Shanudri Priyasad in Love

ශනුද්‍රිත් පෙම්වතියක් වෙලා
Lanka Mini Gossip
යොවුන් පරපුරේ නැගී එන නිළි ශනුද්‍රි ප්‍රියසාද් සම්බන්ධව පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහකට ලක් වුණා. කෙසේ වෙතත් ශනුද්‍රි සම්බන්ධව අලුත් පුවතක් මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රචාරය වෙමින් පවතිනව්.  ඒ ශනුද්‍රිත් පෙම්වතියක් වීම සම්බන්ධවයි. ඇය මෙලෙස පෙම්වතියක් වී ඇත්තේ චිත්‍රපටයක් සඳහා බවයි ඇය පුවත් පතකට අදහස් පළකරමින් පවසා තිබෙන්නේ.
ශනුද්‍රිත් පෙම්වතියක් වුණා එහෙනම්?
අනේ... කවුද කියන්නේ මම පෙම්වතියක් කියලා.
ලැන්ටින් සිංඤෝ නිසා පෙම්වතියක් වුණා කියලා දැන් රටේ ලෝකේ මිනිස්සුත් දන්නවනේ? ආ...
ලැන්ටින් සිංඤෝ චිත්‍රපටයේ මම පෙම්වතියක් තමයි.
සිනමාවේ පෙම්වතියක් වුණේ පළවැනි වතාවටනේ. කොහොමද ඒ අත්දැකීම?
පළවැනි වතාවට පෙම්වතියකගෙ චරිතය රඟපෑවට මට ඒක ඒ තරම් අමාරු වුණේ නැහැ. මොකද මම ඒවගේ චරිත දැකලා තියෙනවනේ. ඒ නිසා අපහසුවක් නැතුව ඒ චරිතය කළා.
ශනුද්‍රි පෙම්වතියක් වුණාම යාළුවන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ?
යාළුවෝ නම් එහෙම දැකලා හිනාවෙනවා. යාළුවෝ ඇත්තටම මගේ හොඳ නරක කියනවා. මම ඒකට ගොඩක් කැමැතියි.
ශනුද්‍රි සම්බන්ධ වෙන්නේ තෝර ගත්ත අධ්‍යක්‍ෂවරුන්ගේ වැඩවලටද?
නැහැ. අධ්‍යක්‍ෂවරයා අඳුරනවද නැද්ද කියලා මම බලන්නේ නැහැ. මට කරන්න පුළුවන් දෙයක් ලැබුණොත් මම කරනවා.ලොකු අක්කා වැඩිපුර පේන්නේ රූපවාහිනියෙන්. පොඩි අක්කා වැඩිදුර පේන්නේ සිනමාවෙන්.
ශනුද්‍රි තෝර ගන්නේ කාගේ පාරද?
මම එකකට කියලා විශේෂ කරගෙන නැහැ. ටෙලි නාට්‍ය හරි චිත්‍රපට හරි දෙකෙන් හොඳ නිර්මාණයක් ලැබුණොත් තෝරාගෙන කරනවා. මම රංගනයට කැමැතියි.
ජනප්‍රිය වෙන්න ඕන නිසාද හැකියාව පෙන්නන්න ඕන නිසාද රංගනයට කැමැති?
රසික රසිකාවියෝ ගොඩක් ඉන්නවට මම කැමැතියි. හැබැයි රඟපාන්නේ මගේ හැකියාව පෙන්නන්න.
මූණු පොතේ පෙරළි කරන්නේ ජනප්‍රිය වෙන්නද?
අනේ එහෙම ජනප්‍රිය වෙන්න කියලා හිතලා දේවල් කරන්නේ නැහැ. මම කියන ගීත, මගේ ඡායාරූප ඉඩචපඥ කරනවා. මම විතරක් නෙමෙයි අනිත් අයත් මේ වගේ දේවල් කරනවා.
ඒත් සමහරු වෙබ්වලට ඒවා උපුටලා ගන්නවා. ඒක මගේ වුවමනාවට වෙන දෙයක් නෙමෙයි.





No comments:

Post a Comment

Popular Posts