Kahawatta Kotakethana Woman Murder Update

කහවත්තේ කත මැරුවේ පළපුරුදු කෙනෙකු බව හෙළිවේ
Lanka Mini Gossip
කහවත්ත කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී හතළිස්‌ අට හැවිරිදි කාන්තාව කපා කොටා මරා දැමූ සිද්ධියට අදාළ අපරාධකරු මිනීමැරුමට අදාළව කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරි කර නොමැති බැවින් පළපුරුදු ඝාතකයකු බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. මෙම ඝාතන සිද්ධියට අදාළව පුද්ගලයන් සියයකට ආසන්න පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌
පරීක්‍ෂණ පවත්වයි.  කහවත්ත පොලිසිය ඇතුළු තවත් පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ ද ඔවුන්ට සහාය වෙමින් සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක්‌ මේ වනතුරුත් හෙළි වී නොමැති අතර ඊට සම්බන්ධ බවට සැකකරන කිසිවකු ද අත්අඩංගුවට ගෙන නොමැත. මෙම ඝාතනයෙන් පසු කහවත්ත ප්‍රදේශයේ ජනතාව නැවතත් දැඩි භීතියට පත්ව සිටින අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා ඇත.

No comments:

Post a Comment

Popular Posts