Twenty Parliamentarians to be Arrested

ආණ්ඩුවේ මැති ඇමතිවරු 20ක් හිරේට​!
Lanka Mini Gossip
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දී විවිධ අයථා ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි බවට චෝදනා එල්ල වී ඇති මැති ඇමැතිවරුන් විසි දෙනකු පමණ ඉදිරි සති කිහිපය තුළ දී අත්අඩංගුවට ගැනෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අතර පුද්ගල ඝාතන, කුඩු-එතනෝල් ජාවාරම්, පොහොර සහනාධාරය ගසා කෑම, ගොවි වන්දි මුදල් ගසා කෑම, රජයේ අරමුදල් ගසා කෑම ආදී චෝදනා ලැබූ පිරිසක් සිටිති. මේ වන විටත් ඊට අදාළ චෝදනා පත‍්‍
ර සූදානම් කර ඇති බවත් ඉන් වැඩි පිරිසක් මේ වන විට ආණ්ඩුවම නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු බවත් පැවසේ. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා අත්අඩංගුවට ගැනුණේ ඔහුට එරෙහිව 1999 වසරේ දී එල්ල වූ ඝාතන චෝදනාවකටය.
මේ සිද්ධිය නිසා කැළඹීමක පසුවන ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී හිතවාදී කණ්ඩායම හෙවත් ‘ශ‍්‍රී ලංකා එක්ස් ටීම්’ කණ්ඩායම පසුගියදා ජනාධිපතිවරයා හමුවී මෙලෙස ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇත. එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ බරපතළ චෝදනා එල්ල වී ඇති නිසා තමාට ඊට හරස් විය නොහැකි බවය.
එසේ නම් එජාප මැති ඇමැතිවරුන් අසූව දශකයේ දී මෙන්ම 2002-2004 අතර ආණ්ඩු කාලයේ දී කළ කී දේවල් සම්බන්ධයෙන් ඇති චෝදනාවලට ද අත්අඩංගුවට ගැනීම් කළ යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ. ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු අත්අඩංගුවට ගැනීම එජාපයේ දේශපාලන සැලසුමක් බවත් පොලීසිය එජාපය විසින් මෙහෙයවන බවත් ඔවුන් චෝදනා කරයි.
රත්නපුර දිසා මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා මාස 9ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන සිටීම ද ගැටලූකාරී වන බවත් මිනීමැරුම් චෝදනාවකට මාස 6කට වඩා තබාගත නොහැකි බවත් මෙම මන්ත‍්‍රී කණ්ඩායම පෙන්වා දෙයි.
කෙසේ නමුත් ජනක බණ්ඩාර මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර ඒ බව ජනාධිපතිවරයා දැනගෙන ඇත. ඒ අනුව මන්ත‍්‍රීවරයාව රෝහල් ගත කිරීමටත් ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ‍්‍රීලනිපයේ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතාට බාර දීමත් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබ ඇත.
තෙන්නකෝන් මහතා අත්අඩංගුවට පත්වීම සැලවීමත් සමඟ පළමුවෙන්ම බැසිල් රාජපක්ෂ පැමිණ සුව දුක් විමසා ඇති අතර පසුව මහින්දවාදී පිලේ කිහිප දෙනකු පැමිණ ඇත. මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන මොහොතේ දුමින්ද සිල්වා මහතා සිටීම නිසා ඔහු වැඩි කතා බහක් නොකර ආපසු ගොස් ඇත.
කෙසේ නමුත් ශ‍්‍රීලනිපයේ එක්ස් ටීම් මන්ත‍්‍රීවරුන්ගේ මැදිහත් වීම මත අත්අඩංගුවට පත් වීමට නියමිත මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කිරීමට ජනාධිපතිවරයා බාරගෙන ඇත.

No comments:

Post a Comment

Popular Posts