Wele Suda Sentenced to Death

''අනේ මට තනියෙන් ඉන්න බැරියෝ..'' - වෙලේ සුදා හිරේදී කෑගහල​
Lanka Mini Gossip
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැන්මේ චෝදනා ලැබීම නිසා පසුගිය සතියේ මරණීය දණ්ඩනය නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා‘ ගෙවුණ වකවානුව තුළ බන්ධනාගාර නිලධාරීන් රාශියකට අල්ලස් වශයෙන් ඊසි කෑෂ් ක‍්‍රමයට මුදල් මිලියන ගණනක් යොමු කර හිරගෙදර සැපපහසු වාතාවරණයකට ඉඩ සලසාගෙන තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වුවත් ඔහුට හිරේදී ලැබුණ රජ සැලකිලි නිසා ඔහු හිරෙන් පිටත සිටියාටත් වඩා හොඳින් සිටි බව
කියැවුණා. කෙසේ වෙතත් මෙම අල්ලස් ගැන ඉහළට වාර්තාවී සිදු කළ විමර්ශන හේතුවෙන් එම සැලකිලි දැන් අඩපණව තිබෙනවා.
මේ වනවිට මරණ දණ්ඩනය නියමව ඇති ඔහුට හිතවත් නිලධාරින් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිටිය හැකි බවට සැකපහළ වීම නිසා ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීමට දැන් සූදානමක්ද තිබෙන බව වාර්තා වුණා.
වෙලේ සුදා දැනට අංක 101 සිරමැදිරියේ රඳවා ඇති බවත් එම ප‍්‍රදේශය තහනම් කලාපයක් බවට පත්කර ඇති බවත් වාර්තා වුණා. කිසිම හේතුවක් නොමැතිව ඔහු සිටින සිරමැදිරියට යැමෙන් වළකින ලෙස බන්ධනාගාර ප‍්‍රධානී සිය නිලධාරීන්ට දැනුම් දී ඇති අතර මේ නිසා වෙලේ සුදාට වෙනදා මෙන් සිටින්නට බැරිව ගොස් ඇත. අඩු තරමේ වෙනත් සගයෙකු හෝ තම සිර මැදිරියේ නොමැතිවීම නිසා පාළු කාමරයේ ගෙවන දිවිය ඔහුට එපාවී ඇත.
මේ නිසා එම සිරමැදිරිය තුළ හුදෙකලාව සිටීමට නොහැකි යැයි ද තවත් රැුඳවියන් දෙදෙනෙකු හෝ තම සිර මැදිරියෙහි රඳවා දෙන ලෙසද ඔහු ‘මට තනියෙන් ඉන්න බැරියෝ..’ යයි කෑගසමින් පවසා තිබෙන බව වාර්තා වුණා.
කෙසේ නමුත් බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ ඉල්ලීමට ඉඩදිය නොහැකි බව පවසා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Popular Posts