President Maithripala Sirisena's Expenses Rise

මෛත්‍රීගේ වියදම කෝටි 38කින් ඉහළ යයි!
Lanka Mini Gossip
පසුගිය මැයි සහ ජුනි මාසවලදී ජනාධිපතිවරයා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු හතක් ඉදිරිපත් කරමින් මෙම වසරට අදාළව වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කෙරුණු ප‍්‍රතිපාදනවලට අමතරව රුපියල් තිස් අටකෝටි අනූ දෙලක්ෂ විසිනවදහසක (රු. 389,229,000) මුදලක් වෙන්කර ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ කාර්යයන් අවසන් කිරීම වෙනුවෙන් රුපියල් එක්කෝටි දසලක්ෂයක්, ජනාධිපති ආරක්ෂක අංශය සඳහා BMW
මෝටර් රථයක් සහ BMW R1200 දරන යතුරු පැදි 12ක් ගැනීමට රුපියල් හත්කෝටි හයලක්සයක් (රු. 70,600,000) වෙන්කර තිබේ.
එමෙන්ම කොළඹ 05 පැජට් වීදියේ අංක ක්‍ 61 සහ අංක ක්‍ 62 දරන ස්ථාන වල පිහිටි ජනාධිපති නිල නිවාස අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් සහ පරිශ‍්‍ර නවීකරණ කටයුතු වෙනුවෙන් මැයි මස 2 දින රුපියල් නවකෝටි හැට තුන් ලක්ෂ අනූ එක්දහසක් (රු. 96,391,000) සහ මැයි 26 දින රුපියල් අට කෝටි හතලිස් දෙලක්ෂ අනූහත්දහසක් (රු. 84,297,000) වශයෙන් රුපියල්  දහඅට කෝටි හයලක්ෂ අසූ අටදහසක (රු. 180,688,000) මුදලක් වෙන්කරගෙන තිබේ.
මෙයට අමතරව විද්‍යාත්මක කටයුතු සම්බන්ධීකරණය සහ සුපරීක්ෂණය සඳහා වන ව්‍යාපෘතියේ සේවක වැටුප් ගෙවීමට රුපියල් විසි හත් ලක්ෂ දහසය දහසක් (රු. 2,716,000)ද ජාතික සමගිය සඳහා කාර්යාංශයක් පිහිටුවීමට රුපියල් දෙකෝටි හැත්තෑ තුන්ලක්ෂ දාහතර දහසක් (රු. 27,314,000) වශයෙන් කරුණු හයක් වෙනුවෙන් මෙම මුදල් වෙන්කර ගෙන තිබේ.
ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ ප‍්‍රවාහනය කරන රථ දෙකක් සහ BMW රථ දෙකක් මිලදී ගැනීම සහ විදේශ ගමන් වියදම් සඳහා රුපියල් නව කෝටි හැටනව ලක්ෂ එකොළොස් දහසක (රු. 96,911,000) මුදලක්ද වෙන්කරගෙන ඇත.
පරිපූරක ඇස්තමේන්තු මගින් ජනාධිපතිවරයා මුදල් වෙන්කර ගැනීම පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබුණු නමුත් එහි ජනාධිපති නිල නිවාස ප‍්‍රතිසංස්කරණයට වැය කෙරෙන රුපියල් දහඅට කෝටි හයලක්ෂ අසූ අටදහසක (රු. 180,688,000) සහ BMW රථ මිල දී ගැනීමට වැය කරන රුපියල් රුපියල් හත්කෝටි හයලක්සයක (රු70,600,000) මුදල පිළිබඳව පමණක් පැහැදිළි කර තිබිණ.
ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු සියලු වියදම් පිළිබඳ පැහැදිලි කිරීමක් එහි අන්තර්ගතව නොතිබිණි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක රථ ඇතුළු වියදම් ඉහළ දමා ගනිමින් ස්ථාවර වීමට උත්සාහ කරන බව මෙයින් පැහැදිළි වේ.

No comments:

Post a Comment

Popular Posts