Lochani Imesha Gossip

අලුත බැඳපු ලෝචිට නෙදර්ලන්ත ජීවිතය තිත්ත වෙලා?
Lanka Mini Gossip
ජනප්‍රිය රංගන ශිල්පිණි ලෝචනා ඉමාෂි විවාහයෙන් පසු තම සැමියා සමග නෙදර්ලන්තයට පදිංචියට ගියා.  ලංකාවෙන්  හා කලාවෙන්ද සමු ගෙන පදිංචිය බලා යන  බවයි එදා ඇය මාධ්‍යට පවසා තිබුණේ.
කෙසේ වෙතත් මේ වන විට ලෝචනා යලිත් ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් රිද්ම පුවත් පතට අදහස් දක්වා තිබෙන ඇය පවසා තිබෙන්නේ කලා කටයුතු සඳහා පැමිණි බවයි.
ලෝචනා ආයෙම ලංකාවට ඇවිත්?
ඔව්. මම හදිසියේම ආවා. මේ දිනවල තිරගත වන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටයේ නිෂ්පාදනයට මගේ සැමියා
සම්බන්ධයි. ඒ චිත්‍රපටය මේ දවස්වල තිරගත වන හින්දා මම ලංකාවට ආවේ එහි කටයුතුවලට තමයි.
මේ ගමනට ඔබේ සැමියා එකතු වුණේ නැහැ නේද?
නැහැ...ලසන්ත එයාගේ රැකියාවේ කටයුතුවල නිරත වෙලා කාර්යබහුල දිවියක් ගෙවන හින්දා මට ඇවිත් මේ වැඩ ටික බලන්න කිව්වා.
මේ පැමිණි ගමනේ ලෝචනා දිගටම ලංකාවේ ඉන්න බව ආරංචියි?
(හිනැහී) සමහරවිට එහෙම වෙන්න පුළුවන්.
ආයෙම කලාවට එකතු වුණා නේද?
ඔව්. මම අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. එකක් රෝහණ සමරදිවාකරගේ “මීදුමෙන් එහා”  අනිත් නාට්‍යය සුමිත් කුමාරගේ “සප්තපාදි”. මේ දවස්වල “මීදුමෙන් එහා” විකාශය වනවා. ඊට අමතරව පුරුදු විදියට නිවේදන කටයුතුවලටත් එකතු වෙන්න හිතාගෙන ඉන්නවා.
එතකොට ඔබේයි ලසන්තගෙයි යුග දිවිය? 
(හිනැහී)  ඒක එහෙමම තියෙනවා. අද තාක්ෂණය දියුණුයි. ‘ස්කයිප්’ එකෙන් අපි දිනපතා හමුවෙනවා. කතා කරනවා. නිවාඩුවක් ලැබුණහම ලසන්තට ලංකාවට එන්න පුළුවනි. මටත් ඉඳහිට නෙදර්ලන්තයට යන්න
පුළුවනි.
විවාහ වෙලා සැමියා සමග නෙදර්ලන්තයට යද්දී ලෝචනා එදා පැවැසුවේ දිගටම එහෙ නතර වන බවයි?
ඔව්. එහෙම තමයි හිතාගෙන හිටියේ. ඒත් මම ගොඩක් සමාජශීලී කෙනෙක්. ලසන්ත වැඩට ගියාම දවසම ගෙවන්නේ හරිම පාළුවෙන් තමයි. චිත්‍රපටයේ කටයුතු හින්දා මට ආයෙම ලංකාවට එන්න අවස්ථාව උදාවුණාම සතුටින් උඩ පැනගෙන ආවේ ඒකයි.
මම පාළුවෙන් ඉන්න බව කලාවට ආස බව ලසන්ත දන්නවා. ලංකාවට ආවට පස්සේ ආයෙම රඟපාන්න එකතුවනවට ලසන්ත කැමති වුණේ ඒ හින්දා...
විවාහ වෙලා රටින් සමුගත්තු ලෝචනා ආයෙම ඇවිත් කලාවට එකතු වුණාම ඒ ගැන විවිධ අදහස් ඇතිවෙන්න පුළුවනි.
කීපදෙනෙක්ම මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවා. මිනිසුන්ගේ මානසික මට්ටම් විවිධයිනේ. මම සැමියා එක්ක තරහ වෙලා ආවද කියලා කෙළින්ම මගෙන් අහපු අයත් හිටියා.
ඒ වගේ අදහස් හින්දා ලෝචනා සැමියාගෙන් වෙන්වෙලා ආවද කියලා කට කතා පැතිරෙන්න ඉඩ තියෙනවා?
මම ෂූටිං ගියාම ලැබෙන විවේකය අනුව ලසන්ත එක්ක ස්කයිප් එකෙන් සම්බන්ධ වෙනවා. ඒක අනිත් අය දකිනවා. ඒ වගේම ඉදිරියේදී ලසන්තත් ලංකාවට ඇවිත් යන්න එයි.


No comments:

Post a Comment

Popular Posts