Nadeesha Hemamali Gossip

මෙහෙම හිටියට කෙල්ල හතර පෝයට සිල් ගන්නවලු
ikmangossiplanka
නදීෂා - නිෂී දෙන්නාගේ මුල්ම හමුවීම?
මගේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකට එයා දවසක් ආවා. එයා නිෂ්පාදනය කරපු “ඇත්කඳ ලිහිණියා” මුල්ම ටෙලි නාට්‍යයේ වැඩක් කර ගන්නයි ආවේ. එදා තමයි මුලින්ම හමුවෙලා කතා කළේ. අපි දෙන්නම එකම ගමේ (බත්තරමුල්ල පැලවත්ත) වුණාට කතා කරල අඳුන ගත්තෙ එදා. ඉන්පස්සේ දැන් අවුරුදු ගාණක් අපි හොඳම යෙහෙළියො.
සමීප ඇසුර තුළින් නිෂී  දකින නදීෂා කොහොම කෙනෙක්ද?
හරිම ධනාත්මක චරිතයක්. හැටියටයි මම නදීෂව දකින්නේ. එයා ජීවිතේ මොනම
ප්‍රශ්නයකදීවත් කඩා වැටෙනව නම් මම දැකල නෑ. ඒ සිද්ධ වෙන දේ අත්දැකීමක් කරගෙන ජීවිතේ ඉස්සරහට යන ගතිය මම නදීෂාගෙන් දකිනවා.
ඒ වගේම ආගම (බුද්ධාගම)ට හරිම භක්තිමත්. ‍පෝයට සිල් ගන්නවා. හැබැයි කිට්ටුම කීප දෙනෙක් ඇර කවුරුත් දන්නෙ නෑ. භාවනා කරනවා. මේ ළඟදීත් ඈත ආරණ්‍යයකට ගිහින් දවස් කීපයක් හිටියා.
ඒත් සමහරුන් කියනවනෙ නදීෂා හේමමාලි ආවේගශීලීයි කියල?
මෙහෙමයි. නදීෂා ආවේගශීලී වෙන්නේ එහෙම නැත්නම් කෝප වෙන්නේ ලොකු අසාධාරණයක් දැක්කාමයි.
නදීෂාගේ රඟපෑම් අතරින් නිෂී කැමතිම රඟපෑම
“ආදරියේ” ටෙලි නාට්‍යයේ කළ රඟපෑමටත්, “ජුලියා” චිත්‍රපටයේ රඟපෑමටත් මම කැමතියි.
නිෂී තෙන්නකෝන් ගීතවල රූප රචනාවල රඟපාන කෙනෙක්නේ. නදීෂාත් එහෙම රඟපෑවා නේද?
ikmangossiplanka

