Asha Edirisinghe Gossip Lanka

තනිකඩ ටෙලි නිළිය මහණ වෙන්න තීරණය කරලා
ikmangossiplanka
ආශා කාලෙකින් පේන්න හිටියේ නැහැ නේ...?
නෑ නෑ, ඔන්න මං අයිත් ළගදිම එනවා..ස්වර්ණවාහිණියේ විකාශය වන ‘හංස පිහාටු’ ටෙලි නාට්‍යයෙන් ළගදිම මගේ රංගනය නැවත බලා ගන්න පුළුවන්.
ඒ නිහඩ බවට විශේෂ හේතුවක් තිබුණද?
ඔව්. පහු ගිය කාලේ මගේ තාත්තා ගොඩක් අසනීප වෙලා හිටියේ. ඒ නිසා ඒ කාලේ මාධ්‍යයෙන් පවා මං ඈත් වුණා. තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා. මගේ හැම දේකදිම ඔහු මගේ පස්සෙන්ම හිටපු කෙනා. ඉතින් පහු ගිය මාස හත අටක්ම මං ඔහු ළගින්මයි හිටියේ. ඒ නිසා පහු ගිය කාලේ
කිසිම වැඩකට සම්බන්ධ වුණේ නැහැ.
ඔබ දිගින් දිගටම නිර්මාණ අතරේ රැක්‍ෂන්නේ නැති රංගන ශිල්පිනියක්?
මට පෞද්ගලිකවම නිර්මාණ හතර පහකට එකවර සම්බන්ධ වෙලා වැඩ කරන්න බැහැ. මම දායක වෙන්නේ එක නිර්මාණයකට වුණත් ඊට උපරිම කැපවීමෙන් චරිතෙට සාධාරණයක් ඉෂ්ට කරන්නයි මට අවශ්‍ය. අනික මගේ නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු එක්කයි මං රංගනයේ නියැලෙන්නේ.
ඒ කියන්නේ ඔබත් සීමා පනවගෙන රංගනයේ යෙදෙන කුලකයට අයත් රංගන ශිල්පිනියක්?
එහෙම සීමා නැහැ. මුල් කාලයේදි තාත්තා කෙහොමටත් කැමැති වුණේ නැහැ මං කලාවට පිවිසෙනවාට. මට තියෙන්නේ මැනේජ්මන්ට් ඩ‍්‍රිග‍්‍රී එකක් නිසා තාත්තාට අවශ්‍ය වුණේ ඒ පැත්තෙන් රැුකියාවක් කරනවාට. නමුත් පසු කාලෙදි ඔවුන් මට ලබා දුන් ඒ අවස්ථාවෙන් ඔවුන්ගේ විශ්වාසය රැුකගෙන ඉන් හරි ප‍්‍රයෝජනයක් ගැනීමට හැකි වීම ගැන මං සතුටුයි. ඉතින් මගේ දෙමාපියන් මාව විශ්වාස කරලා මට ඒ දුන් අවස්ථාව මට සෑහෙන වටිනවා.
දැන් ටෙලි නාට්‍ය කියක විතර රගපාලා තියෙනවාද?
හරිම පොඞ්ඩයි. දහයක් පහළොවක් වගෙයි.
ඒ හැම නිර්මාණයකම ආශා පෙම්වතිය නේද?
ගොඩක්ම ඔව්. මට අවුරුදු එකොළහේදි උප ප‍්‍රධාන චරිතයක් කළා. පෙම්වතියක් වෙන්න තරම් වයස අඩු කාලේදි නංගිලාගේ චරිත වලටත් පණ පොවලා තියෙනවා.
ඔබ හා පේ‍්‍රමණීය චරිතයකට පණ පොවන්න වඩාත් ගැලපෙන රංගන ශිල්පියා කවුද?
එහෙම මට කියන්න අමාරුයි. මේ වෙද්දි සාරංග දිසාසේකර, ජගත් චමිල, පුබුදු චතුරංග සහ රොෂාන් රණවන එක්ක වැඩ කරලා තියෙනවා. ඉන් පෙම්වතුන් ලෙස වැඩිපුරම රගපැවේ සාරංග සහ ජගත් චමිල සමගයි. ඒ හැමෝගෙන්ම විශාල සහායක් ලැබිලා තියෙනවා. මං රංගනය ගොඩක් ප‍්‍රගුණ කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් අනිත් අයගෙන් ඉගෙන ගන්න දේවල් මට බොහොම වැදගත්.
