Ama Wijesekara & Wimal Katipearachchi Wedding

මෛත්‍රිගේ 'විමල්' අමාවත් කැන්දාගෙන යයි -ඡායාරූප
Lanka Mini Gossip
පසුගිය ජනපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තේමා ගීතය වූ ''  රටකට ඕනෑ අපමණ අගයක්... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්'' ගීතය ඔබට මතක ඇති. මේ ගීතය ලියුවේ විමල් බව ඔබ නොදන්නවා විය හැකියි. විමල් කැටිපෙආරච්චි නම් වන මේ කවියා පසුගිය 14 වන දා සුබ මොහොතින් යුගදිවි ගමන් අරඹනු ලැබුවා. ඒ,ප්‍රවීණ කලාකරුවන් වන ලක්ෂ්මන් විජේසේකර හා  චන්ද්‍රා කළුආරච්චි ගේ  දියණිය වූ
රංගන ශිල්පිණි අමා විජේසේකර සමගයි.
විවාහයට පෙර විමල් තම ආදරය කවියකින් සටහන් කර තිබුණා.
'වලාවෙන් කලාවට යන පාර සඳ එළිය දන්නවා
වෙලාවෙන් වෙලාවට මග නෑර තරුව ළඟ ඉන්නවා
නෙළා මල් කැකුළු වන් කොපුල් තල සිතින් සිපගන්නවා
විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !
ගලා යන ගඟ වැළඳ මුවදොරෙන් සයුර අතගන්නවා
පලා එන මඳ සුළඟ පවා මල් සුවඳ ගැන දන්නවා
බලාගෙන පොළව දෙස වළාකුළු පෙම ඉගෙනගන්නවා
විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !
සලා මුදු පියාපත් ගත විඩා නිවා ළඟ ඉන්නවා
දුලා නෙතු පහන් එළි සිතට තනි රකින හැටි දන්නවා
මුළා වුණු හදවතක් පමා වී මග සොයාගන්නවා
විලාසිනියේ මගේ හදේ හැමතැනම ඔබ ඉන්නවා !'
ඔවුන්ගේ චාම්  විවාහෝත්සවයේ සේයාරූ පහතින් දැක්වෙනවා.





No comments:

Post a Comment

Popular Posts