Chathura Senaratne and Kavinda Jayawardana Gossip Lanka

කාවින්ද - චතුර අතර වලිය දරුණු අතට හැරේ!
ikmangosiplanka
කවිංග ජයවර්ධන හා චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආධාර කරුවන් දෙපිරිසක් අතර ඊයේ (14) රාගම රෝහල අසලදී ඇති වූ ගැටුමකදී කැපුම් තුවල සහිතව දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ. කාවිංග ජයවර්ධන එජාපයේ හිටපු ඇමති ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයා ය. චතුර සේනාරත්න රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍රයාය. රාගම ශික්ෂණ රෝහල අසල කවිංග ජයවර්ධන මන්ත්‍රීවරයාගේ සුභ පැතුම් බැනරයක් ආසන්නයේ
චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ සුභ පැතුම් බැනරයක් සවි කිරීමට උත්සාහ කිරීමේදී බහින් බස් වීමක් ඇති වී තිබේ. අනතුරුව චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසට මන්නා පිහිවලින් පහර දී ඇති බව පැවසේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ඉක්මවා යමින් රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍රයා ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකරන ප්‍රචාරක කටයුතුවලට එජාපයේ මන්ත්‍රීවරුන්ගේ බලවත් විරෝධයක් මේ වනවිට මතුවී ඇති බව පැවසේ.

No comments:

Post a Comment

Popular Posts