Thajudeen's Phone Memory Still Working

ඝාතනයට ලක්වූ තාජුඩීන්ගේ ෆෝන් එකේ මෙමරිය තවම වැඩ​
Lanka Mini Gossip
මෝටර් රථයක පිලිස්සී මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පෞද්ගලික ජංගම දුරකථනය යළි යථා තත්ත්වයට පත් කිරීමට හෝ පරිහරණය කිරීමට බැරි තත්ත්වයට හානි වී තිබුණත් දුරකථන මතකයේ තිබූ ඡායාරූප සංවාද හා දෘෂ්‍ය රූප එස්.එම්.එස් පණිවිඩ, ඊ මේල් පණිවිඩ අනාවරණය කරගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින්
ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත. ජංගම දුරකථන මතකයෙන් අනාවරණය කරගත් තොරතුරු සංයුක්ත තැටියකට ගබඩාකර ඇති කොළඹ විශ්වවිද්‍යාලය එම සංයුක්ත තැටියද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
තාජුඩීන් ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට විමර්ශන තොරතුරුවලින් අනාවරණය වීම හේතුවෙන් රහස් පොලිසියේ ඉල්ලීම පරිදි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තාජුඩීන්ගේ ජංගම දුරකථනය කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අංශය වෙත යොමු කළේය.
ඒ අනුව මෙම විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කර තිබිණි. මරණ පරීක්ෂණ වාර්තාවේ හා රස පරීක්ෂක වාර්තාවේ පරස්පරතා ඇති බව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ රහස් පොලිසිය සඳහන් කර තිබූ අතර නව රසපරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණය කළ නියෝගය අනුව නව රස පරීක්ෂක වාර්තාවක් රජයේ රස පරීක්ෂක විසින් ඊයේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2012 මැයි 17 දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ මෝටර් රථයක් තුළ මිය ගිය තාජුඩීන්ගේ මරණය සැක සහිත මරණයක් බැවින් යුක්තිය ඉෂ්ට කිරීම සඳහා එම පරීක්ෂණ පැවැත්වෙන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපත් කර ඇති තාජුඩීන්ගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව එය දැඩි සීරීමකට ලක්ව තිබී ඇත. දුරකථන යතුරු පුවරුව බොහෝ සේ භාවිතා කළ එකක් බවද දුරකථන බාහිර තොරතුරු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. (265)

No comments:

Post a Comment

Popular Posts