුටි කන්න නම් ලෑස්ති නෑ. මට ගහපු නිසා මම ගැහුවා. එයා ගවුමක් ඇඳලා හිටියේ. ඇත්ත, ඇඳුම ඉරුණා තමයි. මගේ ඇඳුම ඉරුණෙ නැති වුණාට මගෙත් පපුව ඉදිමෙන්නම එයා ගහපු පාරවල් වැදිලා තිබුණා.
මුලින්ම වුනේ මේකයි. මට කෝල් එකක් ආවා. ශෂී මට කැත විදියට බනිනවා කියලා. කොහොම හරි ඒ කෝල් කරපු මගේ යාළුවා මාව කොන්ෆරන්ස් දැම්මා. ශෂී දන්නෙ නෑ මම ලයින් එකේ ඉන්නවා කියලා. එයා මට කැත විදියට අර යාළුවාට බනිනවා මම අහගෙන හිටියේ. මට හොඳටම කේන්ති ගියා.
මම එතැනින්ම ත‍්‍රීවීලර් එකක් අරගෙන ශෂී ඉන්න තැනට ගිහින් කිව්වා කියන දෙයක් මූණටම කියන්න කියලා.
එයාට යන්න එන්න තැනක් නෑ... සල්ලි නෑ කිව්වාම මමමයි මගේ ගෙදර නවත්ත ගත්තේ... මාස දෙකක් අපේ ගෙදර හිටියා. මම සත පහක් ගත්තේ නෑ... ගෙදර කෙනකුට වගේ සැලකුවේ. සැමිය එක්ක පොඩි ප‍්‍රශ්නයක් වෙලා මම එයාට ගෙදරින් යන්න කිව්වා. ඒක ඇත්ත... මම එයාව විතරක් නෙවෙයි සැමියාවත් යැව්වා... එයා ගැනත් මම ඉදිරියේ තීරණයක් ගන්නවා.
මට ගෙදරින් ගියාට එයා එක්ක අමනාපයක් තිබුණෙ නැහැ. මං මගේ වෙන පෙම්වතෙක් එක්ක ශෂීගෙ ගෙදර කියන කතාව අමූලික බොරුවක්... එයාටයි මාත් එක්ක ප‍්‍රශ්නයක් තිබුණේ. ගෙදරින් ගියාටත් පස්සේ මගේ සැමියා එක්ක ඇයි හොඳයියක් තිබුණා එයාගේ. ඒ දෙන්නා එකතු වෙලා එක අවස්ථාවක මාව හිරේ යවන්නත් උත්සාහ කළා. ’
එක් පුවත්පතකට එසේ කියා තිබුණ පියුමි වෙනත් පුවත්පතකට කියා ඇත්තේ වෙනස් දෙයකි. පියුමි හංසමාලී රිවිර පුවත්පතට පවසා තිබුණ ආකාරයට මෙය ඇගේ සැමියා පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ.. එහි දැක්වෙන්නේ ශෂී ඇය නරක කෙනෙකු කියා දුරකථනයෙන් චෝදනා කර තිබුණ බවත් නිවසේ නතරවන්නට දවසට රුපියල් 1000 බැගින් අය කළ බව කියා තිබුණ බවත්ය.
වැඩිදෙනෙකු අතර ප‍්‍රසිද්ධියක් නැති මෙම දෙදෙනා මේ සිද්ධිය තුළින් ප‍්‍රකට වන්නට දැඩි උත්සාහයක නිරතවී ඇති බව පෙනෙන්නට තිබේ.මේ ආකාරයට පියුමි හංසමාලි නමැති නිවේදිකාව හා ශෂී හේවගේ නැමැති නිරූපිකාව නුගේගොඩදී රණ්ඩු කරගත් පසුව ඔවුන් දෙදෙනාම උසාවි ගිය අතර මේ වනවිට සිද්ධිය ගොඩින් බේරගන්නට සමථ මණ්ඩලයකට යොමු කර ඇත.
මෙම කාන්තාවන් දෙදෙනාම විවාහක වුවත් සැමියන් සමග නොසිටින අයයි. හංසමාලීට දරුවෙකුද සිටී.
සාකච්ඡුා සටහන - හිමේෂා සවන්ති රාජපක්ෂ

No comments:

Post a Comment

Popular Posts