Chat with Gayathri Dias

''Hot & Sexy Look එක බලෙන් හදාගන්න බෑ..''
Lanka Mini Gossip
ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න විවාහක, දරුවන් දෙදෙනෙක් ඉන්න ඇත්ත වයස කොහෙත්ම පේන්නෙ නැති සුන්දර සරාගී තරුණ පෙනුමක් තියන, තාමත් තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන නිළියක් තමයි ගයත්‍රි ඩයස්.ගයත්‍රිව මුණගැහෙන්න අපි නුගේගොඩ තියන ගයත්‍රිගෙම Salon Gayathri එකට ගියා... රූපලාවන්‍ය කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා හිටපු ගයත්‍රි අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කළේ හරිම කැමැත්තෙන්. මේ තියෙන්නේ ගයත්‍රි අපේ ප්‍රශ්නවලට දීපු
සැහැල්ලු, ගැඹුරු උත්තරවල පළවෙනි කොටස.

★ මේ වගේ සම්මුඛ සාකච්ඡාවලදී ගයත්‍රිගෙන් අහනවට අකමැතිම ප්‍රශ්න මොනාද ?

එකක් තමයි පවුල් ප්‍රශ්න. අනිත් එක තමයි අති පෞද්ගලික ප්‍රශ්න.

★ වයස - 36

★ සම්පූර්ණ නම -  වැකුනගොඩ ගයත්‍රි ඉරෝෂා ඩයස්

★ පාසල - කීපයකට ගියා. අන්තිමටම ගියේ කොල්ලුපිටියේ Methodist College එකට

★ රැකියාව - රඟපෑම, රූපලාවන්‍ය සහ නිවේදිකා


★ ලෝකෙ තියන මේකප් හදන ආයතන ඔක්කොම වැහුවොත් මොකද වෙන්නෙ ?
මේකප් කියන්නේ මේ කාලේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මනාළියන්ට තමයි ලොකුම ප්‍රශ්නෙ ඇති වෙන්නෙ. එතකොට ඉතිං පරණ කාලේ වගේ මේකප් වෙනුවට වෙන විකල්ප දේවල් පාවිච්චි කරයි.

★ තරුණියක් තමන්ගේ hot & sexy look එක වැඩි කරගන්න නම් මොනාද කරන්න ඕනෙ ?
ඒක උපතින්ම එන්න ඕන දෙයක්. Hot & sexy look එක බලෙන් හදාගන්න බෑ. එහෙම බලෙන් හදාගත්තත් ඒකෙ වටිනාකමක් නෑ.

★ Beautiful & Sexy  කියන දෙක උදාහරණවලින් පැහැදිලි කළොත්...
හරි ..... දැන් ප්‍රියංකා චොප්රාගේ මූණ හරිම Sexy.  ඒත් අයිශ්වර්යා රායිගේ මූණ එහෙම නෑ.... ඒත් අයිශ්වර්යා හරිම ලස්සනයි.

★ ලංකවේ කලා ක්ෂේත්‍රයේ කෙනෙක්ව පෙම්වතා විදිහට තෝරගන්නව නම් කාවද තෝරාගන්නෙ?
පෙම්වතා කරගන්න පුළුවන් කෙනෙක් කලා ක්ෂේත්‍රයේ නෑ.

★ බිපාෂා බාසු, සනී ලියෝනි, නයනා කුමාරි, කට්‍රිනා කයිෆ්, යුරේනි නොෂිකා, ජැක්ලීන් කියන අයව sexy look එක අනුව පෙළගස්වන්න ..
1. ජැක්ලීන්
2. බිපාෂා බාසු
3. කට්‍රිනා කයිෆ්
4. සනී ලියෝනි
5. යුරේනි නොෂිකා
6. නයනා කුමාරි

★ හේමාල් රණසිංහ, ටොම් කෲස්, ෂාරුක් ඛාන්, කුමා සංගක්කාර, සන්තුෂ් වීරමන්, කමල් අද්දරආරච්චි කියන අයව කඩවසම් බව අනුව පෙළගස්වන්න
1. ටොම් කෲස්
2. ෂාරුක් ඛාන්
3. හේමාල් රණසිංහ
4. කුමා සංගක්කාර
5. කමල් අද්දරආරච්චි
6. සන්තුෂ් වීරමන්

★ ටයිටැනික් ෆිල්ම් එක සිංහලෙන් කළොත් ජැක්ටයි රෝස්ටයි ගන්න නළුවයි නිළියයි කවුද ?
ජැක්ගෙයි රෝස්ගෙයි චරිත දෙක කරන්න පුළුවන් අය ලංකාවේ නෑ.

★ විවාහය කියන දේ අර්ථකථනය කරන්න
විවාහය කියන්නෙ දරුවන් ලැබීමට තියෙන නීත්‍යනුකූල සහතිකයක් විතරයි

ගයත්‍රි මැරෙන්න කැමති වයස කීයෙදිද? දික්කසාදය ගැන අදහස මොකද්ද? මේ වගේ ගැඹුරු ප්‍රශ්නවලට සැහැල්ලුවෙන් දීපු ආන්දෝලනාත්මක උත්තර ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.





No comments:

Post a Comment

Popular Posts