Kholi - Anushka Gossip

මුළු ඉන්දියාවටම ඇණයක් වූණු අනුෂ්කා-කෝලි පලහිලව්ව
Lanka mini Gossip
ඉන්දීය නිළි අනුෂ්කා ෂර්මාගේ ආදරය විරාත් කෝලි ළඟ පමණක් නතරව නැතැයි වාර්තාවනවා. එසේ පවසන විදෙස් වෙබ් අඩවියක අනුෂ්කා සහ විරාත් කෝලිගේ ඡායාරූපයකුත් අනුෂ්කා සහ ඇගේ සුරතල් සුනඛයාගේ ඡායාරූපයකුත් පළකර තිබිණා. ඡායාරූපය සමඟ පළකළ වාර්තාව වැඩි දුරටත් කියා තිබුණේ "අයෙ දිල් මුෂ්කිල්" චිත්‍රපටයේ වැඩකටයුතු සඳහා අනුෂ්කා සෑහෙන දවසකට
විදෙස් ගතවන බවක්. ඒ නිසා දුකට පත් ඇගේ සුරතල් සුනඛයා අනුෂ්කා ගුවන් තොටුපළට ඇරලවන්නට පැමිණි බවකුත් වාර්තාවේ සඳහන්ව තිබිණා.
‘අයෙ දිල් මුෂ්කිල්’ චිත්‍රපටයේ රූ ගතකිරීම්වලට අවතීර්ණ වන්නට පළමුව විරාත් - අනුෂ්කා කාගේත් අවධානයට ලක් වූයේ ඔවුන් වෝග් සම්මාන උළෙලට පැමිණි අවස්ථාවේදී. සම්මාන උළෙලේදී දෙදෙනා පෙම්වතුන් ලෙස හැසිරීම කැපී පෙනෙන්නක් වුණා. සම්මාන උළෙලට මේ දෙදෙනා පැමිණ තිබුණේ ලන්ඩන් සංචාරයක් නිම කිරීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔවුන් කෙරෙන් සන්සුන් නිස්කලංක සහ ප්‍රීතිමත් ස්වරූපයක් පළවූ බව මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණා.
පෙම්වතුන් ලෙස ඒ අන්දමට ප්‍රසිද්ධියේ පෙනී සිටියත් මාධ්‍ය තමන් පෙම්වතුන් ලෙස හඳුන්වනවාට අනුෂ්කා ශර්මාගේ වැඩි කැමත්තක් නෑ...
කොහොම වුණත් කාලයක සිට මේ දෙදෙනා අතර ඉතා ගැඹුරු ප්‍රේම සම්බන්ධයක් තිබෙන බව මාධ්‍යය සහ වෙබ් අඩවි පළකරන වාර්තාවලින් තහවුරු වුණා.
ප්‍රේම සම්බන්ධයට මුලපුරන දැනහැඳුනුම්කම ආරම්භ වී තිබෙන්නේ මේ දෙදෙනා වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්නට යාමෙන්.
වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමෙන් වැඩි කාලයක් ඉක්ම යන්නට පෙර මේ යුවළ සමාජයේ හැසිරෙන අන්දම බොහෝ දෙනාගේ සැකයට සහ කුතුහලයට හේතු වුණා.
විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ සංචාරයකට එක් වී නම් අනුෂ්කාත් ඒ රටට යන්නට මැලි නොවූ අවස්ථා පසුගිය කාලයේ එමට තිබුණා.





No comments:

Post a Comment

Popular Posts