Seya Sandewmini Viridu Tribute

සේයා නංගිට නිවන් සුව පතා අයියා කෙනෙක්ගෙන් විරිදුවක්! - (වීඩියෝ)
''සේයා නංගිට නිවන් සුව පතනවා... මේ විරිදුව එයාටමයි...'' - සැබවින්ම දෙනෙතට කදුළු උනන වීඩියෝවක්
ikmangossiplanka
හිත්පිත් නැති තිරිසනකු අතින් බරපතල අන්දමින් අපයෝජනයට ලක්කොට ඉතාමත් අමානුෂික අන්දමින් මරා දමා තිබුණු කොටදෙනියාව ''සේයා'' ළදැරිගේ වියෝවෙන් තවමත් මුළු රටම සිටින්නේ කම්පාවෙනි. ඝාතකයා කොටුකරගන්නා තෙක් දෙනෙත් අයාගෙන මුළු ලෝකයක් බලන් සිටින මොහොතක මිලින වී ගිය ''සේයා'' නංගිට නිවන් සුව පතා පුංචි අයියා කෙනෙක් කදුළු උනන විරිදුවකින් යුත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
රටම කම්පාවට පත්කරමින් ඝාතනයට ලක්ව තිබූ සේයා සදෙව්මි පුංචි දියණියගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. ප‍්‍රදේශවාසීන් රැසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට නිවසට පැමිණ තිබුණු අතර ඔවුන්ට මෙම සිදුවීම ගැන තවමත් සිතාගැත නොහැකියි.

පුංචි සදෙව්මිගේ දේහය දකින බොහෝ දෙනෙකුගේ දෑසට කඳුලක් නැගෙන්නේ මෙවන් අකල් මරණයක් මින්මතුවට කිසිවෙකුට සිදු නොවන්නැයි ප‍්‍රාර්ථනා කරමිනුයි.

ඒ අතර පුංචි සේයා නංන්ගියාට නිවන් සුව පතමින් පුංචි මල්ලි කෙනෙක් ඉදිරිපත් කරන විරිදු පන්තියක් අප අතට ලැබුනා. බලන්න මේ කියැවෙන විරිදුවේ වචනයක් වචනයක් පාසා කියවෙන්නේ අපේ රටේ මිනුසුන් අතර තිබෙන නොමිනිස් කම් ගැනයි.

''සේයා නංගිට නිවන් සුව පතනවා... මේ විරිදුව එයාටමයි...''

මුළු ලොවක්ම හඬයි නංගි ඔබ යයි අවසන් ගමනට...
අපිත් පුංචි ළමයි.. අපිද හඬනවා ඔබ නැති සෝකෙට..
නිවසට ආලෝකය ලෙස මිනි පහනක් වුණේ ඔයා...
උදේම පිබිදී සතුටින් පෙර පාසැල වෙතට ගියා...

සම්පූර්ණ විරිදුව ඇතුළත් වීඩියෝව පහලින් බලන්න.

No comments:

Post a Comment

Popular Posts