Justin Bieber Surprises Pre Wedding Party

ජස්ටින් බීබර් හොඳටම බීල
'වට් ඩූ යූ මීන්' වැනි වැනි කියලා
Lanka Mini Gossip
ලාස්වේගාස් නුවර එක්තරා නිවෙසක පසුගියදාක මංගල සාදයක් තිබුණා. ඒ, ඊට පසුදින විවාහ දිවියට ඇතුළත් වන යුවතියක් තනිකඩව ගෙවන අවසන් දිනය වෙනුවෙන්. ඇය තම පවුලේ සාමාජිකයන් සහ මිතුරු මිතුරියන් පිරිවරාගෙන එදින සන්ධ්‍යාවේ සිට රාත්‍රිය වනතුරු සතුටින් ගත කළා. රාත්‍රිය එළැඹී පැයක් දෙකක් ගත වෙද්දී එතැනට කඩා වැදුණේ තරුණ තරුණියන් කිහිප දෙනෙක්. මනාලිය වන්නට සිටින යුවතියත් සෙසු අයත් ඔවුන් දෙස පුදුමයෙන් බලා සිටිද්දී මනාලියගේ මුහුණේ සිනා රැල්ලක් මතු වුණා. සිනහවත් සමඟ ඇගේ දෙනෙත් පුදුමයෙන් සලිත වුණා. තරුණ පිරිස අතර සිටි
සුපිරි තරුවක් නිසයි, ඇය මවිතයට පත්වුණේ. ඒ සුපිරි තරුව තමයි, යොවුන් ගායක ජස්ටින් බීබර්. ඔහු ලාස් වේගාස් පැමිණ තිබුණේ බොක්සිං තරගයක් නරඹන්නයි. එය නරඹා යන අතරතුරේදී තමයි, අනාරාධිතව මේ සාදයට පැමිණියේ. කොහොම වෙතත් මනාලිය වෙන්න සිටින යුවතිය ඇතුළු නිවසේ සිටි සැම දෙනාගෙන්ම ජස්ටින් බීබර්ට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බවයි ආරංචි. මේ අතර, හොලිවුඩ්වලින් ලැබුණු තවත් ආරංචියක සටහන් වුණේ පසුගිය දා පැවැති ප්‍රසංගයකදී ජස්ටින් බීබර් අධික ලෙස බීමත්ව ඔහුගේ අලුත්ම ගීතය වන ‘වට් ඩූ යූ මීන්’ වැනි වැනී ගායනා කළ බවයි. ඊට ලැබුණේ කෙබඳු ප්‍රතිචාරයක්දැයි දැනගන්න ලැබුණේ නැහැ.






No comments:

Post a Comment

Popular Posts