S.M Ranjith's secrets revealed

රංජිත් මහින්දට හොට්ට පෙරන් ගොට්ට ඇල්ලූ හේතුව හෙළිවේ!
Lanka Mini Gossip
පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේත්, රෙජිමාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වූ පසුවත් ඔහුව යළි අගමැති කරවීම සඳහා පන්සල්, හන්දි ගානේ සංවිධානය කළ බෝධිපූජා ඇතුළු විවිධ දෑ සංවිධානය සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අයවලුන් වූ එස්.එම්. රංජිත් සහ එස්.එම්.චන්ද්‍රසිරි එසේ කැපවීමෙන් කටයුතු කිරීමේ රහස මේ වන විට හෙළිව තිබේ. එවකට උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යංශය සහ එම තනතුර
අවභාවිතාවේ යොදවමින් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සිදු කර ඇති මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති වාර්තාව මගින් හෙළි වී තිබේ. ප‍්‍රධාන අමාත්‍යවරයාගේ පරිහරණයට සහ ආරක්ෂාක කටයුතු වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම වාහන ගණන 3ක් වුවද හිටපු මහ ඇමතිවරයා අදාල සීමාව ඉක්මවා වාහන 15ක් භාවිත කර තිබීම එක් අක‍්‍රමිකතාවක් වන අතර එම වාහන ධාවනය සඳහා රුපියල් පනස් නව ලක්ෂ අසූ නවදහස් හත්සිය හැත්තෑ එකක (රු. 5,989,771) මුදලක් වැය කර ඉන්ධන ලබාගෙන ඇති බවයි අදාළ විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ප‍්‍රධාන ඇමැතිවරයෙකුට හිමි පුද්ගලික කාර්ය මණ්ඩලයේ ප‍්‍රමාණය ඉක්මවා අතිරික්ත කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම සහ අතිරේක කාර්ය මණ්ඩලයේ වැටුප් ගමන් වියදම් සහ අතිකාල වියදම් වෙනුවෙන් රුපියල් අනූහය ලක්ෂ තිස් හතර දහස් එකසිය දහ තුණක් (රු. 9,034,113) වියදම් කර ඇති බවද එහි සඳහන් කර තිබේ.
ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාට රජයේ මුදල් රෙගුලාසි උල්ලංගණය කරමින් රුපියල් හාරදහසක දුරකතන බිල්පතක් ගෙවා ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
2014 වසරේ නොවැම්බර් මස 20වැනි දින සඳහිරු සෑයේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට සමගාමීව පැවැත් වූ දන්සලට රුපියල් හය ලක්ෂ දොලොස්දහස් දෙසිය පනහක (රු. 612,250)භාණ්ඩ මිලදී ගෙන ඇති බවද අදාළ විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා.

No comments:

Post a Comment

Popular Posts