''අපිට දේශපාලනයට එන්න නම්, සැමියා නැත්නම් තාත්තා මැරෙන්නම ඕනි..''
ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මෙරට කාන්තා දේශපාලඥයින් බොහෝමයක් දේශපාලනයට පිවිසෙන්නේ තම සැමියාගේ අභාවයෙන් අනතුරුවය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ළාබාලතම මන්ත්‍රීවරියයි. ඇයද දේශපාලනයට පිවිසනේනේ තම පියාගේ අභාවයෙන් පසුවය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසී ඇය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට විපක්ෂයට එක් වන අතර ඉන් පසු යහපාලනය සඳහා
වූ එක්සත් ජාතික පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කාන්තා චරිතයක් වන රෝසි සේනානායක පරාජයට පත්වෙද්දී මනාප 70,584ක් ලබා එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ දස වැනියා ලෙස ඇය පාර්ලිමේන්තුවට පත් වූවාය.
කාන්තාවන් 13 දෙනෙක් පමණක් නියෝජනය කරන මෙම පාර්ලිමේන්තුවේ කාන්තාවන් හා තරුණ ප්‍රජාවගේ ප්‍රශ්න පිළිබඳ තමන් කටයුතු කිරීමට සුදානම් බවයි බීබීසි ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා ඇත්තේ.
"අද කාන්තාවකට දේශපාලනය එන්න එක්කෝ ඇය ප්‍රසිද්ධ චරිතයක් විය යුතුයි, නැතිනම් තමන්ගේ තාත්තා හෝ ස්වාමි පුරුෂයා මිය යන්න ඕනේ.."
වැඩි වශයෙන් කාන්තාවන් පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා ගෙන ගිය වැඩසටහන් අසාර්ථක වී ඇති බව පැවසූ හිරුණිකා දේශපාලන සංස්කෘතියේ වෙනසකින් තොරව වැඩි කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කරනවා.
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
පෙම්වතියට පහරදුන් තරුණයාට කටුනායකදී මදි නොකියන්න නෙලලා (වීඩියෝ) ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් රුවන් කු...
-
''Hot & Sexy Look එක බලෙන් හදාගන්න බෑ..'' ලංකාවේ රංගන ක්ෂේත්රයේ ඉන්න විවාහක, දරුවන් දෙදෙනෙක් ඉන්න ඇත්ත වයස කොහෙත්ම ...
-
සිසුන් ඉදිරියේ ඇඳුම් ගළවා විද්‍යා පාඩම ඉගැන්වූ ගුරුවරිය (ඡායාරූප - වීඩියෝ) යම් කාරණයක් හොදින් අවබෝධ වීමට හා මතකයේ රැදවීමට යොදා ගන්නා ව...
-
''Game of Thrones'' නිළියක් නිරුවතින් (ඡායාරූප) හොලිවුඩයේ ප්‍රසිද්ධ ටෙලි කතාවක් වන Game of Thrones හි "Daenerys Ta...
-
ගම්මන්පිලට වැඩ වරදී! පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කතානායකවරයාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වර...
-
සිසුවියක් කොල්ලෙක් එක්ක කැලේ රිංගලා රැයක් ගත කළ හැටි කුලියාපිටියේ සිසුවකු සහ සිසුවියක් කැලෑවක රැයක් ගත කළ පුවතක් වාර්තා වනවා. මෙම සිසුවා...

No comments:
Post a Comment