Marikkar Blames Dayasiri Lanka Hot News

මරික්කාර් හොරා කිව්වේ දයාට ද ?
ikmangossiplanka.com
රාජ්‍ය අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම හරහා දූෂණ අක‍්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ යටපත් නොවන බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන්ට එල්ල වූ ඇතැම් චෝදනා ඔප්පුකර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළේ දූෂණ සහ අක‍්‍රමිකතා චෝදනා එල්ල වූ පිරිසක් ඇමැති මණ්ඩලය තුළ සිටින බවයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම අමාත්‍ය මණ්ඩලය තුළ දූෂිතයින් සිටියි නම් ඔවුන් පිළිබඳ කරුණු සෙවීම නතර නොවන බවයි. කෙසේ වෙතත් එළෙස චෝදනා එල්ල කරන පුද්ගලයින් නිවැරදි බවට ඔප්පු උවහොත් සියලු චෝදනා අකුලාගතයුතු බවත් මීට ඉහත දී ඇතැම් පිරිස්වලට එල්ල කළ චෝදනා මේවන විටත් ඔප්පු කරගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
තවද ජාතික ආණ්ඩුව ජනවරමට පිටුපා ඇති බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වෙමින් ඇති බව එස්.එම්. මරික්කාර් මහතා ප‍්‍රකාශ කළේය. එයට ද පිළිතුරු දෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඇතැම් මන්ත්‍රීවරු මෙවැනි ප්‍රකාශ සිදු කිරීම වැරදි බවයි. මේ අවස්ථාවේ එකිනෙකාට චෝදනා කරමින් කටයුතු කිරීම උචිත නොවන අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ වැඩපිළිවලට සහයෝගය දැක්වීම සියලු දෙනාගේ වගකීම බවද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Popular Posts