Namal Speaks About Money Fraud

ප්‍රභූ පුතෙකුගේ එතෙර වත්කම් ගැන නාමල් කතාකරයි
Lanka Mini Gossip
ශී‍්‍ර ලාංකික දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුතෙකු විසින් ඩුබාහි බැංකුවක පවත්වාගෙන යන අමෙරිකානු ඩොලර් මිලියන 650 ක ගිණුමක් අත්හිටුවීමට එරට අධිකරණය කි‍්‍රයාකරමින් සිටිනවා. මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ ශී‍්‍ර ලංකා රජයෙන් කෙරුණු ඉල්ලීමකට අනුව ඩුබායි අධිකරණය මෙම පියවර ගෙන ඇති බවයි. මේ අතර විදෙස් රටවල බැංකු ගිණුම් ඇති බව පවසමින් තමන්ට සහ තම පවුලට අපහාස කිරීමේ උත්සාහයක ඇතැම් අය යෙදී සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. බී බී සී ලෝක සේවයට අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ
තමන්ට හෝ තම සහෝදරයෙකුට අයත් කිසිදු විදේශීය ගිණුමක් නොමැති බවයි. හෙලිකොප්ටර්, ලැම්බෝගිනි වාහන සහ මිල අධික අශ්වයන් තමන් සතුව සිටි බවටද ඉකුත් සමයේ විවිධ ප‍්‍රචාර පතුරුවා හැරුණු බව නාමල් රාජපක්‍ෂ මහතා සිහිපත් කළා. එහෙත් එම ප‍්‍රචාරද අසත්‍ය බව දැන් තහවුරු වෙමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

No comments:

Post a Comment

Popular Posts