ඔව්. “කඳුළ” ගීතයේ රූප රචනයේ මුලින්ම රඟපෑවානේ. ඒක ගොඩක් ජනප්‍රිය වුණා.
නිෂීගේ රඟපෑම් ගැන නදීෂා මොකද කියන්නේ?
හොඳ තැනදී හොඳ කියනවා. අඩුපාඩු තියෙන තැනදී පෙන්නල දෙනවා. මෙහෙම කළා නම් හොඳයි කියලා කියනවා.
නදීෂා නිෂීට කතා කළේ නැද්ද ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපාන්න?
අපි එකතු වෙලා වැඩක් කරමු කියල කතා වෙලා තමයි ඉන්නේ.
නදීෂාගේ ආදර සම්බන්ධතා ගැන නිෂී එක්ක කතා කරනවාද?
ඔව්, කතා කරනවා.
නිෂීගේ ආදරය ගැන නදීෂා එක්ක කතා කරනවාද?
ඔව්.
මේ අපි කතා කරන මොහොත වෙද්දී නදීෂාට පෙම්වතෙක් නැද්ද ?
නෑ.
වගකීමෙන්ද කියන්නේ ?
(සිනාසෙමින්) ඔව්.
නිෂීට හිතෙන්නේ නැද්ද මේ වෙද්දී නදීෂා විවාහ වෙලා හිටියා නම් හොඳයි කියලා?
ඒකෙ දෙපැත්තක් තියෙනවා. සමහර විට එයා බැඳල හිටිය නම් ලැබෙන කෙනා අනුව මේ ගමන යන්න බාධා වෙන්නත් තිබුණා. තනියෙන් එයා ජීවිතේ ජය අරන් තියෙනවා කියලයි මට හිතෙන්නේ. හරි තීන්දුවක් අරන් නදීෂා විවාහ වෙයි.
සමහර ආදර සම්බන්ධතා නදීෂා අත් හැරියේ ඇයි?
මම හිතන්නේ ඒ අය එයාව රවට්ටන්න හදපු නිසා.
ikmangossiplanka
දේශපාලකයන් සමග සම්බන්ධ කරල නදීෂා ගැන විවිධ කටකතා පැතිරුණා නේද?
ඒව නම් බොරු කතා
නදීෂා තුළින් නිෂී දකින ගුණාංග අතරින් කැමතිම ගුණාංගය මොකක්ද?
මගේ දුක සැප දෙකේදීම ළඟින් සිටීම තමයි. ඒ වගේ මිතුරියක් සිටීම ජීවිතේට ලොකු ආශීර්වාදයක්.
නදීෂා තුළින් නිෂී දකින දුර්වලකම්?
බොහෝ දෙනාව ඕනෑවට වඩා විශ්වාස කිරීම.
රංගනය හැරුණාම නදීෂාගේ වෙනත් හැකියාවන්?
ගායන හැකියාව විශේෂයි. ලස්සනට සිංදු කියන්න පුළුවන්. ඒ වගේම අනුන්ව හිනස්සන්න පුදුම දක්ෂකමක් තියෙනවා.
නිෂී තෙන්නකෝන් නිරූපිකාව ගායිකාවක් බවට පත් කළ සංගීත අධ්‍යක්ෂ සුනෙත් කැලුම්ටම පුළුවන්නේ නදීෂාටත් ගීතයක් හදන්න?
ඔව්, නදීෂා කැලුම්ගේත් හොඳ මිතුරියක්. කැලුම් ළඟදීම නදීෂාටත් සිංදුවක් කරයි.
නදීෂා හේමමාලි නිළිය මතෛක් නොදුටු මොන වගේ චරිතයකින් දකින්න නිෂී කැමති?
යාළුවන්ව හිනස්සන්න දක්ෂ නිසා රසිකයනුත් හොඳට හිනස්සන්න හොඳ විකට චරිතයකින් දකින්න කැමතියි.
නදීෂා සමග ඇසුරේදී අමතක නොවන සිදුවීමක් මතක් කළොත්?
දවසක් අපි ෂොපින් ගියා බඩු වගයක් ගන්න. මෙන්න ඒ කඩේ මුදලාලි
නදීෂට කතා කරනවා දැන්වීමක පෙනී හිටින්න. අපට හිනා.
නදීෂා මිතුරිය ගැන නිෂීගේ තක්සේරුව මොකක්ද?
වටිනාම මිතුරියක් හැටියට හැමදාම මම නදීෂාව අගය කරනවා. අපේ යාළුකම සංසාරෙන් ආපු බැඳීමක් වෙන්න ඇති. හැමදාමත් ඒ යාළුකම නොවෙනස්ව තියේවි. නදීෂා දේශපාලනයට යාම ගැන විවිධ අය මගෙනුත් අහල තියෙනවා. ඒක එයාගේ පුද්ගලික අයිතියක්. මම ඒකට විරුද්ධව කිසිම දෙයක් කියන්නේ නෑ. කලාවෙන් වගේම දේශපාලනයෙනුත් නදීෂා තවත් බොහෝ ඉදිරියට යනවා දකින්න මම කැමතියි.
ikmangossiplanka

ikmangossiplanka

ikmangosssiplanka

No comments:

Post a Comment

Popular Posts