Sangeetha Weeraratne Gossip Lanka

ගාන වැඩි නිසා ඉල්ලුම බැහැලා
ikmangossiplanka.com
මම පාසල් ගියේ බම්බලපිටිය මෙතෝදිස්‌ත විදුහලට. ඒ කාලේ මට නිළියක්‌ වෙන්න ඕනෑ කියන හැඟීමක්‌ නම් තිබුණේ නැහැ. නමුත් මම උඩරට, පහතරට, බැලේ වගේ නර්තන ක්‍රම හැදෑරුවා.  රඟපාන්න යොමුවුණේ තාත්තාගේ රේල්පීලි ටෙලිනාට්‍යය රූපගත කරන කාලේ. එහි චරිතයකට අවශ්‍ය නිළියක්‌ නොපැමිණීම නිසා වුණු දෙයක්‌. එතකොට මට වයස අවුරුදු දාහතරක්‌ විතර ඇති. පස්‌සේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහත්තයාගේ “ගොළු හදවත” ටෙලිනාට්‍යය රූගත කරන්න නළු නිළියන් හොයන කාලේ එහි සම්මුඛ පරීක්‍ෂණයකට ගිහින් තමයි, ඒ නාට්‍යයේ රඟපෑවේ. මගේ මේ මුල් ප්‍රවේශය සිනමාවේ ප්‍රවීන පුද්ගලයකු වන ලෙස්‌ටර් මහත්තයා යටතේ සිදුවීම මම හිතනවා මා තුළ රංගනය
පිළිබඳව නව මානයකින් හිතන්නට පෙළඹවීමක්‌ කළා කියලා. ඒ ඇගේ අතීතාවර්ජනයේ හඬයි. ඔබ ඈ හඳුනන බව මම දනිමි. ඔබ ඈට ආදරය කරන බවද මම දනිමි. ඒ අන් කිසිවක්‌ නිසා නොව සිංහල සිනමාවට ඈ පැමිණි ගමන් ඉතිහාසය තුළ පෑ සුවිශේෂී රංගනයන් කිහිපයක්‌ තවමත් ඔබේ මතකයේ නොමැකී රැඳී ඇති නිසාය. සප්ත කන්‍යා, නොමියෙන මිනිසුන්, දොරකඩ මාරාව, පවුරු වළලු, ප්‍රතිරාවය ඇගේ රංගන ප්‍රතිභාව මොනවට පැහැදිලි වුණු නිර්මාණ කිහිපයකි. සංගීතා වීරරත්න නමැති ඇය අද වන විට කලාවෙන් මඳක්‌ ඈත්ව සිය පෞද්ගලික ජීවිතයේ වැඩ රාජකාරි මැද කාලය ගත කරයි. ඇයගේ අලුත් තොරතුරු සොයා අපි ඇය හමුවීමට ගියෙමු.
කොහොමද ජීවිතේ ?
මගෙයි, ෂෙරින්ගෙයි, ධනංජයගෙයි මොඩල් ෂෝ කියලා ව්‍යාපාරයක්‌ තියෙනවා. ඉතිං අපේ ව්‍යාපාරයේ මිස්‌ වර්ක්‌ ශ්‍රී ලංකා කියන තරගාවලිය පවත්වනවා. ඒක අවුරුද්දකට වතාවක්‌ කරන තරගාවලියක්‌. ඒක හින්දා මේ දිනවල කාර්යබහුලයි.
සුරූපිනියක්‌ වුණ ඔබ ලංකාවේ සුරූපිනියන් තෝරන්න හිතුවේ ඇයි ?
මම රංගන ශිල්පිණියක්‌. රඟපෑමට සුන්දරත්වය විතරක්‌ම මදි. දක්‍ෂතාවත් වැදගත්. ඒ වගේම මම රංගනයට
ikmangossiplanka.com
ආදරෙයි. හැබැයි ඒක තනියම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. මම මේ රටේ කාන්තාවක්‌ විදිහට ලස්‌සන කාන්තාවන් දිහා සමාජය බලන විදිහ ගැන ආකල්පමය වශයෙන් වෙනසක්‌ ඇති කරන්න ඕනෑ කියලා හිතනවා. ගැහැනියකගේ සුන්දරත්වය මීට වඩා වෙනස්‌ ආකල්පයකින් බලන්න ඕනෑ.
