Seya's New Murder Suspect

සේයාගේ දෙවන සැකකරු ''කොණ්ඩයා''ගේ සහෝදරයෙක්
Lanka Mini Gossip
කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවන සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන  බව පොලීසිය පවසනවා. ඔහුගේ අනන්‍යතාව ඊයේ (03) පස්වරුවේ පොලීසිය විසින් පළමුවරට අනාවරණ කරනු ලැබුවා. ඔහු මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු යැයි සැලකෙන දුනේෂ් ප‍්‍රියශාන්ත නොහොත් ‘‘ කොණ්ඩයා ’’ නමැත්තාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තෙක්. මෙම සැකකරු
අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශන කටයුතුවලදීයි. ඉකුත් අඟහරුවාදා රාත‍්‍රියේ මීගමුව ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ති ලියනාරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී පැය 72ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමටයි අධිකරණයෙන් අවසර හිමි වුණේ. සිද්ධියේ ප‍්‍රධාන සැකකරු යැයි සැලකෙන කොණ්ඩයා නමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

No comments:

Post a Comment

Popular Posts