Ranjan & Hirunika to Bring Death Penalty to Parliament

ලණුව රන්ජන්ගේ, ගැටය හිරුණිගේ
ම්ලේච්ඡත්වය පාර්ලිමේන්තුවට!
Lanka Mini gossip
එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස තමාට ආරාධනා කළේ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා බව ද ඇය පැවසුවාය. එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ යෝජනාව
සම්මතකර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඡන්ද විමසීමක්‌ අවශ්‍ය යෑයි ද එම ඡන්ද විමසීම ප්‍රසිද්ධියේ සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරිය සඳහන් කළාය. කොටදෙනියාවේදී අමානුෂික ලෙස සේයා සදෙව්මි දැරිය ඝාතනය වීමෙන් පසුව ජනතාව ජනාධිපති ඇතුළු රජයෙන් ළමා අපචාර හා ස්‌ත්‍රී දූෂකයන්ට විරුද්ධව නැවත එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු යෑයි ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

No comments:

Post a Comment

Popular Posts