ඇයි එහෙම කියන්නේ ?
මෑත කාලයේ වෘත්තීය මට්‌ටමින් කාන්තාවකට අපහාස කරන්න පුළුවන් හැම අවස්‌ථාවකදීම අපහාස කළා. අපේ රටේ කාන්තාවන් දිහා සුබවාදී ආකල්පයෙන් බලන්න අවස්‌ථාව උදාකරන්න පුළුවන් කියන එක ලොකු දෙයක්‌.
උත්සාහය සාර්ථක වෙලා තියෙනවාද?
අපි miss international second runner up කෙනෙක්‌ බිහිකරලා තියෙනවා. අපේ තරගාවලියට අමතරව වෙනත් තරගාවලි අපේ රටට කිරුළ හිමිකරගෙන ඇවිත් තිබෙන අවස්‌ථාත් තිබෙනවා. නමුත් ඒක ගැන ලියවෙන්නේ නැහැ. ඒවා බියුටි පැජන්ට්‌ හින්දාද දන්නේ නැහැ.
ඔබලාගේ උත්සාහයට මාධ්‍යයෙන් ලැබෙන ඉඩකඩ මදි. එහෙමනේ?
අපි ලොකුවට මාධ්‍ය ඉලක්‌ක කරගෙන නැහැ. මම හිතන්නේ තිබෙන පිළිගැනීම අඩුයි. සමාජය එකවර කතාකරන්න පුළුවන් හොඳම දේ තමයි මාධ්‍ය.
රඟපෑමෙන් දුරස්‌ වෙලාද?
ikmangossiplanka.com
මම රඟපෑමට හරි ආසයි. නමුත් ආරාධනා නැහැ.
වත්මන් සිනමාවේ ඔබ දකින අඩුපාඩු මොනවාද?
ගොඩක්‌ සුන්දර නිර්මාණ බිහිවෙනවා. මම හිතන්නේ නැවත වරක්‌ සිනමා ක්‍ෂේත්‍රය කර්මාන්තයක්‌ හැටියට පොඩි පොඩි වෙනස්‌කම්වලට භාජන විය යුතුයි.
ආරාධනා නැති හින්දා දුකයිද?
එහෙම ලොකු දුකක්‌ නැහැ. අනික නව පරපුරේ නළු නිළියෝ ගොඩක්‌ ඉන්නවා. අඩු බජට්‌වලින් තමයි ගොඩක්‌ චිත්‍රපට හැදෙන්නේ. අපි වගේ අය යොදාගන්න ගොඩක්‌ වියදම් කරන්න වෙනවා. ඇත්තටම එහෙම දෙයක්‌ තියෙනවානේ.
ඔබේ නමට තියෙන වටිනාකම අඩුකරගන්න සූදානම් නැහැ ?
කිසිසේත්ම නැහැ.
අද තියෙන නිර්මාණ බලනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම.
මොකද ඒවා ගැන හිතෙන්නේ ?
මම හරිම ආසයි. වෙනස්‌ නිර්මාණ බිහිවෙනවා.
දැන් තියෙන නිර්මාණවල ඔබට රඟපාන්න චරිත නැතිද?
සමහර නිර්මාණ බලනකොට අනේ මේ චරිතය මට කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන අවස්‌ථාත් තිබෙනවා.
අද එදා වගේ සිනමාවේ යුග බිහි නොවීම ගැන මොකද හිතන්නේ ?
ඒක ප්‍රේක්‍ෂකයාගේ අතේ තිබෙන දෙයක්‌. රංගන ශිල්පී ශිල්පිණියන්ට හෝ චිත්‍රපටකරුවන්ට යුග බිහිකරන්න බැහැ. ඒක නිරායාසයෙන්ම රසිකයන් විසින් කළයුතු දෙයක්‌.
නළුවා හෝ නිළිය චරිතයට උපරිම සාධාරණත්වයක්‌ ඉටුකළ විට ප්‍රේක්‍ෂකයන්ගේ හිතේ ඔවුන් තැන්පත් වෙනවා. අද එහෙම පිරිසක්‌ ඉන්නවාද?
ikmangossiplanka.com

