Mahinda Rajapaksa 2014 UN visit

මහින්ද ඇමරිකාවෙ ගිහින් කරපු කෙලි මාට්ටු!
Lanka Mini Gossip
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සිදු කරන ලද සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක් කර ගනු ලැබීම ගැන දෝෂාරෝපන එල්ලවී ඇති මේ අවස්ථාවේදී අපට වාර්තා වන්නේ 2014 අගෝස්තු මාසයේදී මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකාවේ කළ සංචාරයට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට පමණක්
12 දෙනෙකු පමණ සහභාගිවී ඇති බවයි. ඒ සදහා සහභාගිවූ සම්පූර්ණ ගණන 72 දෙනෙකුට වඩා වැඩි බවත්, මෛත්‍රීගේ සංචාරයට ගිය සමස්ථ ගණන 30ක් පමණක් බවයි.හිටපු ජනපති මහින්දගේ සංචාරයට ප්‍රධාන වෛද්‍යවරයා, සහය වෛද්‍යවරුන්, ප්‍රධාන අරක්කැමියා, සහය අරක්කැමියන්, ජනපතිවරයාගේ ප්‍රධාන වේශනිරූපන ශිල්පියා හා සහයක වෙශනිරූපන ශිල්පියා යන පිරිස පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස සහභාගිවී ඇති බවටයි ඊට අදාළ ලිපියක සඳහන් වන්නේ.

    මහින්දගේ සංචාරයේදී එසේ සහභාගිවූ අයට ගෙවන ලද ගෙවීම් පහත දැක්වේ.

    ප්‍රධාන වෛද්‍යවරයා ඩොලර් 20,000
    සහය වෛද්‍ය කණ්ඩායම ඩොලර් 50,00

    ප්‍රධාන අරක්කැමියා ඩොලර් 20,000
    සහය අරක්කැමියන් ඩොලර් 30,000
    ප්‍රධාන වේශනිරූපන ශිල්පියා හා සහයක වෙශනිරූපන ශිල්පියා – ඩොලර් 30,000

අදාල ගෙවීම් සිදු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සජින් ද වාස් මහතා විසින් නිකුත්කරන ලද ලිපිය ද පහත දැක්වේ.

No comments:

Post a Comment

Popular Posts