Udaya Gammanpila in Trouble

ගම්මන්පිලට වැඩ වරදී!
Lanka Mini Gossip
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කතානායකවරයාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී කතානායකවයා අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක වගේ. කතානායක කියන්නේ අගමැතිට ඕන දේවල්. ඒ නිසා කතානායකවරයා තනතුරින්
ඉල්ලා අස්විය යුතු යැයි ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ. පසුගිය 01 වැනි දින නියෝජ්‍ය කතානයකවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව සාක්ච්ඡා කෙරී ඇති අතර ඉදිරි දිනයකදී ගම්මන්පිල මන්ත්‍රීවරයා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය. මීට පෙරද අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදීද එම අවස්ථාවට නොගැලපෙන ලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා සභාගර්භයේදී දෝෂාරෝපණයට ලක්විය.

No comments:

Post a Comment

Popular Posts