ඒක රසිකයන්ගෙන් තමයි අහන්න ඕනෑ.
ඔබ ප්‍රේක්‍ෂකයෙක්‌ නම් මොකද හිතන්නේ ?
මම ආස චිත්‍රපට තිබෙනවා. මෑත කාලයේ වාණිජ තලයේ හොඳ නිර්මාණ බිහිවුණා. ප්‍රවේගය චිත්‍රපටයට මම හරි ආසයි. මෑත කාලයේ මම දැකපු ලස්‌සන චිත්‍රපටයක්‌.
සංගීතා කියන නිෂ්පාදිකාවගේ අද දවසේ භූමිකාව ගැන කතා කළොත් ?
චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන්න අදහසක්‌ තියෙනවා. කතා තේමාවකුත් තියෙනවා. කාලය කළමනාකරණය කරගෙන නිෂ්පාදනයට පිවිසෙන්න හිතාගෙනයි ඉන්නේ.
හොඳ ටෙලිනාට්‍යයක්‌ කරන්න අදහසක්‌ නැතිද ?
නැහැ.
ඇයි ඒ. ටෙලිනාට්‍ය ගැන කලකිරිලද ?
කලකිරීමක්‌ නෙමෙයි. මම ආදරේ සිනමාවට.
කතාබහට ලක්‌වෙන ටෙලිනාට්‍ය චරිතයක්‌ ලැබුණොත් භාරගන්නවාද?
ඉහතින් මම සඳහන් කළේ නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා විතරයි. මම රඟපානවා. මම මෙතැනට ආවෙත් ගොළු හදවත ටෙලිනාට්‍යයෙන්. ටෙලිනාට්‍ය රඟපෑම මට ප්‍රශ්නයක්‌ නෙමෙයි.
පියාගේ ඡායාරූප ගැනීමේ කලාව දුවට පිහිටලා නැතිද?
මට හොඳට පින්තූර ගන්න පුළුවන්.
ඡායාරූප ශිල්පිණියක්‌ වුණා නම් ?
ikmangossiplanka.com
ඡායාරූපකරණයට මම හරි ආසයි. මම දෙයක්‌ දකින ඇහැ නෙමෙයි ඔබලා දකින්නේ. මම හිතන්නේ අපි හැමදෙනාම එහෙමයි. අපි හැමදෙනාම දකින කෝණය වෙනස්‌.
ඔබ සියත නාලිකාවෙන් ඈත්වෙලාද?
ඒකට මගෙන් බොහොම සුළු දායකත්වයත් ලැබෙන්නේ. ගෙදර වැඩයි, බාබාගේ වැඩයි හින්දා සියයට සියයක්‌ ඒ වැඩවලට දායකවෙන්න අමාරුයි.
ඔබේ කාර්ය බහුලත්වය දියණියට සාංකාවක්‌ නෙවෙයිද?
නැහැ. මම මොනවැඩේ තිබුණත් දුව වෙනුවෙන් කාලය කැපකරනවා. මගේ අතින් දුවට වෙන්න ඕනෑ සියලුම වැඩකටයුතු අදටත් සිදුවෙනවා.
ඔබේ වැඩවලට දුව බාධා කරන්නේ නැතිද?
අනේ නැහැ. දුව හරි හොඳ ළමයෙක්‌.
ගෙදරින් එළියට බහිද්දී දුවට කියලාද යන්නේ ?
හැමදේම කියලා තමයි එළියට බහින්නේ.
ඒ වෙලාවට යන්න එපා අම්මේ කියලා කියන්නේ නැතිද?
සමහර වෙලාවට එයාට මොනවා හරි දැනුණොත් තමයි එහෙම කියන්නේ. මම ඒ වෙලාවට ගෙදරින් එළියට බහින්නේ නැහැ.
දුවට වයස කීයද?
අවුරුදු පහයි.
ikmangossiplanka.com
දුවගේ නම ?
පෝෂියා කාරියප්පෙරුම.
දුව වැඩිපුර කැමැති අම්මාටද? තාත්තාටද?
තාත්තාට. හැබැයි මගෙන් තමයි හැමවැඩේම කරගන්නේ. ගැහැනු ළමයෙක්‌නේ.
ඔබේ කැමැත්ත දුව මොනවගේ චරිතයක්‌ වෙනවාටද?
පොළවේ පයගහලා සමාජයේ ජීවත්වෙන්න පුළුවන් හොඳ ළමයෙක්‌ වුණොත් මට ඒ ඇති.
යමක්‌කමක්‌ තේරෙන කාලෙදි රඟපාන්න ඕනෑ කිව්වොත් ?
දුවගේ වෘත්තිය පිළිබඳව මට ගැටලුවක්‌ නැහැ.
ඔබේ ජීවිතයේ පසුතැවීම් තිබෙනවාද?
මට හිතෙනවා එක දෙයක්‌ කරන්න තිබුණා නම් හොඳයි කියලා.
ඒ මොකක්‌ද?
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණ ගමන් තමයි මම මෙතැනට ආවේ. එතකොට මට අවුරුදු දාසයයි. උසස්‌ පෙළ විභාගය බාහිරව හරි අවසන් කළා නම් හොඳයි කියලා අදටත් මට අනන්ත අප්‍රමාණව දැනිලා තියෙනවා. ඒක මගේ අතින් වුණ වැරැද්දක්‌ කියලා කියන්න බැහැ. ඒ පසුතැවීම ගැන අදටත් මට ලොකු දුකක්‌ තියෙනවා.
පෙම්වතියගේ චරිතය ගිලිහීයැම ගැන දුක නැතිද?
පෙම්වතියක්‌ වෙන්න කාලයක්‌ නැහැ. ඒ වගේම ආදරය කරන්නත් කිසිම කාලයක්‌ නැහැ. හැමදාටම ආදරය කරන්න පුළුවන්.
පෙම්වතියකගේ චරිතයක්‌ ලැබුණොත් භාරගන්නවාද?
ඔව්. අනිවාර්යයෙන්ම.
ikmangossiplanka.com

No comments:

Post a Comment

Popular Posts