කට කතා මේ ක්ෂේත‍්‍රයට පොදු මාතෘකාවක් ඔබටත් එවැනි අත්දැකිම් තියෙනවාද?
මං නම් දන්නේ නැහැ. හරියට ජිවත් වුණොත් හරි දේ ලැබෙයි. අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. නමුත් වැරැද්ද, වැරැද්ද විදිහට හඳුනා ගැනීමත් ලොකු දෙයක්. ඉතින් ඒ වැරැදි හඳුනගෙන ජීවත්වීම තමයි හොඳම දේ. මම බෞද්ධයෙක්. ඉතින් පව, පින සහ කර්මය තදින්ම විශ්වාස කරනවා. එ නිසා හැකි තාක් වැරදි නොකර ජිවත් වෙන්නයි උත්සාහ කරන්නේ.
ආශා හරිම සංවේදී කෙනෙක් කියන්නේ ඇත්තද?
ඔව්. ඉතින් ඇත්තටම ටිකක් වැඩිපුර සංවේදියි. අනිත් අයගේ හැගීම් ගොඩක් දැනෙනවා. ඒක සමහර වෙලාවට හොඳ නෑ කියලත් හිතෙනවා. මොකද අපි ජිවත් වෙන්නේ හරිම විෂම සමාජයකනේ. ඉතින් මධ්‍යස්ථව ඉන්න එක තමයි හොඳම දේ.
සංවේදී වැඩි නිසයි එහෙනම් ඉක්මනට හිත රිදෙන්නේ?
ඔව්. හිත රිදෙනවා තමයි. සමහර වෙලාවට හිත රිද්ද ගන්න  ඕනේ නැති ඒවාටත් හිත රිදෝ ගන්නවානේ. කලින් කිව්වා වගේ මං සංවේදි පැත්තට ටිකක් බර වැඩි කෙනෙක්නේ. ඒ නිසා අනිත් අය ගැන වැඩිපුර හිතනවා.
හොඳටම හිත රිදුණු අවස්ථාවක් මතකද?
එහෙම කියලා විශේෂයක් නැහැ. එදිනෙදා වෙන දේවල් මිසක්. මොකක් හරි හිත රිදෙන දෙයක් වුණත් බොහොම ඉක්මනට මට එය අමතක වෙනවා.
ඒ නිසාද මහණ වෙන්න කැමැත්තෙන් ඉන්නේ?
නැහැ නැහැ. හිත රිදුණා කියලා මහණ වෙන්න යනවා නම් එය හරි තිරණයක් නෙමෙයි. ඇත්තටම එය නුවණට හුරු නැහැ. මහණ දම කියන්නේ අපි කාටවත් හිතන්නවත් බැරි තැනක තියෙන උතුම් දෙයක්. මහණ වීම කියන්නේ එතනට යන්න  ඕනේ කලකිරීම පාදක කරගෙන නෙමෙයි. ජීවිතය ගැන නිවැරැදි අවබෝධයෙන් යුතුව ගත යුතු තීරණයක්.
ජීවිතය ගැන ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් නම්, කෙනෙකුගේ ජීවිතයේ ලබන ලොකුම භාග්‍යය එයයි. අවාසනාවට අපි ඉන්නේ ඊට ගොඩාක් මෙහා. ඊට භාග්‍යයක් උදා වුණොත් දවසක ඒ අනිත් හැමෝම වගේ මමත් අනිවාර්යෙන්ම ඒ තීරණේ ගනිවි.
ඔබගේ නිෂ්පාදන කටයුතු ගැන නවතම තොරතුරු ටිකකුත් කියමු නේද?
මේ දවස්වල ‘වර්ණ’ කියන ටෙලි නාට්‍යයක නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. අපේ නිෂ්පාදන කණ්ඩායම හැම විටම කළේ වෙනස් නිර්මාණ. ඉතින් ‘වර්ණ’ කියන්නෙත් ‘අළු බඳුන’ වගේම වෙනස් නිර්මාණයක්. ඉතින් මේ වෙනසත් පේ‍්‍රක්ෂකයන් කැමැති වේවි යැයි හිතනවා
-ටානියා මෝසස්-

No comments:

Post a Comment

Popular Posts