Vishwa Kodikara News

''අපි දෙන්නම හොඳට හිතලයි මේ තීරණය ගත්තේ...''
උපන් දිනය දවසේ විශ්ව පුංචි දූ සිඟිත්තියත් එක්ක කළ පින්කම
lankaminigossip
පසුගිය 14 වෙනිදා අපි තවත් පුන්‍යකර්මයකට සහභාගි වුණා. ඒක උපන්දින සාදයක් වෙනුවට  පැවැත්වුණු පින්කමක් නිසාම අපි බොහොම කැමැත්තෙන් ඒ ගමනට සම්බන්ධ වුණා. මේ උපන්දින පින්කමේ අයිතිකාරයා ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී විශ්ව කොඩිකාර. හැම අවුරුද්දකම අපි විශ්වගේ උපන් දිනය දවසට මේ වගේ පින්කම් කරනවා. විශේෂයෙන්ම දැන් අවුරුදු කීපයකම සිට අපි නැති බැරි පවුලකට දෙකකට ඉඩම් කැබලි ලබාදෙනවා. මෙවරත්
පැවැත් වෙන්නේ ඒ වගේ පින්කමක් තමයි. මේ ගමනට ඇරයුම් ලැබෙද්දීම විශ්වගේ තාත්තා ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර කිව්වා.
ඇයි හැමදාම උපන් දිනේ දවසට ඉඩම් පරිත්‍යාග කරන්නේ? මගේ අක්කර ගානක ඉඩමක් තල්දෙණිය උඩිස්පත්තුවේ පිහිටා තිබෙනවා. මේක මම ව්‍යාපාරයක් හැටියට තේ වගා කළ ඉඩමක්.
දැන් අවුරුදු කීපයක ඉඳලා මට හිතුණා මේ ඉඩමේ ඉඩම් කට්ටි කීපයක් දුප්පතුන්ට ලබා දෙන්න ඕනා කියලා. ඉතින් මම ඔය ගැන විශ්වත් එක්ක කතා කළා. අන්තිමට තමයි අපි දෙන්නම කතා කරලා මේ තීරණයට ආවේ.
මේ කා‍ලේ තාත්තලා පුතාලා ඉඩම්වලට මරා ගන්නවා.
තාත්තලා පුතාලව මරණ අවස්ථා පවා අපි දැකලා තිබෙනවා. නමුත් අපි කවුරුත් හිතන්නේ නැහැ අපි මැරෙන මිනිස්සු කියලා. ඒ නිසාම තමයි මේ සමාජයට ආදර්ශයක් හැටියට අපි මේ වැඩේ පටන් ගත්තේ. මේ වෙද්දී අපි ඉඩම් කැබලි හය හතක් දීලා තිබෙනවා. පද්මසිරි කොඩිකාරගෙන් මඳක් ඈත් වුණු අපි ඊළඟට ළංවුණේ විශ්ව වෙතට.
මම මේ පින්කම කරන්නේ හදවතින්මයි. ඒකට අපේ තාත්තා මට හුඟාක් උදව් කරනවා. විශ්ව කිව්වා.
විශ්ව තමන්ගේ උපන් දිනය වෙනුවෙන් මෙවර ඉඩම් කට්ටි ලබා දුන්නේ සිසිල් ගුණසේකර නම් තරුණ කෙනකුට.
සිසිල්ව අපට හඳුන්වා දුන්නේ රාගම ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා. ඔහු කිව්වා සිසිල් බොහොම හොඳ ගති පැවතුම් තිබෙන කෙනෙක් කියලා. සිසිල්ගේ අම්මා කුඩා කාලයේදීම නැති වෙලා. ඔහු හැදී තිබෙන්නේ දුප්පත් පුංචි අම්මා ළඟ.
ඒ වගේම සිසිල් රාජකාරි කරන්නේ රංගල ‍පොලීසියේ කම්කරුවෙක් විදිහටයි. ඉතින් අපි ඉඩම දුන්නට ‍පොලීසියේ හැමෝම එකතු වෙලා ඔහුට නිවසක් හදලා දෙන බවක් දැන ගන්න ලැබුණා.
සිසිල්ට ඉඩම පරිත්‍යාග කරන පින්කම පැවැත් වුණේ උඩිස්පත්තුව, ගොඩමුන්න ෙශෙලබිම්බාරාමයේදී. එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ තමයි මෙහි ප්‍රධානත්වය ගත්තේ. විශ්ව පුංචි කා‍ලේ හැදී වැඩුණේ මේ පළාතේ. ඉස්කෝ‍ලේ ගියේ, දහම් පාසල් ගියේ මේ ගමේ එදා ඉඳලම මේ දරුවා හැදුණේ යහපත් දරුවෙක් විදිහටයි. ලොකු මහත් වුණා කියලා දැන් වුණත් වෙනසක් නැහැ. ඒ ගති පැවතුම් ඒ විදිහටම තිබෙනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඔය විදියට පුංචි අනුශාසනාවකුත් කළා.
විශ්වගේ උපන් දිනය වෙනුවෙන් පැවැති මේ පින්කමට ඔහුගේ අම්මා තාත්තා එකම සහෝදරිය විතරක් නමෛයි, බිරිඳ එරන්දි වගේම අලුත ඉපදුණ පුංචි දියණියත් සහභාගි වුණා.
එදා මේ උත්සවයට විශ්වගේ ඇරයුමෙන් යොවුන් රංගන ශිල්පී අමිල අබේසේකරත් පැමිණ සිටියා. හැබැයි උත්සවය අතරතුරේදී විතරක් නමෛයි, සමහර අවස්ථාවලදී අමිලට රාජකාරියකුත් පැවරුණා. ඒ තමයි විශ්වගේ පුංචි සිඟිත්තියව බලා ගන්න එක. අමිලත් බොහොම කැමැත්තෙන් දූ සිඟිත්තියව තුරුළු කරගෙන හිටියේ හරියට අනාගත දවසක තමන්ටත් උරුම වන පිය සෙනෙහස පිළිගන්න හිතාගෙන පෙර පුහුණු වෙනවා වගෙයි.
මේ විදිහට එදා දවස බොහොම අපූරුවට ගෙවිලා ගියා.  හැමෝගේම හිත්වල සතුට පිරිලා තිබුණා.
මත්පැන් බිලා, මුළු දවසේම පාටි දාගෙන ඉන්නවට වඩා මෙහෙම දේවල්වලටත් නැඹුරු වෙන එක කොයිතරම් හොඳද? හැමෝම කතා කළේ ඔය විදිහටයි.
මේ පින්කම අපි හැමදාම කරන්න බලා‍පොරොත්තු වෙනවා. පසුගිය කා‍ලේ අපි දුන්නු ඉඩම්වල මිනිස්සු දැන් ගෙවල් දොරවල් හදාගෙන පදිංචිව ඉන්නවා දැක්කම ඇත්තටම දැනෙන්නේ ලොකු සතුටක්
ටෙලි නාට්‍ය රංගන ජීවිතයෙන් තොරව විශ්ව එදා දවසේ අපි එක්ක කතා කළේ මෙන්න මේ වගේ දේවල් ගැන තමයි.
ඡායාරූප : ප්‍රියන්ත ගමගේ සමන් ප්‍රියංකර නම්මුනිගේ

No comments:

Post a Comment

Popular Posts