Birth Control Side Effects

උත්තෙජක පෙති ගිලින වුන්ට අත්වන ඉරණම​
ලංකාවේ වසරකට ලිංගික උත්තේජක පෙති ලක්ෂ 200ක් අලෙවි වේ!
ikmangossiplanka.com
ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි. එම ඖෂධ, වේදනානාශකයක් වන පැරසිටමෝල් පෙති අලෙවි වන ප්‍රමාණයට සමාන අගයකින් වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි වන බව එහි සභාපති වෛද්‍ය චමීර නිලංග මහතා සඳහන් කළේය. නියමිත මාත්‍රාවට වඩා එම ඖෂධ භාවිතා කිරීමෙන් එහි අතුරු ආබාධ උත්සන්න වී පුද්ගලයෙකු මියයාමටද ඉඩ ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලක
මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය කාලසීමාව තුළ ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කිරීම නිසා හදිසියේ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.
ඊයේ දිනයේදීද මාරවිල - මුහුදුකටුව ප්‍රදේශයේ ලැගුම්හලක සිටි යුවලක් අතුරෙන් 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුරවී මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී යම් අධිශක්තිකරණ ඖෂධයක ඇසුරුමක් හමුවූ බවයි.
අදාළ මරණය එම ඖෂධය භාවිතා කිරීම නිසා සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ikmangossiplanka.com

No comments:

Post a Comment

Popular Posts